×

”ෆෙයිරි” එක් චීන දැරියක්… එක් රැයකින් තරුවක් වුවත් සැබෑ නොවූ සිහිනයක්.

මෝස්තර නිරපණයට ඉතා කැමකි වූ ෆෙයිරි චීනයේ ප්‍රසිද්ධම සමාජමාධ්‍ය වන වෙයිබෝ හී දිනක් සිය ඡායාරූපයක් පළ කලාය. ඒ නිකන්ම ඡායාරූපයක් නොව අමුතු පහේ ඇඳුමක්ද සහිතවය. ගෝනි මල්ලක අඩිය කොටස කපා එහි කෝටු කැබලි කිහිපයක් එල්ලූ ඇය එය හැඳ ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයකි.


ඇගේ නම ෆේයිරි වංග් Fairy Wang  එක් රැයකින් කීර්තියට සහ ප්‍රසිද්ධියට පත්වූ දැරීවියක්. චීනයේ අති දුෂකර ගමක ඉතා දුප්පත් වහල් සේවක මවක සහ පියෙකුගේ දියනියක වන ෆේයිරි සාමාන්‍ය චීන තරුණියන් මෙන් සිහින් පැහැපත් සිරුරක් හිමි නොවූ දැරිවියක වුවත් චීනයේ ඈ එක් රැයකින් කා අතරත් කථා බහවන චරිතයක් බවට පත් විය.

මෝස්තර නිරපණයට ඉතා කැමකි වූ ෆෙයිරි චීනයේ ප්‍රසිද්ධම සමාජමාධ්‍ය වන වෙයිබෝ හී දිනක් සිය ඡායාරූපයක් පළ කලාය. ඒ නිකන්ම ඡායාරූපයක් නොව අමුතු පහේ ඇඳුමක්ද සහිතවය. ගෝනි මල්ලක අඩිය කොටස කපා එහි කෝටු කැබලි කිහිපයක් එල්ලූ ඇය එය හැඳ ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයකි.

පසුදා උදෑසන වන විට ෆෙයිරි ගැන නොදන්නා අයෙක් නොවීය. ඇයව සම්බන්ධ කර ගන්නට බෙහෝ පිරිසක් උත්සහා කලාය. ඇගේ වෙයිබෝ ගිණුම වටා රැස් වූ පිරිස දස දහස් ගණනකි. එපමණක් නොව ෆෙයිරිගේ මේ විකාර ඇඳුම් මෝස්තරය අනුගමනය කළ බෙහෝ තරුණ තරුණියන් පිරිසක් ඈ මෙන් විකාර විදියට නිර්මාණය කර ගත් ඇඳුම් සමග ඡායාරූප පල කරන්නට විය. ඇතැමෙක් පළතුරු එළවළු ඉවත ලන කසල ආදියෙන් නිර්මාණය කර ගත් විකාර රූපී ඇඳුම් ප්‍රදර්ශනය කළහ තවත් අය ප්ලාස්ටික් බෑග්, මාළු, පෙට්ටි ආදියෙන් ඇඳුම් නිර්මාණය කළහ.

ගෙවී ගියේ ටික දිනකි ෆෙයිරි චීනයේ සුප්‍රසිද්ධම ඇදුම් නිර්මාණ ශිල්පිණියක තරමටම සුප්‍රසිද්ධ විය. ඇගේ නමින් රූප වාහිනී වැඩ සටහන් නිර්මාණය කරන ලදී. ඒවා මගින් පැවැත්වූයේ ෆෙයිරි විසින් හඳුන්වා දුන් විකාර ඇඳුම් මෝස්තර ශිල්පයයි. ඇතැම් අයට ඇයව විහිළුවකි තවත් අයට ඇයව අමුතු දැරියකි. කෙසේ වෙතත්…
අද වන විට ෆෙයිරි චීනයේ කා අතරත් කථාබහට ලක් වන තරුවකි. නමුත් ෆෙයිරි කියන්නේ වෙනස් කථාවකි

”ෆෙයිරි සිය ප්‍රසිද්ධිය ගැන කියා සිටින්නේ මෙවැන්නකි. මිනිසුන් කථා කරන්නේ මගේ සිහිනය ගැන නොවෙයි මා වැන්නෙක්ට සිහින දකින්නට හැකි වූයෝ කෙසේද යන්නයි. .. ඒ කිසිවෙක් මා හට මොන විදිහේ සිහිනයක් තිබුණාදැයි යන්න කථා නොකරයි. දැන් මට වැටහෙනවා. මගේ සිහිනය තවත් අය විසින් තමන් වෙනුවෙන් භාවිතා කරනවා මේ ටීවී වැඩ සටහන් නිර්මාණය වෙන්නේ ඒ නිසයි. සිහින කියන්නේ තවත් අය විසින් භාවිතා කරන අප තුළ පවතින දෙයක් මස කිසිදාක සැබෑ කර ගත හැක්කක් නොවේ. ”

සිහින සැබෑ වීම ගැන ෆෙයිරිට ඇත්තේ එවැනි කථාවකි. සැබවින්ම තවමත් ෆෙයිරිගේ ජීවිතය සුරඟන කථාවක්ම පමණි. මන්ද ඈ ගැන කථා වෙන ඇගේ සිහිනය භාවිතා කරන පිරිස අපමණය . නමුත් ඈ දුටු සිහිනය අවබෝධ කරගන්නට කිසිවෙකුත් නැත.
ඇය මේ වන විටත් ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිටී. ඒ ඇයව අනුකරනය කරමින් ඇයව අමතක කරමින් බෙහෝ මෝස්තර නිර්මාණ ශිල්පිණියන්, නිරූපිකාවන් ඇගේ කීර්තියද පැහැරගනිමින් සිටියදීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි