×

තායි ගුහාවේ මෙහෙයුම ගැන මුල්ම චිත්‍රපටය The Cave

මේ සිදුවීම සම්බන්ධව ලෝකයේ බෙහෝ චිත්‍රපට නිෂ්පාදකයන් විසින් චිත්‍රපට නිපදවීමට කටයුතු කළද මුලින්ම වැඩ අවසන් කර ඇත්තේ තායිලන්ත සහ අයර්ලන්ත චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වන ටොම් වොලර් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයයි.


.

2018 වසරේ සමසත ලෝකයේම අවධානය යොමු වූ තායිලන්තයේ තම්ලුආන්ග් ගුහාවේ දින 18 කාලයක් සිරවී සිටි දරුවන් 12 දෙනෙකු බේරා ගත් නිර්භීත මෙහෙයුම පිළිබඳව සිදු කරන ලද මුල්ම චිත්‍රපටයේ කටයුතු මේ වන විට අවසන් වී ඇත.

මේ සිදුවීම සම්බන්ධව ලෝකයේ බෙහෝ චිත්‍රපට නිෂ්පාදකයන් විසින් චිත්‍රපට නිපදවීමට කටයුතු කළද මුලින්ම වැඩ අවසන් කර ඇත්තේ තායිලන්ත සහ අයර්ලන්ත චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වන  ටොම් වොලර් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයයි.

තමන් සත්‍ය සිදුවීම දෙස දින ගණනාවක් පුරා අපේක්ෂා සහිතව බලා සිටියදී චිත්‍රපටයක් නිපදවීමේ අදහස ඇති වූ බව අධ්‍යක්ෂවරයා විසින් බීබීසී පුවත් සේවයට අදහස් දක්වා ඇත.
ද කේවු The Cave ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ප්‍රධාන සිදුවීමද සමග මාධ්‍ය ඔස්සේ විකාශය නොවුන තවත් බෙහෝ සිදුවීම් සම්බන්ධවද සිදුවීම් ඇතුලත්ව ඇත. මෙම මෙහයුම සඳහා සැබෑවටම සහය වූ පිරිස බෙහෙමයක් දෙනා චිත්‍රපටය සඳහාද චරිතයන්ට පණපෙවීමට සහභාගී වූ බව ඔහු පැවසීය. ඒ අනුව මෙහෙයුම සඳහා සැබැවින්ම සහභාගී වූ කිමිදුම් කරුවන් තිදෙනෙක්ද මේ සඳහා දායක වන අතර අනෙක් පිරිස අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

චිත්‍රපටය රූ ගත කිරීම ඉතාමත් අපහසු මෙන්ම අභියෝග රැසක් පිරුණු එකක් වූ බවද ඔහු පවසා ඇත. මන්ද ජලය මත ගුහාව තුළ සිදු කළ රූ ගත කිරීම් ඉතාමත් භයානක සහ අවදානම් ක්‍රියාවක් වූ බැවිනි.

චිත්‍රපටයේ අවස්ථාවන් රැසක් සිදුවීමට අයත් ගුහාව සහ තායිලාන්තයේ විවිධ ප්‍රදේශ තුලදී සිදු කර ඇති අතර ඊට අමතරව ජපානය, අයර්ලන්තය, වේල්සය සහ හවායී හීදීද රූ ගත කිරීම් සිදු කර ඇත.

චිත්‍රපටයේ විශේෂිත කොටසක් සඳහා සිදුවීමට මුහුණ දුන් දරුවන්ගේද රූප රාමු ලබා ගැනීම සඳහා අවශ්‍ය අවසර තායිලන්තයේ සංස්කෘතික අමාත්‍යාංශයෙන් අධ්‍යක්ෂවරයා විසින් ඉල්ලා ඇති අතර අවශ්‍ය අවසර ලැබෙන තෙක් තමන් බලා සිටින බවද ඔහු පවසයි.
සිදුවීමට මුහුණ දුන් දරුවන් තායිලන්ත රජය විසින් දැඩි සේ ආරක්ෂා කරමින් සිටින අතර ඔවුන්ගෙන් ලබා ගන්නා සෑම සම්මුඛ සාකච්ඡාවක්ම තායි රජයේ අනුමැතිය සහිතව ලබා ගත යුත්ව ඇත.


හැන්ගුඕවර් චිත්‍රපටයේ දෙවන කොටසේ ප්‍රධාන චරිතයකට පණ දුන් කෘතහස්ත චිත්‍රපට නළුවෙක් වන නිරුට් සිරිජන්යාද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා දායක වෙයි.
චිත්‍රපටයේ පළමු දර්ශනය සිදුවීමට වසරක් සපිරෙන 2019 වසරේ ජූලි මාසයේදී එළි දැක්වීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි