×

දශක දෙකක ඇෆ්ගන් යුද්ධයට තිත, තලේබාන් සංවිධානය සහ ඇමරිකාව අතර ගිවිසුමක් !

“මැයි 29 වන විට තලේබාන් සාමාජිකයින් සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් කිරීම” සඳහා ඇෆ්ගනිස්ථාන රජය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සමඟ කටයුතු කරන බව එහි වැඩිදුරටත් දැක්වේ.


මාස 20කට ආසන්න කාලයක් පුරා පැවති සාකච්ඡා වල ප්‍රථිඵලයක් ලෙස ඇෆ්ගනිස්ථාන යුද්ධය අවසන් කිරීම සදහා වන ගිවිසුමකට ඇමරිකාව සහ තලෝබාන් නියෝජිතයින් විසින් අත්සන් කළ බව අල්ජසීරා පුවත් සේවය වාර්ථා කරයි.

2001 වසර සිට ඇමරිකානු මැදිහත්වීම මත ඉතිහාසය තුළ කළ දීර්ඝතම යුද්්‍ය වන ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ආගමික අන්තවාදීන් සහ ඇමරිකා එක්සත් ජනද හමුදා අතර යුද්ධය අවසන් කිරීම මෙම ගිවිසුමේ අරමුණ වෙයි. පසුගිය සෙනසුරාදා දින (ඊයේ) කටාර් රාජ්‍යයේ අග නගරය දෝහා හීදී අත්සන් කළ මෙම ගිවිසුම පාකිස්ථානය, කටාරය,තුර්කිය,ඉන්දියාව,ඉන්දුනීසියාව, උස්බෙකිස්ථානය,සහ ටජිකිස්ථානය යන රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වය මධ්‍යයේ මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුව ඇත. ඒ අනුව ඇමරිකාව ඇෆ්ගින්ස්ථානය තුළ සිටින සිය මුදා සෙබළුන් ක්‍රමයෙන් ඉවත් කර ගනු ඇත.

Taliban/US in Doha

ගිවිසුම අත්සන් කිරීමට පෙර සටන් විරාමයක් සඳහා එක්සත් ජනපදයේ ඉල්ලීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය දිගු කලක් තිස්සේ ගැටෙමින් සිටියහ. දෙපාර්ෂවය අතර අත්සන් කෙරුණ මෙම ගිවිසුම ප්‍රධාන කරුණූ 4කින් සමන්විත වන අතර ඒවා වන්නේ,

  • ඇෆ්ගනිස්ථානයෙන් සියලුම එක්සත් ජනපද හා නේටෝ හමුදා ඉවත් කර ගැනීම සඳහා මාස 14 ක කාල සීමාවක්;
  • එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක් වන දියත් කිරීමේ මාර්ගයක් ලෙස ඇෆ්ගනිස්ථාන භූමිය භාවිතා නොකරන බවට තලේබාන් සහතිකයක්;
  • මාර්තු 10 වන විට ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කිරීම;
  • ස්ථිර හා පුළුල් සටන් විරාමයක්.

යන ඒවාය.

භට පිරිස් ඉවත් කිරීම
ගිවිසුම අත්සන් කිරීමට මිනිත්තු කිහිපයකට පෙර එක්සත් ජනපදය හා ඇෆ්ගනිස්ථාන රජය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයකින් කියැවුණේ එක්සත් ජනපදය සහ නේටෝ භටයන් මාස 14 ක් ඇතුළත ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන බවයි.

එක්සත් ජනපද භටයන් 14,000 ක් සහ නේටෝ හමුදා සහ හවුල්කාර රටවල් 39 ක භටයින් 17,000 ක් පමණ ඇෆ්ගනිස්ථානයේ යුධමය නොවන භූමිකාවක් තුළ ස්ථානගත කර සිටී.

ඒ අතර “එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හමුදා සංඛ්‍යාව 8,600 දක්වා අඩු කරනු ඇති අතර මෙම ඒකාබද්ධ ප්‍රකාශය සහ එක්සත් ජනපද-තලේබාන් ගිවිසුම ප්‍රකාශයට පත්කර දින 135 ක් ඇතුළත එක්සත් ජනපද-තලේබාන් ගිවිසුමේ වෙනත් බැඳීම් ක්‍රියාත්මක කරනු ඇත” යනුවෙන් දෙරට අතර ඒකාබද්ධ ප්‍රකාශය සඳහන් කරයි.

“මැයි 29 වන විට තලේබාන් සාමාජිකයින් සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් කිරීම” සඳහා ඇෆ්ගනිස්ථාන රජය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සමඟ කටයුතු කරන බව එහි වැඩිදුරටත් දැක්වේ.

නමුත් ගිවිසුම සම්බන්ධව අදහස් දක්වන ජාත්‍යන්තර අර්බුද සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොබට් මාලී පවසන්නේ “කිසිදු ගිවිසුමක් පරිපූර්ණ නොවේ. එක්සත් ජනපද-තලේබාන් ගනුදෙනුවද මෙයට ව්‍යතිරේකයක් නොවේ” යනුවෙනි.

“නමුත් එය නියෝජනය කරන්නේ දශක දෙකක කාලයක් පුරා පැවති සහ ගණන් කළ නොහැකි ඇමරිකානු සහ විශේෂයෙන් ඇෆ්ගනිස්ථාන යේ ජන ජීවිත මුහුණ දී සිටි යුද්ධය අවසන් කිරීමේ වඩාත්ම අපේක්‍ෂිත පියවරයි. සැබෑවටම ඇෆ්ගනිස්ථානය තුළ සාමය ශක්තිමත් කිරීම සහ ගොඩනැඟිමට කටයුතු සිදු කළ  යුතුය.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි