ජාත්‍යන්තර වශයෙන් මෙතෙක් හුදකලාව සිටි තලෙයිබාන් සංවිධානය කටාර්හි අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි සමඟ හමුවක් පසුගිය මැයිමස 12වන දින තලෙයිබාන් සංවිධානයේ උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්සාඩාගේ මූලිකත්වයෙන් පැවැත්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙය තලෙයිබාන් සංවිධානය බලයට පැමිණීමත් සමඟ පැවැත්වූ ප්‍රථම ජාත්‍යන්තර හමුවයි. කෙසේ වෙතත්, රැස්වීම පිළිබඳ කිසිදු විස්තරයක් හෝ නිල කියවීමක් නිකුත් කර නොමැති අතර කටාර් පුවත් ඒජන්සියට අනුව අල් තානිගේ සංචාරය හරහා ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව සහ සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීම මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අතර සබඳතාවලට පහසුකම් සැලසීමට අමතරව විවිධ පාර්ශව පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන් කෙරේ.
මෙහිදී විශේෂයෙන් කාන්තා අයිතිවාසිකම් සහ පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන්ව තිබිණි.
ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට යටත් වූ දා සිට එක්සත් ජනපදය රටට දැඩි සම්බාධක පනවා ඇති අතර, වාණිජ සීමා කිරීම් සහ එහි වත්කම් කැටි කර තිබිණි.
සශිකලා මධුෂාණී_