×

ISIS නායකයා සිරියාවේදී මරා දැමෙයි, බයිඩන් සජීවී ව මෙහෙයුම නරඹයි

ISIS නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂ්මි අල්-කියුරාෂි මෙයට පැය කිහිපයකට පෙර ඇමරිකානු හමුදා ප්‍රහාරයකින් සිරියාවේදී ජීවිතක්ෂයට පත් විය.


මෙහෙයුම සිදු කරනු ලැබුවේ ඇමරිකානු කොමාන්ඩෝ භටයන් විසිනි. ‘ඩෙල්ටා ෆෝස් ඔපරේටර්ස්’ යන කණ්ඩායමට ඔවුන් අයත් ය.

ඔහුගේ බිරිඳ සහ දරුවන් ද මෙම ප්‍රහාරයෙන් මරණයට පත් ව තිබේ.

ඔවුන් සිටි මහල් නිවාසයේ සිටි සෙසු සිවිල් ජනතාව හැකි ආකාරයෙන් ඉවතට ගැනීමෙන් පසුව විශාල පිපුරුමක් සමග අබු ඉබ්‍රාහිම් අල් හෂිමි සහ ඔහුගේ පවුලේ අයගේ සිරුරු, අවට භූමියට විසි වී ගිය බව සඳහන් කරන්නේ සීඑන්එන් වාර්තාවකි.

අබු ඉබ්‍රාහිම් අල් හෂිමි

එදා 2011 මැයි 2 වැනිදා ඇමරිකානු නේවි සීල් භටයන් පාකිස්ථානයේදී බින් ලාඩන් මරා දමන විට ධවල මන්දිරයේ සිට බරාක් ඔබාමා එය සජීවී ව නැරඹූ අන්දමටම මෙවර ජනපති ජෝ බයිඩන් ද ධවල මන්දිරයේ සිට මෙම සම්පූර්ණ මෙහෙයුම ම සජීවී ව නරඹා තිබේ.

ඇමරිකාවෙන් මෙහෙයුමට සහභාගි වූ කිසිවෙකුට කිසිදු හානියක් සිදු නොවී, ‘තීරණාත්මක ත්‍රස්තවාදී නායකයෙක්’ සාර්ථක මෙහෙයුමකින් ඉවත් කර දැමූ බව පෙන්ටන් පරිපාලනය පසුව සඳහන් කළේය.

මෙය මාස ගණනාවක් තිස්සේ ඔවුන් විසින් සැලසුම් කළ ‌මෙහෙයුමක් බව සඳහන් ය.

බයිඩන්ගේ මෙතෙක් ධුර කාලය තුළ අවසන් කළ වැදගත්ම ත්‍රස්තවාදී ඉලක්කය ලෙස අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි සැලකේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි