×

ටෙස්කෝ සිය ව්‍යාපාර තායිලන්තය හා මැලේසියාවට විකිණීමට සූදානමින්!

මේ මොහොත වන විට මෙය උපායමාර්ගික විකල්පයන් පිළිබඳ අධ්‍යයනයක් පමණි...


බ්‍රිතාන්‍යයේ විශාලතම සුපිරි වෙළඳසැල් දාමයක් වන ටෙස්කෝ (TESCO) පසුගිය දින සිය ව්‍යාපාර තායිලන්තය හා මැලේසියාවට විකිණීමට අපේක්ෂාවෙන් සිටින බව ප්‍රකාශ කර තිබේ.

ලන්ඩනයේ කොටස් වෙළඳපල අමතා කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් ටෙස්කෝ ව්‍යාපාරය ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍යයේ උනන්දුව මත තායිලන්තය හා මැලේසියාව තුළ සිය ව්‍යාපාර ඇති කිරීම සඳහා ඇති උපායමාර්ගික විකල්ප පිළිබඳ සමාලෝචනයක් මේ දින වල සිදුවන බවත්, මෙම ව්‍යාපාර එකී තුළ විකිණීමට ඇති ඉඩකඩ පිළිබඳව අධ්‍යයනයක නිරත වන බවත් ය.

කෙසේවෙතත්, මෙම උපායමාර්ගික විකල්පයන් පිළිබඳව ඇගයීමක් පමණක් දැනට සිදුවන බවත්, මෙමඟින් කිසිවිටක තායිලන්තයේ හෝ මැලේසියාවේ ටෙස්කෝ ස්ථාපිත කිරීම පිළිබඳ ගම්‍ය නොවන බවත් ටෙස්කෝ ව්‍යාපාරය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි