×

ඇමරිකාවේ හය හැවිරිදි දරුවකු තම ගුරුවරයාට වෙඩි තබයි.

ඒ අනුව දරුවාට තුවක්කුව ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පොලිස් විමර්ශණ කටයුතු සිදු වෙමින් පවතියි.


වර්ජිනියාවේ රිච්නෙක් ප්‍රාථමික පාසලේ පන්ති කාමරයක් තුළ සිදුවූ ආරවුලක් හේතුවෙන් හය හැවිරිදි පළමු ශ්‍රේණියේ දරුවකු විසින් 30 හැවිරිදි සිය පන්තිභාර ගුරුවරයාට වෙඩිතබා බරපතල තුවාල කළ බව නිව්පෝට් නිව්ස් නගරයේ පොලිසිය සහ පාසල් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

වර්ජිනියා නීතියට අනුව අවුරුදු හයක ළමයින් වැඩිහිටියන් ලෙස නොසලකයි. ඒ අනුව දරුවාට තුවක්කුව ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පොලිස් විමර්ශණ කටයුතු සිදු වෙමින් පවතියි.

මේ සම්බන්ධයෙන් බොස්ටන්හි ඊසානදිග විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාඥ ජේම්ස් ඇලන් ෆොක්ස්, ස්වදේශ ආරක්ෂක සහ ආරක්ෂාව සඳහා වූ මධ්‍යස්ථානයෙන් ලබා ගත් 1970 දක්වා දිවෙන පාසල් වෙඩි තැබීමේ දත්ත කට්ටල විශ්ලේෂණය කරමින් ප්‍රකාශ කලේ, දත්තවල පාසල් වෙඩි තැබීම් ලැයිස්තුගත කර ඇත්තේ වයස අවුරුදු හත, අට, නවය සහ ඊට වැඩි නමුත් අවුරුදු හයේ ළමයින් සම්බන්ධ නොවන බවත් හය හැවිරිදි දරුවකු වෙඩි තැබීම අතිශය දුර්ලභ බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි