×

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ටත් කොවිඩ්

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තාවේ.


සිය නිල ට්විටර් වෙබ්අඩවියේ මේ බව ඔහු සඳහන් කර තිබේ.

අද (27) දින් ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වන්නේ කොවිඩ් වල සුළු රෝග ලක්ෂණ දැක්වීම නිසා සිදුකළ පරීක්ෂාවේ දී වෛරසය තමා හට ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත්, තම නිවසේ සියළු දෙනා හටම වෛරසය ආසාදනය වී නොමැති බවත් ය.

ඒ අනුව ස්වයං-නිරෝධානයට යොමුවූ බවද හෙතෙම සිය ට්විටර් පණිවුඩයේ දක්වා සිටී.

ඉකුත් සිකුරාදා (26) වන විට ඉන්දියාවේ කොවිඩ් නව ආසාදිතයින් 59,118 වාර්තා වී තිබූ අතර, එය රට තුළ වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා පැය 24 තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස සැලකේ.

ඉන්දියාවේ බොහෝ කොවිඩ් ආසාදන වාර්තා වී තිබුණේ මහාරාෂ්ට ප්‍රාන්තයෙනි.

ටෙන්ඩුල්කාර් ජීවත් වන්නේ මුම්බායි නගරයේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි