×

ඇෆ්ගනිස්ථානයේ අවසන් තලෙයිබාන් විරෝධී බලකොටුව – පංජ්ෂීර් නිම්නයත් නිල වශයෙන් යටත් වෙයි

අද (6) දින තලෙයිබාන් සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ ‘අපරාජිත නිම්නය‘ යැයි නම් ලැබූ පංජ්ෂීර් නිම්නය සම්පූර්ණයෙන්ම යටත් කර ගත් බව නිවේදනය කළේය.


කෙසේ නමුත් පංජ්ෂීර් නිම්නයේ NRFප්‍රතිරෝධී කණ්ඩායම පවසා තිබෙන්නේ නිම්නයේ වඩාත්ම ක්‍රමෝපායික ස්ථානයන් සිය පාලනයේ පවතින බවයි.

සති දෙකක දරුණු සටන්වලින් පසුව නිම්නය ‘සම්පූර්ණයෙන් යටත් කර ගත් බව‘ තලෙයිබාන් සංවිධානය නිල වශයෙන් නිවේදනය කරන්නේ ද මේ අතරතුර ය.

‘‘අද දින අප විසින් සතුරාගේ අවසන් කැදැල්ල ලෙස පැවති පංජ්ෂීර් නිම්නය යටත් කර ගත්තෙමු‘‘ යැයි එහි දැක්වේ.

‘‘පංජ්ෂීර් නිම්නයේ ගෞරවනීය මිනිසුන්ට අප සහතික කරන්නේ කිසිදු වෙනස්කොට සැලකීමකට ඔවුන් ලක් නොවන බව යි. ඔවුන් ද අපගේ සහෝදරයන් ය‘‘ යැයි එහි තවදුරටත් සඳහන් වේ.

මීට පෙර වාර්තා වී තිබුණේ තලෙයිබාන් සටන්කාමීන් 1000 ක් පමණ දෙනා ප්‍රතිරෝධී හමුදාව විසින් එක්කෝ මරා දමා ඇති බව, නැතිනම් ඔවුන් සිරකරගෙන ඇති බව ය.

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබානයට යටත් කර ගත නොහැකි වූ පළාත් 34 න් අවසාන පළාත ලෙස පංජ්ෂීර් නිම්නය පැවතියේය.

මේ අනුව, නිල වශයෙන් ඇෆ්ගනිස්ථානයේ සියලු පළාත්වල පාලනය තලෙයිබාන් සංවිධානය ට නතු වේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ සහ ඡායාරූපවලින් දැක්වනේනේ නිම්නයේ ගොඩනැගිලි අතර ද තලෙයිබාන් සංවිධානයේ ධවල කොඩිය ලෙළ දෙන ආකාරයයි.

පෙර ලිපි

ඇෆ්ගනිස්ථානයේ ‘අපරාජිත නිම්නය‘ තුළ තලෙයිබාන් දරුණු සටන්

කාබුල් නුවරට පැයක දුරින් පිහිටා ඇති ‘‘ඇෆ්ගනිස්ථානයේ අපරාජිත නිම්නය‘‘

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි