×

කෝලි ගේ සොෆියා Thank you

"ඒ වෙලාවෙ මට කතා කළේ දෝනි විතරයි"


සොෆියා ආන්ද්‍රියෙව්නා අප බොහෝ දෙනෙක් දන්නේ මෑතකය.නමුත් ඇය තවුද යන්න දැනගත් දා සිට ඇය කෙරෙහි බැතියෙන් අපේ හිස බරවනු නොවැළක්විය හැකි විය.රුසියානු සාහිත්‍යයේ මහා ගත්කරුවා සොෆියාගේ ආදරණිය ස්වාමි පුරුෂයාය.යුද්ධය හා සාමය නම් දැවන්ත සාහිත්‍යය කෘතිය ලිව් ලියො ටෝල්ස්ටොයිගේ විසිතුරු සාහිත්‍යය ජීවිතය සරසා ඇත්තේ සොෆියාය.

මේ දෙපළට දරුවන් දහතුනක් විය.එයින් අඩක් සිටියද ටෝල්ස්ටෝයිට සාමාන්‍ය තාත්තා කෙනෙක් ලෙස දරුවන් ගැන බලා ගන්නට වූයේනම්…
නමුත් 13 දෙනෙකුගේම වගකීම ටෝල්ස්ටෝයි මත නො’පටවා සොෆියා ටෝල්ස්ටොයිගේ පරිකල්පනයට අසීමාන්තිකව නිදහසක් දුන්නාය.එය කෙනෙක්ට සිතා හැඩ ගැහෙන්නට පුළුවන් ආදර්ශයක් නොවේය.හදවතට දැනෙන්න ඕනි ආදරයක්ය.එසේ බලද්දී සොෆියා, ආදරය වෙනුවෙන් කැපවීම පිළිබඳ පරමාදර්ශයකි.ජීවිත,සමාජය විනිවිද දකින ගැඹුරු චරිත තුළ ටෝල්ස්ටෝයිට කිමිදෙන්නට අවශ්‍යය නිර්මාණ පරිසරය වෙනුවෙන් සොෆියා දැරූ වෙහෙස අමිලය.

ටෝල්ස්ටෝයිගේ සාහිත්‍යය ජීවිතේ පමණක් නොවේය වෙනත් ඕනෑම කේෂ්ත්‍රයක එවැනි පරිමාණයේ විෂය ප්‍රවීනයෙක් ගොඩ නැඟෙන්න සොෆියාලා ඇවසිය.ක්‍රිකට් ක්‍රීඩාවේ සද්ධන්තයෙක්ට වුව ඇත්ත එබඳුය.

විරාට් කෝලි ක්‍රිකට් ආරම්භ කළ දවසේ සිට ක්‍රිකට් ලෝලීන් තුළ විශිෂ්ඨත්වය ගැන සිහින ඇති කළේය.ඔහු සචින්ගේ වාර්තා ඉක්මවා යනු ඇති බවට මත වැසි වැටෙන්නට විය.අඛණ්ඩව කෝලිගේ පිත්ත විශිෂ්ඨ ඉණිම් නිමවන්න විය.එහෙත් එක් තීරණාත්මක මොහොතක කෝලි කෙමෙන් ගමන් කළ කන්දෙන් පහළට රූටා එන්නට විය.

ඒ අසාර්ථක වීම සමඟ කෝලිගේ ලකුණු ගලන පිත්ත පමණක් නොව හිතවතුන් සේ සිටි පිරිස් ද නිහඬ වෙන්නට විය.ඔහු තීරණාත්මක මොහොතේදී නායකත්වය හැර ගියේය.

“ඒ වෙලාවෙ මට කතා කළේ දෝනි විතරයි”

ඒ වචනම පමණක් අහිමිවීම්වලදී සිඳුවන හැරයාම් සහ ඒ ගැන වචන නොවන කම්පනය තේරුම් ගන්නට ප්‍රමාණවත්ය.

RM_LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි