×

විශ්වය ගැන පරණ කථා

විශ්වයේ ආරම්භය වශයෙන් සුලබව පිළිගෙන ඇති මතය වන්නේ “මහා පිපිරුම් වාදයයි”


තවමත් ස්ථිර ලෙසම අදහසක් දැක්විය නොහැකි විවිධ ප්‍රපංචයන් අතරේ විශ්වයේ උපත සබන්ධ අදහසටද දිනෙන් දින විවිධාකාරයේ අලුත් තොරතුරු එක් වෙයි. එමෙන්ම විශේෂයෙන්ම විශ්වයේ උපත පිළිබද අදහසේදී එයට අගමික මුහුණු වර මෙන්ම විද්‍යාත්මක මුහුණුවරක්ද ලැබී ඇත. බුදුදහම තුළ මෙන්ම කිතුණු දහම, ඉස්ලාම් දහම මේ සියල්ලක් තුළම විශ්වය බිහිවූයේ කෙසේ දැයි විවිධා කාරයෙන් සාකච්චා කර ඇත. එ මෙන්ම විද්‍යාත්මක මතවාදයන්ද දිනෙන් දින වර්ධනය වන තාක්ෂණයද මුසු කරමින් වෙනස් වෙමින් පවතී. මේ මූලික කරුණු දෙක හැරෙන්නට විවිධ රටවල ජනයා සිය ඇදහීම්ද, සංස්කෘතීන්ද සමග විශ්වයේ බිහිවීම යන මාතෘකාවට විවිධ අර්ථකථන සපයූහ.

බොහෝ සිද්ධාන්තයන් පිළිබද අදහස් දක්වා ඇති ඊජිප්තු ජාතිකයින් විශ්වය පිළිබදව පවසන්නේ විශ්වයට අධිපති දෙවගන විසින් විශ්වය නිර්මාණය කළ බවයි.ආදි ඊජිප්තවරුන්ට අනුව අධිපති දෙවඟන විශ්වයටම අධිපති වුවාය.පෘථිවියට ඉහලින් වක්‍රව සිටින ඇයගේ හරිරය පුරාම තරු තිළිණ.සෘතුමය වෙනස් විමි ඇතුළුව විශ්වයේ සියළු කටයුතු ඇය විසින් පාලනය කෙරුනු බව හවුහු විශ්වාස කලහ.

අතීත ඇමරිකාවේ දකුනු හා බටහිර ප්‍රදේශ වල ජිවත් වු රතු ඉන්දියානුවො අහස හා චන්ද්‍රයාගේ හැසිරිමි නිරික්ෂණය කළ හ. ඔහුහු මාස 12ක කාලයක් වසරක් ලෙස සැලකු අතර පරිසරයේ ඇතිවන වෙනස්කම්වලට අනුව ඒ ඒ මාසවලට නම් යොදා තිබුණි. උදා-මාර්තු මාසය නම් කළේ හරිත චනද්‍රයා යන නමිනි. ඒ එව මාසයේදී ගහ කොළ දලු ලා පරිසරය හිරිත කොළ වර්ණයෙන් බැබළෙන බැවිනි. වනාන්තරවල ආහාර හිඟ වන වැයි මාසය කුසගිනි චන්ද්‍රයා යන නමින ඔවුහු හැඳින්වූහ.

එංගලන්ත ජාතිකයන් විශ්වයේඅබිරහස් ගැන වමසන්නට වූයේ ක්‍රි .පු.2800-2200කාලයේදිය . සුර්යයාගේ හා චන්ද්‍රයාගේ ගමන් මග නිරික්ෂණය කලෙ ඔවුහු ඒ සඳහා ටොන් 20-50 ක් පමන විශාල කළු ගල් යොදා ගත්හ. එම කළුගල් පිටිටනියකට ගෙන ගොස් වෘත්තාකාර ලෙස සිටුවා නිර්මාණයක් ගොඩ නැඟීය,එයින් පෘථිවියට කෙළින් නැඟී එන සුර්යයා මැනවින් දැක ගන්නට හැකි විය. චන්ද්‍රයා දින 29.5ක් පුරා යන ගමන සම්පුර්ණ මාසයක් ලෙසින් ඔවුන් විසින් සකසන ලදී. එනමුත් වසරකට නියමිත සියලුම දින ගණන එහි අඩංගුව නොතිබු බැවින් ඔවුන් වසරින් වසර නැවත නැවතත් දිනගනන් සකස් කිරිමට සිදුවිය.

අතීත තාරකා විද්‍යාඥයෝ නම් ක්‍රි.පු. 650 සිට ක්‍රි.ව. 1400 අතර කාලයේ ජීවත් වුවන්ය. තේලිස් ක්‍රි.පු. 636-546 පෛතගරස් ක්‍රි.පූ. 570- 540 ඇරිස්ටෝටල් ක්‍රි.පූ. 364-322, ඇරිස්ටාකස් ක්‍රි.පූ. 310-230 , ඉ‍රටොස් තීස් ක්‍රි.පූ. 190-120 ,ටොලම් ක්‍රි.පූ. 150 හයිපශියා ක්‍රි.ව. 375-415 යන පිරිස නූතන තාරකා විද්‍යාවට මාර්ගය සකසා දුන්නෝ වෙති. අතීත තාරකා විද්‍යාඥ පරපුර නමින්ද ඔවුහු හැදින් වෙති.
නුතන තාරකා විද්‍යාඥයින් වන්නේ ගැලීලියෝ ගැලිලි , අයිසැක් නව්ටන් ජොහාන් බෝඩ් , විලියම් හජින්ස් , එෂාප් හොල්, පර්සිවල් ලොවෙල්’ ඇල්බට් අයින්ස්ටයින් , නිකලස් කොපර්නිකස්ටයිකෝ බ්‍රාහේ , ජෝහැන්නස් කෙප්ලර්, එඩ්වින් පවල් හබල්, ශ්‍රීමත් ෆෙඩ් හොයිල් )ආදීන්ය

මහා පිපුරුම් වාදය
විශවයේ ආරම්භය වශයෙන් සුලබව පිළිගෙන ඇති මතය වන්නේ “මහා පිපිරුම් වාදයයි”. එයට අනුව විශ්වය සෑදී ඇත්තේ පදාර්ථ හා විකිරණ වලිනි.
මීට වසර බිලියන ගණනකට පෙර මේ පදාර්ථ හා විකිරණ අධික උෂ්ණත්වයක් යටතේ පිපිරි ගිය අතර එයින් ප්‍රභේද වූ කොටස් තුළින් විශ්වය ආරම්භ වී ඇත. කාලය හා අවකාශය ආරම්භ වන්නේද එතැන් සිටය. මහාපිපිරුම් වාදයට අනුව , පෘළුවිය අයත් සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රභවය සිදුවුයේද ඉන් පසුවයි.

පරිණාමික මූලධර්මය
ප්‍රංශ ජාතික දාර්ශනවාදියෙක් වු රෙනේඩොකාර්ට්ස් මේ පරිණාමික මුලධර්මය ඉදිරිපත් කළේය. ඒ 1644 වර්ෂයේදිය. ඔහුගේ මතය මෙසේය.සුර්යයා හා අනෙක් ග්‍රහ ලෝක ප්‍රභව වීමට මුල් වු ද්‍රව්‍ය ඈත අතීතයේ දී සැදුණු ඒවාය.මේ ද්‍රව්‍ය විශ්වයේ වායු ලෙසට භ්‍රමණය වෙමින් පැවතුණි.පසුකාලයේදී මේවායින් ඝනත්වය වැඩි වායු ධාරාවලින් තාරකා සැදුණු අතර ඝනත්වය අඩු වායු ධාරාවලින් ග්‍රහ ලෝකද ඇති වීය.

පුර්ව සුර්යයා පිපිරි යෑමේ මතය
සූර්යයා යනු තාරකාවකි. අද තාරකා පවතින්නේ සමුහ වශයෙනී . එම තාරකා අතර විහාල ලෙස පුපුරා යන තාරකාද දක්නට ලැබේ විශාල තාරකා වල මධ්‍යයේ (මැද)සඅදු වු අධික න්‍යෂ්ටික ප්‍රතික්‍රියා නිසා ඒවා පුපුරා යයි.

එම පිපිරිම් වලදී තාරකාවල තිබෙන විකිරණශිලි මූලද්‍රව්‍ය හා තරකා සෑදී තිබු ද්‍රව්‍ය එක් තාරකාවක් වටා වලාකුළු ලෙස සැදුනි. මේවා “සූර්ය නිහාරිකාවක්” ලෙසින් හඳුන්වයි. එසේ ඇතිවු වලාකුළු මගින් කාලයක් යෑමේදී සූර්යයාත් ගහ්‍ර ලෝකයත් ඇත වී ඇත. චක්‍රාවාට යනු විශ්වයේ කෙළවරක් දැකිය නොහැකිය.විශ්වය සමන්විත වන්නේ චක්‍රාවාට රාශියකිනි. චක්‍රාවාටයක් යනු තරු හා ග්‍රහලෝක කෝට් සංඛ්‍යාවක් අඩංගු ව්‍යුහයකි. මේ චක්‍රාවාට විවිධ හැඩ ගනී.අපේ පෘථිවිය අඩංගු චක්‍රාවාටය පැතලි තැටියක හැඩයක් ගනී.එය නම් කර ඇත්තේ කෂීරපථය නමිනි. මෙහි තරු බිලියන සියයක් පමණ ඇත.

විශ්වයේ පරිණාමය පිළිබව කථා කරන විට ඊටම අදාළ තවත් විශේෂ මාතෘකා කිහිපයක් වෙයි. කෂීරපථය, තාරකා, ග්‍රහලෝක, ආලෝක වර්ෂය මේ ආදී වූ මාතෘකා ද විශ්වය සම්බන්ධව සුවිශේෂී වේ.

කෂීරපථය
කෂීරපථයේ ප්‍රධාන ව්‍යුහ දෙකක් දක්නට ඇත. එනම් වළලු ආකාරයට සෑදුණු තරු සංගම් හා වායු හා දුවිලිවලින් සැදුණු නිහාරිකාය.කෂීරපථයේ විශාලත්වය සොයා ගන්නා ලද්දේ 1917 දිය. ඒ හාර්ලෝ ෂෙප්ලි නම් විද්‍යාඥයා විසිනි.

තාරකා හා ග්‍රහ ලෝක
තාරකාවක් යනු එය ඇතුළතින්ම නිපදවන ආලෝකය (ශක්තිය) නිකුත් කරන ග්‍රහ වස්තුවකි.අපගේ හිරු එවැනි තාරතාවකි. ග්‍රහලෝකයක් යනු ග්‍රහලෝක තාරකාවල ආලෝකය ලබාගෙන පරාවර්තනය කරයි. එමෙන්ම අවශ්‍ය ශක්තියද තාරකා වලින් ලබා ගනී.

අලෝක වර්ෂය
ආලෝක වර්ෂයක් යනු වර්ෂයක් තුළදී ආලෝකය ගමන් කරනු බලන දුර ප්‍රමාණයයි. ආලෝකය ගමන් කරනු ලබන දුර ප්‍රමාණයයි.ආලෝකය තත්පරයකට කි.මී.297600 පමණ දුර ගමන් කරයි. එනම් සැතපුම් 1,86,00 කී.

නූතන තාක්ෂණයේ දියුණුවත් සමග මෙම අදහස් වලින් පෝෂණය ලබා ඇති තාරකා විද්‍යාව නව මානයන් කර යොමු වෙමින් සිටිති. පසු ගිය දිනක විශ්වයේ එක් කොණක සිට ආ ශබ්ද තරංගයක් පෘථවියේ රේඩාර් යන්ත්‍ර මඟින් ග්‍රහණය කර තිබුණි. එමෙන්ම චීනය විසින් චන්ද්‍රයාගේ අඳුරු පෙදෙසට ප්‍රථම වතාවට මෙහෙයුම් සඳහා අජඨාකාශ යානයක් යැවූ අතර සුළු වෙළාවකට වුවද සඳ මත ශාකයකට උපත දෙන්නට සමත් විය. ලෝකය වේගයෙන් දිව යයි. විශ්වය ගැන අතීත විත්ත මෙන්ම වත්මන් විත්තිද සදාකාලික සිත් අදහාගත නොහැකි ඒවාය. විශ්වය ගැන අලුත් අදහස් තවත් ලිපියකින් අප ගෙන එන්නට බලාපොරෝත්තු වෙමු.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි