BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

කළු කඩයේ සිලිංවලට විකිණෙන කෙන්යාවේ දරුවෝ

“දරුවෙකු වැදීම ඔබෙන් බලාපොරොත්තු වන අතර ඒ දරුවා ද පිරිමි දරුවකු විය යුතු යි. ඉතින් දරුවන් නැති ඔබ කුමක් කරන්නද? ඔබ දරුවකු සොරකම් කරනවා.”

කොතැනක හෝ රෙබෙකා ගේ පුතු අවුරුදු දහයේ උපන්දිනය සමරනු ඇත්ද?  ඔහු ඇය ද ජීවත් වන නයිරෝබිවල සිටින්නට පිළිවන, ඔහු වෙන කොහේ හෝ සිටින්නට ද පිළිවන. ඔහු මිය ගොස් ඇතිවා වන්නට ද පිළිවන. ඒ බව ඇගේ හදවත කියයි. ඇය ඔහු දුටු අවසාන වතාවේ, ලෝරන්ස් ජොසයියා, ඇගේ පළමු දරුවාට වයස අවුරුද්දක් පමණක් විණ. ඇයට දහසයකි. එය 2011 වසරේ මාර්තු මාසයේ රාත්‍රී 2ට පමණ වූ අතර ඈ නගරයේ මිල අඩු මත්ද්‍රව්‍යයක් වන ජෙට් ඉන්ධන පෙඟවූ ලේන්සුවක් ආඝ්‍රාණය කර සිටියා ය.

ඇය ජෙට් ඉන්ධන ලේන්සුව ආඝ්‍රාණය කරන්නේ එය ඈට නාඳුනන පුද්ගලයන් වෙතට ගොස් සිඟා කන්නට ‘ආත්ම විශ්වාසයක්’ ගෙන දෙන නිසා ය. ඇයට වයස අවුරුදු පහළොවක් වූ විට රෙබෙකා ගේ මවට තවදුරටත් ඈව රැකබලා ගන්නට නොහැකි වූයෙන්, ඈ වීදියේ ජීවිතයට හුරු ව සිටියා ය. ඇයට විවාහ පොරොන්දු ගෙන ආ වැඩිමහලු මිනිසා කළේ ඇය ගැබිණි මවක් කොට සැඟව යාම ය. ඉන් පසු අවුරුද්දේ ලෝරන්ස් ජොසයියා උපත ලැබූ අතර, දෑස් පියා ගත් මොහොතක තම පුතු අහිමිවන තෙක් වසරකුත් මාස කීපයක් ඔහු උස්මහත් කළා ය.

“මට තවත් දරුවන් සිටියත්, ඔහු මගේ පළමු දරුවා යි, මා මවක් කළේ ඔහු යි,” රෙබෙකා කඳුළු සඟවමින් කියයි. “සෑම ළමා මධ්‍යස්ථානයක ම ඔහු සෙවූවත් මට ඔහු හමුවූයේ නෑ.”

‘‘කවදා හෝ ඔහු ආපහු ඒවි..‘‘ රෙබෙකා සිය පුතු ගැන බලාපොරොත්තු සහගත ව සිටියි. නමුත් ඇගේ බලාපොරොත්තු ඉටු වේවිද? (BBC)

රෙබෙකා තවමත් නයිරෝබි හි විදීවල ම වෙසෙයි. දැන් ඈට වයස අටක්, හයක් සහ හතරක් වන දියණියන් තිදෙනෙක් සිටිති. ඇගේ බාල ම දියණිය ද උදුරාගනු ලැබුණේ එවකට වසරක් පමණක් වූ ඇය බොන්නට යමක් ඉල්ලනවා යැයි කියමිනි. රෙබෙකා ඔහු පසුපස ගියේ තවත් ගැහැණියක සිටිනා රියක් වෙත ය.

රෙබෙකා ගේ කතාවට සමාන කතාන්දර නයිරෝබි නගරය පුරා ම වීදිවලින් අසන්නට පිළිවන. මෙ ලෙස අනාරක්ෂිත ව දිවි ගෙවන බොහෝ කාන්තාවන් දරුවන් සදහා වන කළු කඩවලට ගොදුරු වන්නෝ ය. වසරක පර්‍යේෂණයකින් පසුව Africa Eye සංවිධානය සොයා ගනු ලැබුවේ, දරුවන් නිවාස නොමැති මව්වරුන් ගෙන් උදුරාගෙන විශාල ලාභවලට නැවත විකුණනු ලැබෙන බව යි. ඔවුන් වීදි සායනවල දරුවන් විකිණීමේ සිට විශාල, රජය විසින් පවත්වාගෙන යනු ලබන රොහල්වල ඇණවුමට සැපැයෙන දරු වෙළඳාම දක්වා අනාවරණය කර ගෙන තිබේ.

රෙබෙකා සහ ඇගේ පුංචි දියණිය. ‘‘ඔබ නිදාගෙන සිටින විට සල්ලිකාර මිනිස්සු දරුවාව හොරකම් කරගෙන යාවි‘‘ (BBC)

මේ ‘දරු හොරු’ අවස්ථාවක් දුටු කල එය ඩැහැ ගන්නා අවස්ථාවාදීන් ගේ සිට සංවිධානාත්මක අපරාධකරුවන් දක්වා වෙනස් වෙති. බොහෝ අවස්ථාවල මේ අංග දෙක ම එක වර ක්‍රියාත්මක වන වේලාවන් ද තිබේ. එ වැනි අවස්ථාවාදීන් අතර, ඇනීටා වැනි කාන්තාවන් සිටිති. ඇනීටා – ඇය දැඩිව මත්පැනට සහ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ වීදියේ ජීවත් වන කාන්තාවකි. ඇය ගේ ජීවනෝපාය වන්නේ රෙබෙකා වැනි වයස අවුරුදු තුනට අඩු දරුවන් සිටින වීදියේ ජීවත් වන මව්වරුන් ගේ දරුවන් සොරකම් කිරීම යි.

අප්‍රිකානු ඇස ඇනිටා පිළිබද සොයා ගනු ලැබුවේ එමා ලෙස තමන් හදුන්වන ඇගේ මිතුරියක් හරහා ය. ඈට අනුව, ඇනිටා දරුවන් සොරකම් කරන විධික්‍රම කීපයක් තිබේ.

“සමහර වෙලාවට එයා ළමයා ගෙ අම්මට කතා කරලා බලනවා, එයා ඇනිටා කරන්න යන දේ දන්නව ද කියලා බලන්න. සමහර වෙලාවට එයා අම්මාට මත්ද්‍රව්‍ය දීලා ළමයාව ගන්නවා. සමහර වෙලාවට එයා ළමයත් එක්ක සෙල්ලම් කරනවා…” එමා කියයි.

“ළමයි හොරකම් කරන ගොඩක් විධි ඇනීටා ගාව තියෙනවා.”

සැක නොසිතෙන ලෙස වීදියේ ජීවත් වන මව්වරුන්ගේ ඇකයෙන් දරුවන් සොරකම් කරනා කාන්තාවක් හසු කර දෙන්නට එමා උදව් කළාය. (BBC)

දරුවකු මිල දී ගන්නට සැරැසෙන්නෙකු මෙන් අප්‍රිකානු ඇස ඇනීටා සමග නයිරෝබි හි තැබෑරුමක හමුවක් සංවිධානය කර ගත්තේ ය. තමන් ගේ ප්‍රධානියා ගෙන් දරුවන් සොරකම් කරන්නට විශාල බලපෑමක් එල්ලවන බව කියා සිටි ඈ මෑතක දී කළ දරු සොරකමක් පිළිබදව ද කියා සිටියා ය.

ඇගේ ප්‍රධානියා දේශිය ව්‍යාපාරික කාන්තාවක බව කියා සිටි ඇනීටා, ඇය අපරාධකරුවන් ගෙන් දරුවන් මිලට ගෙන ඔවුන් ලාභයක් තබා ගෙන විකුණන බව කියා සිටියා ය. ඇතැම් පාරිභෝගිකයෙකු දරුවන් නොමැති කාන්තාවක් වන බව කියන ඈ, ඇතැම් දරුවෙක් බිලි පූජාවකට ගෙන යනු ලබන බව ද කියයි.

“ඔව් ළමයින්ව බිලි පූජාවලට අරන් යනවා. එයාලා වීදියෙන් අතුරුදහන් වුණාට පස්සේ වෙන කොහේදිවත් දකින්න ලැබෙන්නෙ නැහැ.”

මින් සනාථ වූයේ එමා ද ඔවුන් සමග කියූ දෙයකි; එ නම් ඇනීටා විවිධ යාතුකර්ම සඳහා ද දරුවන් විකුණන බව යි.

එය එසේ වන විට, මේ දරු හොරුන් තමා සොරකම් කරන දරුවන් ගේ ඉරණම පිළිබද එතරම් නො තකන බව ද පැහැදිලි ය. ඇනීටා ව්‍යාපාරික කාන්තාවගෙන් දියණියකට නම් ශිලිං 50,000ක් ද, පුතෙකු නම් ශිලිං 80,000ක් ද ලබා ගනියි. මේ පවුම් 350ත් 550ත් අතර ප්‍රමාණයකි. එය සාමාන්‍යයෙන් නයිරෝබි වීදියක දරුවකු විකිණෙන සාමාන්‍ය මිල ගණන් සීමාව යි.

‘අප්‍රිකානු ඇස’ සමග පළමු හමුවෙන් පසුව ඇනීටා දෙවැනි හමුවකට දින දමා ගනියි. මෙ වර ඈ ඔවුන් හමුවට එන්නේ ඇය මාස පහක් වයසැති යැයි හැදින්වූ කුඩා දියණියක ද සමග ය. ඇගේ අම්මා ගේ විශ්වාස දිනා ගත් ඇය දරුවා උදුරාගෙන දිව ආවා ය.

ඇනීටා ඇය ගෙන් දරුවා ශිලිං 50,000කට මිලට ගන්නට පාරිභෝගිකයකු සිටින බව කීවා ය. අප්‍රිකානු ඇස සමග කටයුතු කළ එමා ඇය සමග දරුවා සිලිං 80,000කට මිලට ගන්නට පාරිභෝගිකයකු සිටින බව කීවා ය.

“ඒක හොඳයි,” ඇනීටා කියයි, “එහෙනම් හෙට වැඩේ කරමු.”

ඔවුහු ඇය පසුදා හවස 5ට හමුවන්නට කතිකා කර ගත්හ. දරුවා ගේ ජීවිතය අනතුරක වූ බැවින් අප්‍රිකානු ඇස පොලීසියට ද දැනුම් දුන්න ද ඇනීටා කියූ වේලාවට පැමිණියේ නැත.

ඇනීටා සොයා ගන්නට දැරූ ප්‍රයත්න හමුවේ වුව ඇය සොයා ගන්නට අප්‍රිකානු ඇසට හැකි වූයේ නැත. සති කීපයකට පසු, එමා ඇය සොයා ගත්තා ය. තමා වැඩි මිලට පාරිභෝගිකයකු සොයා ගත් බවත්, දරුවා විකුණා ලබා ගත් මුදලින් නගරයේ පේළි නිවාස ඇති ප්‍රදේශයක තහඩු නිවසක් සාදා ගත් බව ද ඇනීටා එමාට කීවා ය.

ඇනීටා නමින් තවමත් පොලීසියේ විවෘත ලිපි ගොනුවක් තිබේ.

කෙන්‍ යාවේ දරු සොරකම සම්බන්ධයෙන් විශ්වසනීය සංඛ්‍යාලේඛන, රාජ්‍ය වාර්තා හෝ සමීක්ෂණ කිසිවක් නොමැත. සොරකමට ලක් වූ දරුවන් සොයන්නට සහ කළු කඩ පීරන්නට බලය සහිත ආයතනවලට අවශ්‍ය තරමේ සම්පත් හෝ නිලධාරීන් නොමැත. තම දරුවා සොරකමට ලක්වූ විට ඇති ඉතා අවම මට්ටමේ ආරක්ෂණයකින් එකක් ලෙස මර්‍යානා මුන්‍යෙන්ඩෝ විසින් පිහිටුවන ලද මිසිං චයිල්ඩ් කෙන් යා සංවිධානය කටයුතු කරයි. වසර හතරක් තුළ ඔවුන් සිදුවීම් 600ක් සම්බන්ධව කටයුතු කර තිබේ.

නයිරෝබියේ කැයෝල් මුඩුක්කුවේ වෙසෙන දරුවෙක්. ළමා ජාවාරම මෙහි සරුවටම සිදුවන බව පැවසේ. (GETTY)

“මෙය කෙන්යාවේ ඉතා අවම වශයෙන් වාර්තා වන විශාල ගැටලුවක්. මිසිං චයිල්ඩ් කෙන් යා හි අප එහි මුදුණත අතගා තිබෙනවා පමණ යි,” මුන්‍යෙන්ඩෝ කියයි. “මෙම ගැටලුවට සුබසාධනය සම්බන්ධ ක්‍රියා ප්‍රතිචාර සැලැසුම්වල දී පවා මූලිකත්ව දී නැහැ.”

මීට එක් හේතුවක් නම් අගතියට පත්වන බොහෝ කාන්තාවන් රෙබෙකා වැනි හඬක් නොමැති අනතුරට භාජනය වන්නට වැඩි ඉඩකඩක් ඇති කාන්තාවන් වීම යි. මාධ්‍ය අවදානය දිනා ගන්නට සම්පත් හෝ සමාජ ප්‍රාග්ධනය ඔවුන් වෙත නැත.

“අවම වශයෙන් වාර්තා වීම සහ වින්දිතයන් ගේ ආර්ථික තත්ත්වය අතර දැඩි සම්බන්ධයක් තිබෙනවා” මුන්‍යෙන්ඩෝ කියයි. “කොතැනක හෝ ගොස්, ‘හෙයි! කාටහරි මට මගේ නැතිවුණ දරුවා සොයා දෙන්න පුළුවන් ද?’ යැයි කීමට අවශ්‍ය සම්පත්, සම්බන්ධතා හෝ දැනුම ඔවුන් සතුව නැහැ.”

මෙසේ නයිරෝබිහි කළු කඩවල දරු වෙළදාම ඉතා ලාභදායී කටයුත්තක් වන්නට හේතුවන තවත් සංස්කෘතික තත්ත්වයක් ද වෙයි; එනම් දරුවන් නොමැති වීම හෙවත් වඳ භාවය සම්බන්ධයෙන් එරට ඇති දැඩි අපකීර්තිමත් ස්වභාවය යි. “අප්‍රිකානු විවාහයකදී වඳ භාවය ගැහැණියකට හොඳ දෙයක් නොවෙයි,” මුන්‍යෙන්ඩෝ පවසයි. “දරුවෙකු වැදීම ඔබෙන් බලාපොරොත්තු වන අතර ඒ දරුවා ද පිරිමි දරුවකු විය යුතු යි. ඉතින් දරුවන් නැති ඔබ කුමක් කරන්නද? ඔබ දරුවකු සොරකම් කරනවා.”

(ඉතිරි කොටස බලාපොරොත්තු වන්න)


G7 සමුළුව කාටද? මොකටද? ඔබ දැන ගත යුතුම තතු

සාගින්නේ මළත් – ප්‍රොපගැන්ඩාව උතුම් : K- Pop, විදෙස් චිත්‍රපට, ඇඳුම් පැළඳුම් හෝ විදෙස් මාධ්‍ය පරිහරණය කළොත් උතුරු කොරියාවේදී මරණ දණ්ඩනය !

ජනපතිගේ සෙවණට මුවා වූ පරිසර ඝාතකයා – බ්‍රසීල පරිසර ඇමති රිකාඩෝ සාල්ලේස්

ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වසර 2 කට අත්හිටුවයි ! – ”ඊළඟ වතාවෙ ධවල මන්දිරයෙදි බලාගමු” යැයි ට්‍රම්ප් කියයි !

බුර්කිනා ෆාර්සෝ රාජ්‍යයේ 100 දෙනෙකු මරා දැමූ භීෂණයක්

මානව වර්ගයාගෙන් 40%ක් පාරිසරික විනාශයේ ගොදුරු බවට පත් වෙද්දී 2021 ලෝක පරිසර දිනය සැමරේ

මෙවර වෝග් සගරාවේ කවරය සරසන මලාලා

මනුස්ස කමෙන් ලෝකය සොළවන සෙනගාලයේ පාපන්දු පුත්‍රයා – සජියෝ මනේ

error: Content is protected !!
error: Content is protected !!