×

මළ මුහුදේ කථන්දරේ

පෘථිවි පෘෂ්ඨය මත ඉතා ගැඹුරින්ම පිහිටි ජල කද මෙය වෙයි.


නිරිත දිග ආසියානු රාජ්‍යයන් වන ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර පිහිටි මළ මුහුද ගැන විවිධ පුද්ගලයින් විවිධ කාල වල විවිධ අයුරින් කථා බහට ලක් කළ මාතෘකාවක් විය. අක්ෂාංශගත පිහිටීම ගතහොත් උත්තර අක්ෂාංශ 100 – 300 අතර ද නැගෙනහිර දේශාංශ 300 – 450 අතරද මළ මුහුද පිහිටා ඇත. මළ මුහුද අරාබ් බසින් Al-Baḥr Al-Mayyit ලෙසින් හදුන්වන විට එය ලුණු මුහුද නමින්ද ලෝකය පුරා ප්‍රසිද්ධ වී ඇත.

පෘථිවි පෘෂ්ඨය මත ඉතා ගැඹුරින්ම පිහිටි ජල කද මෙය වෙයි. එය මුහුදු මට්ටමින් මීටර් 405 ක් ගුඹුරින් පිහිටා තිබෙන අතර ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස එහි උෂ්ණත්වයද වැඩි වේ. අධික උෂ්ණත්වයක් පැවතීම නිසා ශීත සෘතුවේ වුවද මෙම ප‍්‍රදේශය සෑහෙන උෂ්ණත්වයකින් යුක්තය


සාමාන්‍ය මුහුදකට වඩා මළ මුහුදෙහි ජලයෙහි විශේෂත්වයට හේතුව එහි ඇති අධික ලුණු සාන්ද්‍රණතාවය හේතුවෙන් එයට ලුණු මුහුද නම ලැබී ඇති අතර එහි ලවණතාවය සාමාන්‍ය මුහුදු ජලයෙහි මෙන් අට ගුණයකි. ඊට හේතු වී ඇත්තේ

එය මුහුද වෙනත් සාගරයක් හෝ මුහුදක් සමග සම්බන්ධ නොවීමත් නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාර ප‍්‍රදේශවලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණයකින් යුක්තවීමත්ය. විශේෂිත ලවණ සාන්ද්‍රණතාවය නිසා සාමාන්‍ය මුහුදක දැකිය හැකි මසුන්, හෝ මුහුදු ශාඛ මළ මුහුදෙහි දැකිය නොහැකිය. අධික ලවණතාවයට ඔරොත්තු දෙන, දම් පැහැති ජීවීන් විශේෂයක් මළ මුහුදෙහි වෙසෙන බව සාගර විද්‍යාඥයන් විසින් මෑතකදී සොයා ගන්නා ලදී

පෘථිවි පෘෂ්ඨය මත ඉතා ගැඹුරින්ම පිහිටි ජල කද මෙය වෙයි. එය මුහුදු මට්ටමින් මීටර් 405 ක් ගුඹුරින් පිහිටා තිබෙන අතර ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස එහි උෂ්ණත්වයද වැඩි වේ. අධික උෂ්ණත්වයක් පැවතීම නිසා ශීත සෘතුවේ වුවද මෙම ප‍්‍රදේශය සෑහෙන උෂ්ණත්වයකින් යුක්තය

මෙම විශේෂිත පිහිටීමට හේතු ලෙස බොහෝ පර්යේෂණ මගින් හෙළි කර ඇත්තේ පෘථිවිය නිර්මාණය වීමේදී ඇති වූ ගිලාබැසීමක් හෙවත් සුවිභේද නිම්නයක් වීමයි.. විශාල ගැඹුරක පිහිටා තිබුණද, මුහුදු වෙරළට වාහනයකින් යාමට හැකිවීම මළ මුහුදු වෙරළෙහි තවත් විශේෂ ලක්‍ෂණයකි.

මළ මුහුදෙහි ඇති කරදිය මිදී සෑදී ඇති රෝස සහ සුදු පැහැයට හුරු විශාල ලුණු කඳු සහ ටැම් ඉතා අපූරු දසුන් වන අතර මළ මුහුද අයත් රටවල් වන ඊශ‍්‍රායලයත් ජෝර්දානයත් විසින් මෙම ලුණු උපයෝගී කර ගනිමින් ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, තීන්ත වර්ග සහ රසායනිත පොහොර නිෂ්පාදනය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි