×

තලෙයිබාන් ,ඇමරිකා සාකච්ඡා 17 වසරක අැෆ්ගන් යුද්ධය ට විසඳුමක් ගෙනෙයිද?

පසුගිය සිකුරාදා ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානි පවසා සිටියේ 2014 වසරේ සිට මෙම යුද්ධය හේතුවෙන් එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 45000කට වඩා මරා දමා ඇති බවයි.


වසර 17ක් තිස්සේ පැවති ඇෆ්ගනිස්ථාන යුද්ධය නිමා කිරීමේ අරමුණින් ඇමරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර දින 6ක දීර්ඝ සාකච්ඡාවක් පසු ගියදා පැවැත්විණි
දෙපාර්ෂවයේම නියෝජිතයින් කටාරයේදී හමුවූ අතර පැවි සාකච්ඡාව සාර්ථක වූ බව දෙපාර්ෂවයෙන්ම අදහස් පළ වෙමින් තිබේ.

සාකච්ඡා සදහා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් පැමිණි සාල්මේ ඛලීල්සාද් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් දන්වා සිටියේ මෙතෙක් පැවති සාකච්ඡා වටවලට වඩා මෙවර සාකච්ඡා ඵලදායී බවයි.


තලෙයිබාන් සංවිධානයද ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡා වලදී යම් යම් එකගතාවන්ට පැමිණි බවය.
මේ වන තෙක්ම තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ඇෆ්ගන් රජය යනු රූකඩ යැයි අර්ථ දක්වමිනි. ඔවුන් පවසන්නේ තමන් ඇෆ්ගනිස්ථාන රජය හා සාකච්ඡා අරඹන්නටනම් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටත් තර හැරිය යුතු බවයි. ඉන් පසු පමණක් තමන් ඇෆ්ගන් රජය සමග සාකච්ඡා කිරීමට එකග බව තලෙයිබාන් සංවිධනාය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මින් ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකා සෙබළුන් ඉවත් වූ පසු අල් කයිඩා ඇතුළු අනෙකුත් ඉස්ලාම් සංවිධාන ඇමරිකාවට විරුද්ධව ඇෆ්ගනිස්තාන කටයුතු කිරීමට ඉඩ නොදෙන බවට ඔවුන් සූදානමින් සිටී.

පසුගිය සිකුරාදා ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානි පවසා සිටියේ 2014 වසරේ සිට මෙම යුද්ධය හේතුවෙන් එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 45000කට වඩා මරා දමා ඇති බවයි. ඔහුට අනුව පසුගිය වසරේදී පමණක් ඇෆ්ගන් යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ගේ ගණන විසි අට දහසකි.
එමෙන්ම එරට ජනතාවගෙන් හරි අඩක් එනම් මිලියන 15ක් තලේබාන් පාලනය පවතින ප්‍රදේශ වල ජීවත් වන බවද ඒ හේතුවෙන් ඔවුන් යුධ ප්‍රහාර වලට මුහුණ දෙමින් අනතුරු දායක ජීවිත ගත කරන බවටද ප්‍රකාශ කලේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි