×

Taylor Swift ගේ Midnights ඇල්බමයට ස්විෆ්ටියන්ගේ උණුසුම් ප්‍රතිචාර !

මැදියම් රැයට උණුසුමක් රැගෙන එමින් ස්විෆ්ට් ඇගේ නව නිර්මාණාත්මක ගී මුසුව මෙලෙස ප්‍රේක්ෂකයන් අතරට පත් කළ වඟයි!


1989 දෙසැම්බර් මස 13 වන දින උපත ලැබූ ටේලර් ඇලිසන් ස්විෆ්ට් (Taylor Alison Swift) හෙවත් ටේලර් ස්විෆ්ට් ඇමෙරිකානු ගායන ශිල්පිනියක් සේම ගීත පද රචකයෙකි. ඇය 2004 දී Sony/ATV Music Publishing සමඟ ගීත රචනා ගිවිසුමක් සහ 2005 දී Big Machine Records සමඟ පටිගත කිරීමේ ගිවිසුමක් අත්සන් කළාය. 2006 වසරේ දී ඇය තම පළමු ඇල්බමයෙන් එක්සත් ජනපදයේ ප්ලැටිනම් සහතිකය ලත් ඇල්බමයක් නිර්මාණය කල සහ සම-ලිවූ පළමු ගායිකාව බවට එරට දී පත් විය.

ඡායාරූප; Nytimes.com
ඡායාරූප; Wikipedia

මෙසේ ආ ගමන් මගෙහි සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරමින් “Midnights” ඔක්තෝබර් මස 21(ඊයේ) දිනයේ දී එළිදැක්විය.

ඡායාරූප; Twitter

ටේලර් ස්විෆ්ට්ගේ මෙම දසවැනි චිත්‍රාගාර ඇල්බමය එළිදැක්වීමත් සමඟ ලොව පුරා සිටින ස්විෆ්ටියන් ප්‍රීතියෙන් ඉපිල ගිය බවටනම් නොරහසකි. සිත්ගන්නා සුළු පද රචනයන්, කන්කලු නාද රටා වලින් පිරුණු මෙම ඇල්බමය දැනටමත් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා සිටින ඇල්බම අතර වේ.

Midnights ඇල්බමයෙහි ‘Sweet Nothing’ හි සම අයුරින් ගී පද රචනයට ඇයගේ පෙම්වතා වන ජෝ ඇල්වින් ද සම්බන්ධ වී තිබීම විශේෂත්වයකි.

ඡායාරූප; pinkvilla

“Midnights, මගේ ජීවිතය පුරා විසිරී ඇති නිදිවර්ජිත රාත්‍රී 13 ක කතා ගොන්නක් සමඟින් ඔක්තොම්බර් 21 වෙනිදා කරළියට එනවා. මධ්‍යම රාත්‍රියේදී මාව හමුවෙන්න” ටේලර් ස්විෆ්ට් Midnights ලොවට හඳුන්වා දුන්නේ එලෙසිනි.

ඡායාරූප; theasiatoday.com

මෙම ඇල්බමයෙ හි ගැබ්ව ඇත්තේ ;
•Lavender Haze
•Maroon
•Anti-Hero
•Snow on the Beach (Lana Del Rey සමඟ)
•You’re on Your Own
•Kid
•Midnight Rain
•Question…?
•Vigilate Shit
•Bejeweled
•Labyrinth
•Karma
•Sweet Nothing and Mastermind.
යන නිර්මාණයන් 13 කි.

“Surprise Midnights” හි “3am Edition” සමඟින් ස්විෆ්ට් ප්‍රසාද ගීත හතක් එළිදක්වන ලදී.
“Midnights – 3am Edition” ඇතුළත් වනුයේ;
•The Great War
•Bigger than the Whole Sky
•Paris
•High Infidelity
•Glitch
•Would’ve, Could’ve, Should’ve
•Dear Reader
වේ.

තවද, Midnights – Lavender Edition හි
•Hits Different
•You’re on Your Own
•Kid (strings remix)
•Sweet Nothing (piano remix)
යන විශේෂාංග ගැබ් බී ඇත.
එපමණක් නොව, ටේලර් ඇන්ටි-හීරෝ ( Anti-Hero)සඳහා සංගීත වීඩියෝ පටයක් ද මුදා හැර තිබූ අතර, එය දැනටමත් දිනකට අඩු කාලයකදී මිලියන 10 කට අධික නැරඹීම් සංඛ්‍යාවක් ඉක්මවා ඇත.

මැදියම් රැයට උණුසුමක් රැගෙන එමින් ස්විෆ්ට් ඇගේ නව නිර්මාණාත්මක ගී මුසුව මෙලෙස ප්‍රේක්ෂකයන් අතරට පත් කළ වඟයි!

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි