×

සුවපත් වෙන්න වසර මිලියනයක් බලා ඉන්න බැහැ – කොවිඩ් උවදුරෙන් පීඩිත ටනීෂා සමුගනිමින් කියයි

මීට වසර දෙකකට පමණ පෙරාතුව ඇය තරුවක්ව පායා එමින් තිබිණ.ඒ ක්‍රීඩා අහසේය.


ඇයට තවමත් අවුරුදු 21 කි. එහෙත් ජීවිතය සයනයට සීමා වූ රෝගියෙකි.මීට වසර දෙකකට පමණ පෙරාතුව ඇය තරුවක්ව පායා එමින් තිබිණ.ඒ ක්‍රීඩා අහසේය. ක්‍රීඩා අහසේ ටෙනිස් කළාපයට වන්නට මතු වෙමින් තිබුණ ඒ තරුව ගැන බොහෝ ක්‍රීඩා විචාරකයින් අනාවැකි කීවේය. මේ වන විට ලෝකයේ විශාල අවධානයක් දිනා සිටින,ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හී 70 වන තැන පසුවන එමා රඩුකානු පවා ටනීෂා දිසානායක නම් වූ මේ තරුවේ දීප්තිය ඉදිරියේ අවපැහැ ගැන් වූ අවස්ථා තිබිණ. ඒත් ඒවා අතීතයට අදාළ සුන්දර කතාය. යළි ඒවා යථාර්තයක් විම සිහින සහ සුරංගනා කතා ය.ටෙනිස් පිටියේ සැබෑ සුන්දරත්වය ඇයගෙන් ඒ තරමටම ඈත් ය.
මට සනීප වෙන්න තව අවුරුදු මිලියනයක් බලා ඉන්න වෙයි.

ඇය අවුරදු 21 දී සිය ක්‍රීඩා ජීවිකයට සමුදෙමින් අවසානයේ ප්‍රකාශ කළාය. සුවපත් වේ යැයි හාංකවිසියක් පේන්න නැති දුරක ඇඳ මත සිට සිහින ක්‍රීඩා සිහින දැකීම ඇය අවසන් කරන්නට තීරණය කර ඇත. 2021 වසරේ කොවිඩ් වෛරසය ආසාධනය වීමෙන් ඇති වූ සංකූලතා නිසා තවමත් පීඩා විඳින සහ එම පීඩාව කවදා නිමා වේ දැයි නොදන්නා සදාකාලික රෝගී තත්ත්වයක් පෙන්වන ටනීෂා සිය සමුගැනීමේ තීරණයට අපහසුවෙන් හිත හදාගෙන තිබේ.

ඇය පුහුණුවෙන්නට උත්සාහ කරන අවස්ථාවේදී ඇගේ හෘද ස්පන්දනය විශ්වාස කළ නොහැකි ලෙස වැඩි වී ඇත. ඇඳෙන් බිමට බසින්නටවත් බැරි තත්ත්වයකට ඇය එක්තැන්ව සිටියි.ඇයට කියවීම පවා වෙහෙසකරය.වෛද්‍ය නිර්දේශ පවා කියවාගන්නේ සිය මව ලවාය. ගිම්හාන නිවාඩුවට සිය පවුල සමඟ ඇය පෘතුගාලයට ගියේ විනෝද වන්නටය.පවුලේ අයටද මේ විඳවීම වේදනාවක් වන්නට ඇති නිසා ඇයව වෙනසකට දුරකට ගෙන ගියත් ඇයට කල් ගෙවන්නට වූයේ රෝද පුටුවකය. ඇය අසළ ඇති අවන්හල්,විනෝදකාමී ස්ථාන ගූගල්වලින් හඳුනාගත්තා හැරෙන්නට නවාතැනින් එළියටවත් යන්නට නොහැකි තරමේ වෙහෙසකින් සහ රෝගී බවින් ඇඳටම වී උන්නාය.

අවුරුදු 16 දි විම්බල්ඩන් කණිෂ්ඨ තරගාවලිය නියෝජනය කරන්නට තරම් දක්ෂතාවලින් වැඩුණු ටනීෂා අවුරුදු 16 ක ටෙනිස් ජීවිතයක් මේ වන විට ගෙවා ඇත.ඒ අතර රටවල් 21 ක තරගකාරී අත්දැකීම් විඳ ඇති ටනීෂා එයින් උකහාගත් දැණුම සහ අත්දැකීම් ගැන මේච්චර යැයි කියන්නට වටිනාකමක් නොදනියි.ඒ ඒවා අගය කරන්නට මිල කරන්නට තරම් බැරි තරමට වටිනා බැවිනි.

සිය ආම්පන්න සමඟ වසර දෙකහමැරකට පෙර ටනීෂා,අලුත් එක්සත් ජනපද ග්‍රෑන්ඩ් ස්ලෑම් සූරිය වූ එම රඩුකානු සමඟ එකම කාමරය,දෙදෙනාගේම අපකණ එකට රඳවමින් බෙදා ගත්තාය. නමුත් එහිදී ඇය දුටු සිහින මේ වන විට ඇස්වල එදා මෙන් දීප්තියෙන් දිඳුළන්නේ නැත. රූරා වැටෙන්නේ කඳුළුය. මතක කඳළු වුව ටනීශා ඒ මතකවලට මිල කළ නොහැකි තරමේ වටිනාකමක් තිබෙන බව පිළිගන්නේය.ඇය ඇඳ මත අද සතටු වෙන්නට, රටවල් 21 න් ගත් මතකවලට වාරු වී තුටු වන්නේය.

ඇතැමුන්ට ඇය ලොව අංක එක දරා සිටි ටෙනිස් ක්‍රීඩිකාවක් වූ මාරියා ෂරාපෝවාගේ සෙවනැල්ලක් විය. නමුත් එසේ ඇය දෙස බලා සිතූ මිනිසුන්ට ද අද ඉතිරිව ඇත්තේ ඒ මතක පමණි.ඇය ඒ සිහින මතක සිහින සේ ඇඳක සිට විඳින අතර ඇයගෙන් හිස් ව ඇති පිටිය දෙස බලාගෙන ඇයගේ ටෙනිස් රසිකයන්ද මතක කඳුළින් දිය කර හරිනු ඇත.

අවුරුදු පහේ සිට ටෙනිස් පිත්ත සහ පන්දුව සමඟ ගෙත්තම් කරමින් තිබුණ ජීවිතය දැන් ලිහී ගොස් අවසන්ය.එයට අවුරුදු 16 ක් ගත වී ඇතත් වයස් 21 ක ඇයට නැවත නැඟිටන්නට අවස්ථාවක් තව අවුරුදු පහකින් එළැඹුණ ද,නැවත ටෙනිස් පිත්ත අතට ගන්න වයසනම් බාධාවක් නොවනු’ ඇත.එසේ හෝ ඇය නැවත ටෙනිස් පිටියට පැමිණෙන්නේනම් ටෙනිස්වලට ආදරය කරන කිසිවෙක් අකමැති නොවනු ඇත. ටනීෂා කොවිඩ් නිසා මේ ලෝකයේ තම සිහින සමඟ මියගිය මිනිසුන් ලකෂ ගණනකට වඩා ඇයට ආදරය කරන ලද මිනිසුන්ට වේදනා දෙමින් අපූරු ටෙනිස් නර්තනයෙන් විතැන්ව ඇඳක් මත හෝ රෝද පුටුවක් මතට වි බලා සිටීම කාට වුව සුබ දසුනක් නොවනු ඇත. ඒ කඳුළු පිසලන්ට ඇයට දෛවය කුමන හෝ මොහොතක ආශිර්වාද කළහොත් යළිත් ටෙනිස් පිටියේ ටනීෂා දිසානායක ගැන කතා කරන්නට බොහෝ වචන සහිත සහ අකුරු සහිත මිනිසුන් ඉතුරුව ඇත.

ඡායාරූප; අන්තර්ජාලය

RM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි