×

ඇපල් අයිෆෝනයට Wireless චාජරයක්

ඇපල් සමාගම විසින් කලකට පෙර හඳුන්වා දුන් AirPower wireless චාජරය එතරම් ප්‍රචලිත වුණේ නැහැ. නමුත් ඔවුන් එයින් පසුබට වී නැහැ. පසුගිය දා Logitech සමාගමත් සමග අත්වැල් බැඳගත් ඔවුන් අයිෆෝනයට විතරක් නෙවෙයි, සියලුම ඇපල් උපාංග සඳහා රැහැන් රහිත චාජරයක් එනම් wireless charger එකක් හඳුන්වා දී තිබෙනවා.


එහි නම Powered. මේක බැලූ බැල්මට ස්ටෑන්ඩ් එකක් මිසක් චාජරයක් විදිහට නම් පෙනෙන්නේ නැහැ. Wireless Charging Stand එකක් විදිහටයි, මේ නිසා මේක හැඳින්වෙන්නේ. අද (අගෝස්තු 07) වැනිදා තමයි, ඔවුන් මේ බව නිවේදනය කළේ.

Phone 8, iPhone 8 Plus සහ iPhone X වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙයට ඇපල් හෑන්ඩ්සෙට් එකත් තිරස් හෝ සිරස් අත යන දෙවිදිහටම ආරෝපණය කර ගන්නට එනම් චාජ් කරගන්නට පහසුකම් සලසා දෙනවා.

මේ චාජින් ඩිවයිස් එකේ මිල ඩොලර් 80 ක්. හරියට ම කිව්වොත් $79.99ක්. ඇපල් සමාගමේ වෙබ් අඩවිය .. හරහා එය ඇණවුම් කිරීමේ පහසුකමත් ඔබට තිබෙනවා.

ඉතින් ඇපල් උපාංගයට ලැබුණු මේ අලුත් ‘තොටිල්ල‘ යන යන තැන ගෙන යා හැකි හුරුබුහුටි එකක්. එයට වොට් 7.5 ක විද්‍යුත් ශක්තියක් තිබෙනවා. ඒ නිසා ඉක්මනින් චාජ් වෙනවා. අංශක 65 ක ආනතියකින් ඇළ වී තිබෙන මේ ‘ඇපල් තොටිල්ල‘ Face ID හෙවත් ඇපල් සමාගම විසින් හඳුන්වා දුන් ‘මුහුණු හඳුනා ගැනීමේ‘ ඔප්ෂන් එක (Face Unlock facial recognition system) සඳහා හොඳම කෝණය බවයි, ඇපල් සමාගම සඳහන් කරන්නේ.

නමුත් හොඳම ආරංචිය මේ කිසිම දෙයක් නෙවෙයි. මේ චාජරය ඇපල් උපාංගවලට විතරක් නෙවෙයි, Qi-certified ඕනෑම ස්මාට් ෆෝනයක් චාජ් කිරීමට පහසුකම් සලසන බවත් ඇපල් සමාගම සඳහන් කරනවා. නමුත් එහිදී එම ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ස්මාට්ෆෝන් ආරෝපණය වෙන්නේ වොට් 5 ක විද්‍යුත් බලයකින්. ඒ කියන්නේ ඇපල් උපාංගයකට වඩා හෙමින්.

Photo credit: Logitech



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි