×

තායි රජු, ආරක්ෂක නිළධාරිණිය සිය රැජින ලෙස විවාහ කරගනී

66 හැවිරිදි තායි රජු 2016 වසරේදී සිය පිය රජුගේ ඇවෑමෙන් තායිලන්තයේ සිහසුනට ව්‍යවස්ථානුකූලව පත් විය.


තායිලන්තයේ සිහසුන දරණ මහා වජිරලොන්ග්කොන් රජු පසුගියදා සිය ජනතාව පුදුමයට පත් කරමින් තමන් සිය ප්‍රධාන ආරක්ෂක නිළධාරිණිය විවාහ කරගන්නා බවට නිවේදනයක් නිකුත් කරන ලදී,

66 හැවිරිදි තායි රජු 2016 වසරේදී සිය පිය රජුගේ ඇවෑමෙන් තායිලන්තයේ සිහසුනට ව්‍යවස්ථානුකූලව පත් විය.

ඔහු මින් පෙරද තෙවතාවක් විවාහ වී දික්කසාද වී ඇති අතර එම විවාහයන් ගේ දරුවන් හත් දෙනෙකු සිටියි.

ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් නිකුත් කළ ප්‍රකාශයක් මගින් දන්වා ඇත්තේ ඔහු විසින් සිය ප්‍රදාන ආරක්ෂක නිළධාරිනිය සුතීදා වජිරාලොන්කොන් නා අයූද්‍යා රජුගේ අග මෙහෙසිය ලෙස සුතීදා රැජින ලෙස රජ පවුලේ සාමාජිකාවක් බවට පත් කර ගත් බවයි.

සුතිදා රැජින තායි රජුගේ දිර්ඝකාලීන සහකාරියයි. වජිරලොන්ග්කොන් රජුගේ පිය රජුගේ ධූර කාලය වසර 70ක් වන අතර 2016 වසරේදී ඔහු මිය ගියේ ලොව වැඩිම කාලයක් ධූර දැරූ රජු ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි