×

නවසීලන්තයේ ලොකුම ග්ලැසියරයෙන් කුට්ටියක් කැඩෙයි

නවසීලන්තයේ විශාලතම ග්ලැසියරය වන ටැස්මන් ග්ලැසියරයෙන් යෝධ අයිස් කුට්ටියක් කඩා වැටී ඇත.


වර්ග කිලෝමීටර 101 ක් දුරට පැතිරී තිබෙන, සැතපුම් 15 ක් පමණ දිග නවසීලන්තයේ විශාලතම ග්ලැසියරය වන ටැස්මන් ග්ලැසියරය – Tasman Glacier  කොටසක් කඩා වැටී තිබේ.

Aerial view of Tasman Glacier and lake
RICHARD BOTTOMLEY

එමගින්, ආරොකි/කුක් ජාතික වනෝද්‍යානයේ පිහිටා තිබෙන මිරිදිය විලක කාලක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම පිරීගොස් තිබෙන බව ද වාර්තා වේ. මෙම මිරිදිය විල උපත ලබන්නේ ද ග්ලැසියරය හේතුවෙනි. 1970 දශකයේදී මුලින්ම මෙම ග්ලැසියරය කඩා වැටීමට පටන් ගත් අවස්ථාවේදී විල නිර්මාණය වී තිබේ. එය, ගෝලී්‍ය උණුසුම ඉහළ යාම පිළිබඳ හඟවන බරපතළ නිදර්ශනයක් සේ ඒ දිනවල සැලකිණි. විල මත අති දැවැන්ත අයිස් කුට්ටි පාවෙමින් තිබෙන බව සංචාරකයෝ පවසති.

View of the Tasman Glacier and lake
The chunks filled about a quarter of the glacier’s meltwater lake |
RICHARD BOTTOMLEY

මේ නිසා විල නැරඹීමට පැමිණෙන සංචාරකයන් හට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද සිදුව තිබේ.

Aerial view of the Tasman Glacier and lake
Large calving events – when ice chunks break off from the edge of the glacier – are said to happen about once every two years |
RICHARD BOTTOMLEY

නවසීලන්තයේ ග්ලැසියර විශේෂඥයන් පවසන්නේ සෑම වසර 2කටම වරක් ග්ලැසියරවලින් මේ අන්දමින් අයිස් කුට්ටි කඩා වැටීම අපේක්ෂා කළ යුතු බවයි. නමුත් නවසීලන්තයේ සවුත් අයිලන්ඩ් හි පිහිටා තිබෙන මේ ග්ලැසියරය, වසරෙන් වසර කුඩා වෙමින් තිබෙන්නේ ගෝලී්‍ය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙසට බව ට විවාදයක් නැත.

Aerial view of the Tasman Glacier and lake
RICHARD BOTTOMLEY


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි