×

බී බී සී ය විසින් 2019 වසර සදහා ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා නම් කෙරේ – ” ශ්‍රි ලංකාවේ ආශ්චර්යා පීරිස් ගේ නමත් ”ඒ අතර

.


බී බී සී සේවය විසින් 2019 වසර සදහා ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනාගේ ලයිස්තුව එළි දක්වන ලදී. දැනුම, නායකත්වය,නිර්මාණශීලීත්වය, පාරිසරික, කිූඩා, අනන්‍යතාව යන අංශයන් යටතේ ලෝකයේ සෑම රටකින්ම කාන්තාවන් අතරින් මෙසේ බලවත්ම කාන්තාවක් තෝරා ගැනීම සිදු කරයි.

දේශගුණික විපර්යාසයන්ට එරෙහි පාරිසරික ක්‍රියාකාරිණී ග්‍රේටා තන්බර්ග්, වයස අවුරුදු 21 දී පිරිමින් සදහා වන සිර මැදිරියක සිරගත කළ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක වන නිශා අයුබ් , ඔකේසියෝ කොර්ටේස් සොසර් ක්‍රිඩිකා මේගන් ඇතුළු කාන්තාවන් 100 දෙනෙකු නම් කර ඇත.

මේ අතර ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, ජැමෙයිකාව පාකිස්ථානය, ඇප්ගනිස්ථානය,වෙනිසියුලාව. ජපානය ඉන්දියාව සුඩානය ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක කාන්තාවන් ඉහත ක්ෂේත්‍රයන් යටතේ තෝරා නම් කර ඇත.

මේ අතරට ඉන්දීය කාන්තාවන් 7 දෙනෙකු නම් කර ඇති අතර ශ්‍රි ලාංකේය කාන්තාවක් වන ආශ්චර්යා පීරිස්ගේ නමද 2019 වසරේ බලවත්ම කාන්තාවන් ගේ නම් ලයිස්තුවට ඇතුලත් වී ඇත.

2000 වසරේ බෝම්ප පිපිරුමකදී දෙඇස් අන්ධ වූ ආශ්චර්යා එතෙක් බැංකු කෙෂ්ත්‍රයේ රැකියාවක නියාළී ඇත. දෙඇස් නොපෙනීම හේතුවෙන් රැකියාවෙන් සමුගත් ආශ්චාර්යා සිය ජීවිතයේ සාර්ථකත්වය සෙවීම සදහා මෝස්තර නිර්මාණ ශිල්පය හදාරමින් සිය වෘත්තිය එම අංශයෙන් වර්ධනය කර ගන්නීය. සිය දැනුම සහ නිර්මාණශීත්වය උපයෝගී කරමින් දෑසම නොපෙනුනද සහයිකාවකගේ ආධාරයෙන් සිය නිර්මාණ ඇය බිහි කරන්නීය.

සිය දක්ෂතාවයෙන් ශ්‍රී ලංකාවේ මෝස්තර නිර්මාන ශිල්පය හා සම්බන්ධ තරග කිහිපයකදී ඉදිරියට පැමිණී ඇය මේ වන විට ශ්‍රි ලංකාවේ ඇගළුම් ආයතන යන් හී කාන්තාවන් වෙත පෞරුෂ වර්ධන සහ ධනාත්මක සිතිවිල් පිළිබද උපදේශිකාවක ලෙස කටයුතු කරන්නීය.

ගැහැණියක ලෙස සීමාවන් බිද තමන්ගේ සිහින කර යෑමට කාන්තාවන් ධෛර්යමත් කළ කාන්තාවක ලෙස බීබීසී ආයතනය මගින් ලොව බලගතුම කාන්තාවන් 100 දෙනොගේ නම් ලයිස්ථවට ඇගේ නම ඇතුලත් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි