×

ලොව විශාලතම සපුෂ්පිතයෝ… යළි කිසිදාක අප ඔවුන් නොදකිනු ඇත

දිනක අතීතය බවට පත් වන්නට නියමිතව සිටින අපට අපගේ අනාගතය විසින් දොස් නගනු ඇත්තේ මේ සා විනාශයක් කරා මං සළසා නිහඩව බලා සිටි වුන් යැයි අපව වරද කරුවන් බවට පත් කරමිනි.


ටස්මේනියානු අහසට වඩාත් සමීපතම වෘක්ෂයෝ වූ ඔවුහු හිස දැරූ මල් යළිත් කිසිදාක නොපිපෙනු ඇතැයි එදා කිසිවෙකුත් නොසිතන්නට ඇත. එහෙත් අද වන විට මල් පමණක් නොව ඒවා පිපුණූ වෘක්ෂයන්ද මහපොළොව මතට ඇද වැටී ඇත. ලොව විශාලතම සපුෂ්පිත ශාක ඇත්තේ ටස්මේනියාවේය. ටස්මේනියාව යනු ඕස්ට්‍රෙිලියාවට අයත් කුඩා දිවයිනකි.

මෙම වසර ඕස්ට්‍රේලියාව වන සතුන්ට වනාන්තර මෙන්ම ශාකයන්ද මිනිසුන්ටද සුභ දායී වසරක් නොවූයේ දිගින් දිගටම රට පුරා පැතිර ගිය ලැවු ගිනි හේතුවෙනි.  එම ලැවු ගිනි ටස්මේනියානු සපිෂ්පිතයන්ට නොරිදවා සිටිනු ඇතැයි කිසිවෙකුටත් සිතිය නොහැක්කකි.

අර්ව් හී යෝධයා හෙවත් යුකැලිප්ටස් රජු මෑත කාලීනව සිවුදෙසින් පැමිණි සංචාරකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආකර්ෂණයට ලක් කළ ටස්මේනියානු සපිෂ්පිතයන්ගේ නායක වෘක්ෂයයි. නමුත් මෙම වසර ආරම්භයේදීම ජනවාරි මාසයේදී එය මිහි මාතාවට සමුදුන්නේ ද තවමත් ඕස්ටෙුලියාව දවමින් සිටින ලැවු ගිනි හේතුවෙනි. මිය ගිය පසු යුකැලිප්ටස් රජු යෝධයෙකු ලෙස බිම පතිත වී සිටින අයුරු ඡායාරූප ගත කළ ඡායාරූප ශිල්පී ස්ටීව් පියර්ස් පවසන පරිදි මෙම සුවිශාල සපුෂ්පිත ශාකය මිය යන්නට පෙර එය ලොව සුවිශාලතම සපුෂ්පිත ශාකය විය. එය   cubic meters 360ක පරිමාවකින් යුක්ත වූ එනම් දළ වශයෙන් බෝයිං 737-300 යානා තුනක පරිමාවට සමාන වූ පරිමාවකින් යුත් ශාකයකි. එහි උස් මීටර් 87කි. වට ප්‍රමාණය මීටර් 17.2කි . නමුත් අද එය මහ පොළොව මත නිදා සිටින දිරා ගිය මතකයක් පමණකි.

මෙතෙක් ලෝකයේ උසම සහ විශාලතම ශාක වන්නේ කැලිෆොනියාවේ රෙඩ් වුඩ් ශාකයන්ය. එහෙත් බෝර්නියෝ වැසියන් ඊටත් උස යෙලෝ රෙමෙන්ටි සපුෂ්පක යෝධයෙක් නොබෝදා සොයා ගත්හ. එය මෙතෙක් ලොව උසම ගසට වඩා සෙන්ටි මීටර් 20කින් උසය.

කර්මෙන්ඩි රැජින අර්ව් යෝධයාට වඩා අතු පතරින් වැසි ගිය සපුෂ්පාතයෙකි. හ්‍යුරෝන් ගඟ අසල පිහිටා තිබූ දකුණු අර්ධගෝලයේ උසම ගස, මීටර් 100.5 ක යුකැලිප්ටස් රෙජිනස් නැත්නම් සෙන්චූරියන් ද ලැවු ගිනි හේතුවෙන් දරුණු ලෙස හානියට පත්ව ඇත. ගින්නෙන් ඔටුනු ගිලිහී ගිය ඒ වැනිම සපුෂ්පාතයෝ ලැවු ගිනි නිසා දුක් බර ලීලාවෙන් සිටින පරාජිත යෝධයන්ගේ ස්වරූපයෙන් සිටිති.

මීට වසර කිහිපයකට පෙර ඔස්ට්‍රෙලියාවේ විශාලතම රුක්ෂය වූ එමෙන්ම මෙම සිය වස ආරම්භයේදී ලොව විශාලතම සපුෂ්පිත ශාකය සෙ හදුනාගෙන තිබූ ” එල් ග්‍රෑන්ඩ් ” පිහිටා තිබුණේ ෆ්ලෝරෙන්ටයින් නිම්නයේ කිලෝ මීටර් 100ක් දුරින් පිහිටි හෝබාට් හීය. මීටර් 79ක් උසින් මීටර් 19ක වට ප්‍රමාණයකින්
යුත් කියුබික් මීටර් 439 පරිමාවකින් යුත් එල් ග්‍රෑන්ඩ් ගේ අවුරුදු 350ක් පමණ වයසැති අතර 2013 අප්‍රේල් මස ගින්නෙන් දැවී ගියේ හිතාමතාම කිසිවෙකු විසින් ඇති කරන ලද ගින්නක් හේතුවෙනි.

එවැනි වෘක්ෂයෝ සිය ගණනක් මේ මෙහොත වන විටත් ඕස්ට්‍රෙලියාවේ පැතිරෙමින් පවතින ලැවු ගින්නෙන් මෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් ද විනාශය කරා ළගා වෙමින් පවතින්නේය.

ස්වභාවිකත්වයේ උත්කෘෂ්ඨ ප්‍රකාශකයන් වන මෙම සුවුශාල සපුෂ්පිතයෝ භෞතික විද්‍යාවේ සීමාවෙහි හිදින්නේය. ගෝලීය දේශ ගුණීක විපර්යාසයන් හේතුවෙන් මුළු මහත් පරිසරයම මුහුණ දෙමින් සිටින තත්ත්වය පිළීබදව මැනවින් පවසමින් සිටින්නේය. මේ සියල්ලෝම පරිණාමය වූයේ මිනිසා සතු කොන්දේසි යටතේ මුත් යළිත් එසේ නොවනු ඇත. මිනිසා යළිත් එවන් වෘක්ෂයෝ පියවි ඇසින් නොදකිනු ඇත. දිනක අතීතය බවට පත් වන්නට නියමිතව සිටින අපට අපගේ අනාගතය විසින් දොස් නගනු ඇත්තේ මේ සා විනාශයක් කරා මං සළසා නිහඩව බලා සිටි වුන් යැයි අපව වරද කරුවන් බවට පත් කරමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි