×

පරිගණක ලෝකයට Cut, Copy, Paste හඳුන්වා දුන් ”ලැරී ටෙස්ලර්” දිවි ගමන නිමා කරයි

ටෙස්ලර් යනු සැබවින්ම පරිගණකය පර්යේෂණ මධ්‍යස්ථානවලින් ඔබ්බට සහ නිවෙස් කරා ගෙන යාමට හේතු පාදක වූ ප්‍රමුඛයාය


පරිගණකය ලෝකයට හදුන්වා දීම සෑම පුද්ගලයෙකුම පරිගණක භාවිතයට සමීප කලා යැයි අපට කිව නොහැක ජංගම දුරකථනයස එසේය. එකී උපාංගයන් ද්විත්වය සම්බන්ධවම පරිශීලකයා වඩාත් වාසනාවන්තයෙකු කළ මිනිසා ලැරී ටෙස්ලටර් වෙයි. පරිගණකය භාවිතයට උපාධියක් අවශ්‍ය නොමැති බවත් උපාධියක් නොමැතිව පරිගණකය පහසුවෙන් භාවිත කළ හැකි බවත් කියා දුන්නේ ඔහුය. ඒ පරිගණකය භාවිතයේදී වඩාත් අවශ්‍යම විධානයන් වන Cut, copy, Paste විධානයන් හදුන්වා දෙමිනි.

පසුගිය සඳදා  ලෝකයෙන් සමුගත් වයස අවුරුදු 74ක් වූ ලැරී ටෙස්ලර් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් හෝ මාර්ක් සකර්බර්ග් තරම් පරිගණක ලෝකයේ නමක් දැරූ පුද්ගලයෙකු නොවූවත් ඔහු දැක්වූ දායකත්වය පරිගණකය සහ ජංගම දුරකථනය භාවිතය පහසු කිරීම සදහා නූතන පරිගණකකරණයට බලපෑම් කරන දිගු මෙහෙවරක කැපී පෙනෙන සිදුවීමකි.

1945 වසරේදී නිව්යෝර්ක් නගරයේ උපත ලද ලැරී ටෙස්ලර් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව හැදෑරීමට ගිය අතර උපාධිය ලැබීමෙන් පසු ඔහු කෘතිම බුද්ධි පර්යේෂණයන්හි නිරත විය (පරිගණකය ගැඹුරින් හැදෑරිය යුතු මෙවලමක් බවට පත්වීමට බොහෝ කලකට පෙර) ඉන්පසුව යුද විරෝධී හා ආයතනිකඒකාධිකාර විරෝධී සංවිධානයක් හා සම්බන්ධ වූ ඔහුට හිමි ඉලක්කයක් ලෙස අයිබීඑම් සමාගම සමග එක්වී කටයුතු කලේය. 1973 සිට 1980 වසර දක්වා ඔහු සෙරොක්ස් පැලෝ ඇල්ටෝ පර්යේෂණ මධ්‍යස්ථානයේ ( Xerox PARC) රැකියාවක් ලබා ගත්තේය. සෙරොක්ස් පාර්ක් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මූසිකය මත පදනම් වූ චිත්‍රක පරිශීලක අතුරුමුහුණත සංවර්ධනය කිරීම සඳහා ය. එහි සේවය කරමින් සිටින අතර තුරු සිය රාජකිරියේදී ඇතිවූ අවශ්‍යතා මත ඉවත් කිරීම, අනුපිටපත් කිරීම හෝ නැවත ස්ථානගත කිරීම සඳහා වන විධානයන් සඳහා යම් ක්‍රමවේදයක් ඔහුට අවශ්‍ය විය ඔහු ඒ සදහා ටිම් මොට් සමඟ කටයුතු කළේය. එනමුත් ඔහුගේ වෑයම තව දුරටත් සාර්ථක කර ගැනීමේ අරමුණින් ඔහු 1997 දක්වා සේවය කළ ඇපල් නෙට් සමග එක්විය. එහි ප්‍රධාන විද්‍යාඥයා ලෙසද සේවය කළ ‍ඔහු ඇපල් හි වඩාත් ජනප්‍රිය දෘඩාංග සඳහා ඔහු කළ දායකත්වයට අමතරව, මෘදුකාංග සහ පරිශීලක අතුරුමුහුණත් වඩාත් පහසුවෙන් ලබා ගත හැකි කිරීමට ටෙස්ලර් දැරූ උත්සාහය ගැන ද ප්‍රසිද්ධ විය. “cut,” “copy,” and “paste” විධානයන් හදුන්වා දීමට අමතරව ඔහු සිදු කළ සේවාව විශාලය.

1997 දී ඇපල් සමාගමෙන් ඉවත්වීමෙන් පසුව, ටෙස්ලර් විසින් ස්ටේජ්කාස්ට් සොෆ්ට්වෙයාර් නමින් සමාගමක් ආරම්භ කරන ලද අතර එමඟින් යෙදුම් සංවර්ධනය කරන ලද අතර ක්‍රමලේඛන සංකල්ප ඉගෙනීමට දරුවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පසුබිමක් උදා කර දෙන ලදී.. 2001 දී ඔහු ඇමේසන් හා සම්බන්ධ වූ අතර අවසානයේදී පුධාන තනතුරක් දැරීය . 2005 දී ඔහු යාහූ වෙත මාරු වූ අතර එහිදී ඔහු එම සමාගමේ පරිශීලක අත්දැකීම් සහ සැලසුම් සමූහයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර 2008 දී ඔහු 23andMe හි නිෂ්පාදන සහායකයෙකු බවට පත්විය. ටෙස්ලර් 2009 දී 23andMe අතහැර ගිය අතර එතැන් සිට වැඩි වශයෙන් අවධානය යොමු කළේ උපදේශන කටයුතු සඳහා ය.

පරිගණක ලෝකයේ ආයතන ගණනාවක් හා සම්බන්ධ ව සිය දැනුම හා හැකියාවෙන් විශාල සේවයක් කළ ටෙස්ලර් නවීන පරිගණකකරණයට දායක වූ බවට සැකයක් නැත. ඔහුගේ දායකත්වයන් අතිමහත් ය. ටෙස්ලර් යනු සැබවින්ම පරිගණකය පර්යේෂණ මධ්‍යස්ථානවලින් ඔබ්බට සහ නිවෙස් කරා ගෙන යාමට හේතු පාදක වූ ප්‍රමුඛයෙකි.

ටෙස්ලර් ඔබට  සුබ ගමන්!!!!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි