×

II ලෝක සංග්‍රාම සමයේ බිග්බෙන් ඔරලෝසුවට සිදුවූ හානි හේතුවෙන් ප්‍රතිසංස්කරණ වැය ඉහළට:

දෙවන ලෝක සංග්‍රාමයේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ බිග් බෙන් ඔරලෝසුවේ කුළුණ මත ඉතා විශාල බෝම්බ පිපිරුම් හානියක් සිදුවී ඇති බව කම්කරුවන් විසින් සොයාගෙන ඇත.


දෙවන ලෝක සංග්‍රාමයේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ බිග් බෙන් ඔරලෝසුවේ කුළුණ මත ඉතා විශාල බෝම්බ පිපිරුම් හානියක් සිදුවී ඇති බව කම්කරුවන් විසින් සොයාගෙන ඇති අතර, එය යථා තත්වයට පත් කිරීමේ පිරිවැය ඩොලර් මිලියන 18.6 කින් ඉහළ යනු ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින්, හවුස් ඔෆ් කොමන්ස් – (එම ගොඩනැගිල්ලේ යාබද කොටසක පිහිටා ඇත) – ජර්මනිස්‍යේ නාසිවරුන් විසින් ලන්ඩනයේ බෝම්බ හෙලීමේ අවශේෂයන් එලිසබෙත් කුළුණේ න් සොයා ගෙන ඇති බව වාර්තා කර ඇත. එලිසබෙත් කුළුණ යනු බිග් බෙන් ඔරලෝසුව ගැන කථා කරන විට වඩාත්ම සුලභව දක්නට ලැබෙන කුළුණයි.

19 වන සියවසේ ගොතික් ආකෘතියට තැනූ ගොඩනැගිල්ල 2017 සිට පලංචි වලින් ආවරණය කර ඇති අතර, ප්‍රතිසංස්කරණය කිරීමේ පිරිවැය දැන් ඩොලර් මිලියන 61.1 සිට ඩොලර් මිලියන 79.7 දක්වා ඉහළ යනු ඇත.

2021 දී ප්‍රතිසංස්කරණය නිමකිරීම සඳහා තවමත් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම නිවේදනයේ දැක්වේ.

සියගණනක් සංකීර්ණ කැටයම් දිරාපත් වීම හා හානි වීම, ඔරලෝසු ඩයල්වල විෂ සහිත ඊයම් තීන්ත සහ කැඩුණු වීදුරු අති විශාල ලෙස භාවිතා කිරීම ද සොයා ගන්නා ලද අතර මෙම ප්‍ර්තිසංස්කරණය වෙනුවෙන් අතිරේක ඔරලෝසු විශේෂඥයෙකු ද අවශ්‍ය බව ව්‍යාපෘතිය කළමනාකරණය කරන කොමිසම පැවසීය.

ජාතික නිරූපකයක් සහ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රචලිත් බිග් බෙන් ඔරලෝසුවේ ප්‍රතිසංස්කරණය විශාල සංකීර්ණ මෙහෙයුමක් වන අතර ඒ සඳහා වැය වන ඉහළ පිරිවැය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ විවේචනයට ලක්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි