×

කුලය නිසා ලද අවමන් හේතුවෙන් සිය දිවි අහිමි කරගත් ඉන්දියානු වෛද්‍ය සිසුවිය ”පායල්”

අවසන ඈ සිය දිවි අහිමි කර ගන්නට තීරණය කරන්නීය.


පසුගියදා ඉන්දියානු ජාතික වෛද්‍යවරියක සහ තවත් සැකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි පොලීසිය මගින් අත් අඩංගුවට ගැණින. ඒ තවත් වෛද්‍යවරියක විසින් සිය දිවි නසා ගැනීමට හේතු වූ වරදකරුවන් ලෙස නැගුන චෝදනා හේතුවෙනි.

පායල් නම් වූ ඇය 26 හැවිරිදි තරුණ වෛද්‍යවරියක වූ අතර පසුගිය 22වන දා ඇය සිය ගෙල සිරකර ගැනීමෙන් සිය දිවි අහිමි කර ගත්තාය. ඒ ඇගේ මිතුරු මිතුරියන් විසින් ඈ පහත් කුලයේ තරුණියකැයි කියමින් ඈට දිගින් දිගටම අවමන් කිරීම ඉවසා ගත නොහැකිවය. අයිතිවාසිකම් නොලත් පහත් යැයි සළකන කුලයක උපන් බවට ඇයට අවමන් කළ ඇගේ මිතුරු මිතුරියන්ගේ සමච්චල දිගු කාලයක් තිස්සේ ඉවසා සිටීමට ඇයට සිදු වී ඇත. ඉන්දීය සමාජ ක්‍රමය තුළ තවමත් මුල් බැස ඇති කුළ ක්‍රමය නිසා මරා දැමූ මෙන්ම සිය දිවි නසා ගත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සේම සාමාන්‍ය ජනතාවද එමටය.

පායල් ගේ දෙමවු පියන් සිය දියණියගේ මරණයට වග කිව යුත්තන් ලෙස චෝදනා කර සිටින්නේ ඈ උගත් වෛද්‍ය විද්‍යාලයේම වෛද්‍ය වරියන් තිදෙනෙකු වෙතයි. පායල් හට සිදුවූ මෙම අසාධාරණය වෙනුවෙන් මේ වන විටත් මුම්බායි හී මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම ඈ ට හිමි වූ ඉරණම තවත් අයෙක් වෙත හිමි නොකරන්නැයි ඉල්ලමින් විරෝධතාවල නියැලෙමින් සිටී,

ඉගෙන ගන්නා අතර තුර මෙන්ම රැකියාව කිරීමේදීත් තමන් කිසිසේත්ම වග තිව යුතු නොවන තමා අයත් කුලය හෝ ගෝත්‍රය හෝ ආගම, ජාතිය හේතුවෙන් යමෙක්ට සිය ජීවිතය පවා නීරස වේ නම් එකී සමාජයට දියුණු සමාජයක් යැයි අප හට කිසි සේත්ම නොහැකි වෙයි.

පායල් සිය ජීවිත වලින් සමු ගැනීම පිළිබදව ඇගේ මිතුරියක සමාජ මාධ්‍ය ජාලයට යොමු කර තිබූ ලිපියක්.

උතුරු මහාරාශ්ඨ්‍ර යෙහි උපත ලද  ඈ වැඩි දුර අධ්‍යාපනය සදහා පශ්චාත් වෛද්‍ය උපාධිය හැදෑරීමට මුම්බායි වෙත පැමිණ ඇත.
සිය ගෝත්‍රයේ අහිංසක දුප්පතුන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් සැළසීම ඇගේ එකම බලාපොරොත්තුව වූ බව පායල්ගේ මව පවසන්නීය.

ඉන්දියාවේ 700ක් පමණ වන කුලහීන ගෝත්‍රයක් සේ සලකනු ලබන තාද්වි බිහිල් ගෝත්‍රයේ දැරියක ලෙස ඇය උපත ලබා ඇත. මෙම ගෝත්‍රයට අයිත් ඉන්දියානුවන් ගණන මිලියන 8ක් පමණ වන බව 2011 වසරේ ඉන්දියානු ජන සංඛ්‍යාලේඛන තුලින් පැහැදිලි වේ. විශ්ව විද්‍යාල වලට බදවා ගැනීමේදී  ඉන්දියානු සිසු සිසුවියන් අතරින් නම් කරන ලද කුළ හා ගෝත්‍ර කිහිපයක සිසු සිසුවියන් ට යම් කෝටා ක්‍රමයකට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට විශේෂිත අවස්ථාවක් සැළසේ.

සිය ජ්‍යේෂ්ඨ සිසුවියන්ගෙන් ඉතා කුඩා දෙයට පවා එල්ල වන නින්දා සහ අවමන් පිළිබදව ඇය සිය මව වෙත කිහිප විටක්ම පවසා ඇත. තමන් ප්‍රතිකාර කරමින් සිටින රෝගීන් ඉදිරියේදී ඉතා කුඩා දෙයටත් අවමන් විදින්නට ඇයට සිදුව ඇත. ඇයට සිය ආහාරය පවා නිදහසේ ගැනීමට ඔවුන් විසින් අවස්ථාව ලබා දී නැත‍. වෛද්‍යවරියක ලෙස ඇය පුහුණු නොවිය යුතු බවට ඔවුන් විසින් බලපෑම් සිදු කරනු ලැබූ බවද පායල්ගේ මව චෝදනා කර සිටින්නීය.
පිළිකා රෝගියෙකු ලෙස ප්‍රතිකාර ලබමින් සිටින පායල්ගේ මව තම දියණියගේ තත්ත්වය ඇගේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානීන්ට දැනුම් දුන්නද ඇයට සිතූ පරිදි සාධාරණයක් ඉටු වී නැත‍

අවසන ඈ සිය දිවි අහිමි කර ගන්නට තීරණය කරන්නීය.

ඇගේ මවුපියන්ට සේම ඈ උපන් අසාධාරණ කුළ ක්‍රමයෙන් වන්දි ගෙවන ඇගේම මිනිසුන්ටද ශක්තියක් වන්නට නියමිතව සිටි ඇයට සිය ජීවිතය අහිමි කර ගන්නා තරමට අවමානයට ලක් වන්නට සිදුවීම කිසි සේත්ම සාධාරණ නොවන්නේය. පායල් වෙනුවෙන් හඩ නගන්නන්ගේ එකම පැතුම වී ඇත්තේ ඇයට වූ අසාධාරණය ඉදිරියේදී කිසිවෙකුටත් සිදු නොවිය යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි