×

තලෙයිබානයත් UN අමතන්නට ඉල්ලයි!

තලෙයිබානය අන්තර්ජාතික පිළිගැනීම ලබාගැනීමේ උත්සාහ අත්හැර නැති බව මේ අනුව පැහැදිලි වේ.


ලබන සඳුදා වන තෙක් පැවැත්වෙන ජගත් සංවිධානයේ මහ මණ්ඩල රැස්වීමේදී ලෝක නායකයන් අමතන්නට තමන්ට ද අවස්ථාවක් ලබාදෙන ලෙසට තලෙයිබානය ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම සිදුකර තිබෙන්නේ තලෙයිබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුට්ටාකි විසිනි. ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

මෙම ලිපිය රොයිටර්ස් පුවත් සේවය මගින් ලබාගෙන මුලින්ම පළ කර තිබූ අතර එහි සඳහන් වන අන්දමට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගන් නියෝජිතයා වශයෙන් තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සුහේල් ෂශීන් ව ද නම් කර ඇත.

මෙය, බිඳ වැටුණු ඇෆ්ගන් ආණ්ඩුවේ නිව්යෝක් හි සිටින ජගත් සංවිධාන තානාපති ගුල්හාම් ඉසාසාකිගේ අධිකාරිය ඉක්මවා යාමක් ද වේ.

මේ අනුව දැන් ජගත් සංවිධානයේ සාමාජිකයන් නව දෙනෙකුගෙන් යුක්ත කමිටුවකට, මේ නියෝජනයන් දෙක ද සලකා බැලීමට සිදුවනු ඇත.

තවද පවතින තත්වය අනුව මේ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ මහසභා රැස්වීම අවසන් වන සඳුදා දිනයට පෙර මහසභාව ඉදිරියට කැඳවීමට හැකි වේ ද යන්න ද සැක සහිත වේ.

පෙර ලිපිය

‘‘තලෙයිබානයට ඔබව මෝඩයන් කරන්න ඉඩ දෙන්න එපා!‘‘ ඇෆ්ගන් තරුණියක් UN අමතමින් කියයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි