×

අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මට එරෙහිව පෙළ ගැසෙන ඊශ්‍රායල් විරෝධය

අගමැති නෙතන්යාහුගේ නව ප්‍රතිසංස්කරණය මඟින් පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට සහ නීති සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති හැකියාව සීමා කිරීමට බලය ලැබෙනු ඇති අතර අගමැතිවරාට විනිශ්චයකරුවන් පත්කිරීමේ අවසාන හිමිකම ලැබෙනු ඇත.


ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ බෙදුම්වාදී සැලැස්මට හා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුවට එරෙහිව දස දහස් ගනනක් විරෝධතාකරුවන් ටෙල් අවිව් සහ ඊශ්‍රායලය පුරා නගර වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නෙතන්යාහුගේ ආන්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් කරන ලද ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක් බව ඊශ්‍රායල ජාතිකයින් විශ්වාස කරන අතර ඊයේ(22) පැවැති මහජන රැළි වලදී ජනතාව දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණේ පූජනීය උසාවි සියලු මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නම්, ඔවුන් දේශපාලනයෙන් ස්වාධීනව සිටිය යුතු බවයි.

අගමැති නෙතන්යාහුගේ නව ප්‍රතිසංස්කරණය මඟින් පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට සහ නීති සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති හැකියාව සීමා කිරීමට බලය ලැබෙනු ඇති අතර අගමැතිවරාට විනිශ්චයකරුවන් පත්කිරීමේ අවසාන හිමිකම ලැබෙනු ඇත. මීට එරෙහිව පසුගිය මාසයේ පටන් ඇරඹි විරෝධතාවයන් හේතුවෙන් ඊශ්‍රායලයේ ප්‍රධාන නගරයන්ගේ ක්‍රියාකාරීත්වය ඇණ හිට ඇති අතර මෙම අධිකරන ප්‍රතිසංස්කරණ නැවත හකුලාගන්නා මෙන් මහජනතාව අගමැති බෙන්ජමින් නෙතන්යාහුට බලකරමින් සිටියි. එමෙන්ම මේ වන විට දහස් ගණනක් හමුදා නිලධාරීන් සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂප කර ඇති අතර රටේ වෘත්තීය සමිති පවා මහා වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

අගමැති නෙතන්යාහු ප්‍රමුඛ ආණ්ඩුවට විදෙස් නායකයන්ගේද විවේචන එල්ල වෙමින් පවතින අතර එක්සත් ජනපදය ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ මේ තත්වය තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි