×

”Oscar” හී සොඳුරු දසුන් – හොඳම චිත්‍රපටය ‘Green Book’

හොදම චිත්‍රපටයට - ග්‍රීන් බුක්


මේ මොහත වන විටත් පැවැත්වෙන 91 ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන කිහිපයක් ප්‍රකාශයට පත් විය. ඉදිරිපත් කරන්නෙක් නොමැතිව පැවැත්වූ ප්‍රථම ඔස්කාර් උළෙල මෙයයි.

හොදම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වූයේ ජිම් බර්ක් විසින් අධ්‍යක්ෂණය කළ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළේලේද සම්මානයට පත් ග්‍රීන් බුක් චිත්‍රපටයයි.

හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ලැබුනේ මෙක්සිකානු චිත්‍රපටයක් වූ රෝමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අල්ෆොන්සෝ කොරෝන් හටයි.

“The Favourite” චිත්‍රපටයේ රගපෑ ඔලීවියා කොල්මන් හොදම නිළියට හිමි සම්මානය ලබා ගත්තාය

“Bohemian Rhapsody,” චිත්‍රපටයේ රගපෑ රමී මලික් හොදම නළුවාට හිමි සම්මානය ලබා ගත්තේය. අරාබි ජාතිකයෙකු වන රමී මලික් ඔස්කාර් සම්මානයක් ලබා ගත් දෙවන අරාබි ස්ම්භවයක් ඇති නළුවා බවට පත් වූයේ ලෝරන්ස් ඔෆ් ඇරබියා චිත්‍රපටයේ රගලෑ ඔමාර් ෂරිෆ්ට පසුවයි. ඔහු ඇමරිකාවට සංක්‍රමණය වූ ඊජිප්තු ජාතිකයෙකි.

හොදම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගත්තේ සුප්‍රසිද්ධ ගායිකා ලේඩි ගාගා විසින් . අ ස්ටාර් ඊස් බෝන් චිත්‍රපටයේ ෂැලෝ ගීතය වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරි නැමුණි.


“BlacKkKlansman චිත්‍රපටය වෙනුවෙන් ස්පයික් ලී ජම්ප්ස් හොදම අනුවර්ථනීය චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී, ඔහු මින් පෙර පස් වතාවක් ඔස්කා සදහා යෝජනා වී තිබුණද සම්මානයක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

හොදම වාර්ථා චිත්‍රපටයට හිමි සම්මානය රයිකා සෙන්ටාබ්චි විසින් දිනා ගත් අතර එය කාන්තා ආර්ථවය සම්බන්ධව නිර්මාණය කර තිබීම අති විශේෂ සිදුවූමක් විය . “Period. End of Sentence” නමින් නම්කර තිබූ එම වාර්ථා චිත්‍ර ටය ඔස්කාර් සම්මාන උළේලේ වැඩි කථබහට ලක්වූ චිත්‍රපටයක් විය.

හොදම සහය නළුවාට හිමි සම්මානය ග්‍රීන් බුක් චිත්‍රලටයේ රග පෑ මහෙර්ෂේලා අලී විසින් දිනා ගන්නා ලදී. සිය ජය මෙහෝතේදී ඔහු කියා සිටියේ ” මගේ ජීවිතය පුරාම යමෙක් මට කොදුරනු ඇසුනා පළමු වාවට මම සාර්ථක වෙන්නැහැ.. දිගින් දිගටම උත්සහා කරන්න එවිට ඔබට ඕනෑම දෙයක් ජයගත හැකියි.

හොදම චිත්‍රපට සංස්කරණය සදහා වූ සම්මානය මයිකල් කියොටන් විසින් දිනා ගත්තේය
හොදම ශබ්ද සංස්කරණය සදහා බොහීමියන් රැප්සොඩි චිත්‍රපටයට ජේම්ස් මැකවොයි සහ ඩානී ගුරේයිරා විසින් සම්මාන හිමි කරගත්හ

මෙක්සිකානු අධ්‍යකෂකවරයෙකු වූ අල්ෆෝන්සේ කොරන් විසින් රෝමා චිත්‍රපටය වෙනුවෙන් හොදම නිර්මාණශීලි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය

හොදම චිත්‍රපට ඇදුම් නිර්මාණය වෙනුවෙන් බ්ලැක් පැන්තර් චිත්‍රපටය වෙනුවෙන් රූත් ඊ කාර්ටර් සම්මාන ලබා ගත්තාය.

“If Beale Street Could Talk.” චිත්‍රපටයේ රගපෑ රෙජීනා කින්ග් හේදම සහය නිළිය ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර විය .




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි