×

පියවරුන්ගේ දිනයෙහි ආරම්භය හෙවත් මොනොන්ගා හී දුක්බර කථාව

මේ දුක්බර ෆෙයාර්මොන්ට් සිදුවීමෙන් දරුවන් 1000කට සිය පියවරුන් අහිමි විය


අවුරුද්දේ තුන්සිය හැට පස් දවසටම කුමන හෝ සැමරුමක් යෙදී ඇති අතර ඊයේ මුළු මහත් ලෝකයම පියවරුන්ගේ දිනය සමරන ලදී. මල් .. දුරකථන ඇමතුම් .. ආදරය… ෆේස් බුක් පෝස්ට් අතරේ සමරන වත්මන් පියවරුන්ගේ දිනය යට සැගව තිබෙන සැබෑ කථාන්තරයක්ද ඇත. එය සැබවින්ම දුක්බර මෙන්ම ඛේදවාචකයක් සණිටුහන් කරනු ලැබූ ඉතිහාස කථාවකි.

පියවරුන්ගේ දිනය සමරන්නට හේතු පාදක වූ කථාව 1907 වසර දක්වා ඈතට දිව යන කථාවකි. මොනොන්ගා හී ෆෙයාර්මොන්ට් අගුරු කර්මාන්ත ශාලාවේ සේවකයන් 367 දෙනෙකු සේවයේ නිරත වූ අතර නොසිතූ ලෙස එක් දිනයක එහි සිදු වූ පිපිරීමකින් 362ක්ම මිය ගියේ ඉතා දුක් බර ඉතිහාස කථාවක් ලෝකයට දායාද කරමනි. එය ඇමරිකානු ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය යැයි කීවද කම් නැත. 06 න දින උදෑසන 10.28 ලෙස වේලාව සටහන් වී තිබිණි. හදිසියේම පුපුරා ගිය ගල් අගුරු පතල ඇතුලත සහ මතුපිට කිසිදු සමාවක් නැතිව අනතුරට භාජනය විය. නිවාලිය නොහැකි ගින්නක්ද සමග සේවය කළ සියල්ලන්ගේම ජීවිත වල අවසානය සළකුණු විය. මෙම සේවකයන් අතරින් සිවු දෙනෙක් සිය ජීවිත බේරා ගත් අතර එක් අයෙක් මුදවා ගනු ලැබුවේ මෙහෙයුම් අතර තුරය. දිවි බේරා ගත් සිවු දෙනාටමත් පසුව උරුම වූයේ මරණයම පමණි. ඒ අනතුර හේතුවෙන් ලද බරපතල තුවාලයි. මේ දුක්බර ෆෙයාර්මොන්ට් සිදුවූමෙන් දරුවන් 1000කට සිය පියවරුන් අහිමි විය

. මෙතරම් දරුව්න ප්‍රමාණයකට පියවරුන් අහිමිවීම අනුස්මරණය කිරීමේ අදහස ගෙන ආවේ විලියම්ස් අනුස්මරන මෙතෝදිස්ත බිෂෝප් වරියක වූ ග්‍රේස් ගෝල්ඩන් ක්ලේටෝන් විසිනි. සිය පියා මිය යන විට දැනුන වේදනාව තුළ ෆේයාර්මොන්ට් අනතුරින් දිවි අහිමි වූවන්ගේ දරුවන්ට දැනුන වේදනාව හදුනා ගත් ඇය එය අනුස්මරණය කළ යුතු බවය සිය යෝජනාව ගෙන ආවාය.
ඒත් සමග පියවරුන්ගේ දිනය මුල්ම වතාවට පවත්වන්නේ 1908 ජූලි 05 වන දිනයි. ඒ ෆෙයාර්මොන්ට් සිදුවීම සිදු වූ ස්ථානයේදීය. මේ සැමරුම වෙනුවෙන් අදටත් මොනොන්ගා හී දී උදෑසන ආහාරය අත් හැරීම, ත්‍යාග හුවමාරුව ආදී විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරේ.

පියවරුන්ගේ දිනය ඇරඹෙන්නේ එලෙසිනි. සිය පියවරුන් අහිමි වූ දරුවන් 1000ක් දෙනා වෙනුවෙන් ඇරඹුන පියවරුන්ගේ දිනය අද වන විට ලෝකයේ සියලු පියවරුන් සිහිපත් කරමින් සමරනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි