×

සිය දියණියද කැටුව අවසන් ගමන් ගිය පැසි පන්දු පිටියේ ”බ්ලැක් මම්බා” කෝබි බ්‍රයන්ට්

''වැදගත්ම දෙය නම් අවශ්‍ය ඕනෑම දෙයකින් තමන්ට විශිෂ්ඨයෙකු විය හැකි පරිද්දෙන් උත්සාහ කිරීම සදහා මිනිසුන් දිරිමත් කිරීමයි'' - කෝබි බ්‍රයන්ට්


කෝබි බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය නොදන්නා පැසිපන්දු ලෝලියෙක් මිහිමත නැති තරම්ය. ඒ සියල්ලන්ටම නෙතට කඳුළක් එක් කරමින් ඔහු අද ලෝකයෙන් සමුගත්තේ සුපුරුදු පරිදි ආ ගිය ගමන් ගිය සිය දියනිය ජියානාද සමගිනි.

සිය දියණිය සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩා සදහා සහභාගී වීමට යමින් සිටින අතර තුර 41 හැවිරිදි කෝබි සහ දියණියද තවත් අට දෙනෙකුද ගමන් ගත් හෙලිකොප්ටරය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබෑසස් නගරය ආසන්නදී අනතරට ලක්විය එහිදී තවත් පිරිසක් සමග ඔහු සහ දියණිය ජීවිතක්ෂයට පත් විය.

ඔහුගේ මෙම හදිසි සමුගැන්ම “මෙය හුදෙක් ලොස් ඇන්ජලීස් නගරයට සිදු වූ අහිමිවීමක්. එය පැසිපන්දු ක්‍රීඩාවට සිදුවූ අහිමිවීමක් හෝ ඇමරිකා එක්සත් ජනපදයට සිදුවූ අහිමි වීමක් පමණක්නම් නොවන්නේ ඔහු මනුෂ්‍යත්වය ගැන ලෝකයට පාඩම් කියා දී ඇති අයෙකු බැවිනි.

Image result for kobe bryant

ඔහු සමග මිය ගිය 13 හැවිරිදි දියණිය ජියානා හැරෙන්නට ඔහු තවත් දියණියන් තිදෙනෙකුගේ පියෙකි.
බැලැක් මම්බා යන අන්වර්ථ නාමයෙන් ලොස් ඇන්ජලීස් NBA පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයන් හා පැසිපන්දු ලෝකයේ ප්‍රචලිත වූ කෝබිගේ පියාද ක්‍රීඩකයෙකි. ඔහු ජෝ බ්‍රයන්ට් හෙවත් ජෙලි බීන් ය.

[embedyt] https://www.youtube.com/watch?v=svQ7KxTnk5E[/embedyt]

බ්‍රයන්ට්, ඇමරිකා ලීග් පැසි පන්දු තරඟාවලියේදී නියෝජනය කළේ ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමයි.

ඔහුගේ දායකත්වය යටතේ එම කණ්ඩායම අවස්ථා 5කදී ඇමරිකා ලීග් පැසි පන්දු කිරුළ දිනා ගත්තේ ය. වසරේ දක්ෂතම පැසි පන්දු ක්‍රීඩකයා සම්මානය පසු වතාවක් දිනාගත් ඔහු ඇමරිකාව පැසි පන්දු ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම් දිනූ අවස්ථා දෙකකදීම ඔහු සිය දායකත්වය ඊට ලබා දුන්නේ ය.

2016 වසරේදී සිය ක්‍රිඩා දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැසිපන්දු ක්‍රිඩාවෙන් නිළ වශයෙන් සමුගත්තද ඔහු මියයන මොහොත වන තෙක් පැසිපන්දු පිටියට සමු නොදුන්නේය.
1978 අගෝස්තු 23 වන දින උපත ලද කෝබි මුලින්ම ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ 1996 වසරේදීය.

Image result for kobe bryant

පැසිපන්දු ක්‍රීඩාව අභිබවා ගොස් 2018 වසරේදී 90 වන ඔස්කාර් සම්මාන උලෙලේ සම්මාන ලාභියෙකු වූ කෝබි හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්නේය. කුඩා කල සිට පුහුණුවීම් කර පැසිපන්දු ක්‍රීඩාව ජයගන්නා ආකාරය ඇතුළත් විනාඩි 05ක් පුරා දිවයන ‘Dear Basket ball’ කෙටි චිත්‍රපටයට මෙම සම්මානය හිමිවිය.

‘Dear Basket ball’ කෙටි චිත්‍රපටය ග්ලේන් කීන්ගේ අධ්‍යක්ෂණයක් වන අතර එහි පිටපත ලියා ඇත්තේ කෝබි බ්‍රයන්ට්ම වීම සුවිශේෂීය. එමෙන්ම ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු වෘත්තීය ක්‍රීඩකයා සහ වෘත්තීය පැසිපන්දු ක්‍රීඩකයා වීමේ ගෞරවයද ඒත් සමග කෝබි බ්‍රයන්ට්ට හිමිවිය.

කෝබි .. ඔබට සුබ ගමන් !



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි