×

හෙට ඇරඹෙන ” 2019 G-20 ” සමුළුවේ අතීත විත්ති දැනගනිමු

මුල් අවධියේදී G-7 රාජ්‍යයන් ගෝලීය ආර්ථික ප්‍රවණතාවන් තීරණය කිරීමේ මූලිකත්වය ගත්තද අද වන විට BRIC සාමාජිකයින්ගෙන් ගෙන් තොරව තීරණගැනීමට නොහැකි වී ඇත


මෙවර G 20 සමුළුව හෙට ජපානයේදී ආරම්භ වීමට නියමිතව ඇත. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපතිගේ හමුව මෙවර සුළුවේ විශේෂත්වයකි. ලෝකය ගමන් ගන්නා ආර්ථික හා දේශපාලනික දිශානතිය තීන්දු කරන එක් සාධකයක් ලෙස ජී- 20 සමුළුව හැඳින්විය හැකි ය.

මෙම සමුළුවට G20 යන නම ලැබෙන්නේ Group of Twenty යන්නට කෙටි අර්ථයක් ලබා දෙමිනි. රටවල් 19ක් සහ යුරෝපා සංගමය මෙම G20 රටවල් අතරට අයත් වේ. ජාත්‍යන්තර මූල්‍යමය ස්ථාවරත්වයක් පවත්වා ගැනීමේ අරමුණින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සදහා 1999 වසරේ මුළින්ම G20 සමුළුවට අඩිතාලම වැටිනි.


දෙවන ලෝක යුද්ධ යෙන පසු ලෝකය වඩාත් ස්ථාවර එකක් කිරීම වෙනුවෙන් බිහිවන සංවිධාන වන “Bretton Woods twins”, ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල International Monetary Fund , ලෝක බැංකුව World Bank,ලෝක වෙළද සංවිධානය World Trade Organizationආදී මූල්‍යමය සංවිධාන වල තවත් දිගුවක් ලෙස G20 හදුනා ගත හැකිය.
මේ සම්බන්ධව මූලික අදහස ඇතිවන්නේ 1999 පැවති G7 සමුළුව හා සමගාමී Cologne සමුළුවේදීය. පළමු හමුව බර්ලිනයේදී පැවති අතර එම හමුවේ සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගැනුනේ කැනේඩියානු මුදල් අමාත්‍යවරයා වන පෝල් මාර්ටින්ය. සමාරම්භක හමුව මෙහෙයවනු ලැබුවේ ජර්මනියේ මුදල් අමාත්‍ය හෑන්ස් ඊචල් විසිනි. නමුත්
G-20 ට මුල්ම නිළ සමුළුව පැවැත්වෙන්නේ 2008 වසරේදීය.


G7 නියෝජනය කරන සංවර්ධිත රටවල් වන කැනඩාව , ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, මහාබ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව සහ තවත් සංවර්ධනය වෙමින් පවතින බ්‍රසීලය, චීනය, ඉන්දියාව, රුසියාව, මෙක්සිකෝව, සෞදිඅරාබිය, දකුණු අප්‍රිකාව,උතුරු කොරියාව,තුර්කිය ආදී රටවල්ද මෙහි සාමාජිකත්වය දරයි. ලෝක ජනගහනයෙන් තුනෙන් දෙදක් මෙම G 20හි සාමාජිකත්වය විසින් නියෝජනය කරනු ලබන්නේය.

එතෙක් පටන් සෑම සාමාජික රාජ්‍යයකම මුදල් අමාත්‍යවරයා සහ පුථාන මූල්‍ය ආයතන ප්‍රධානීන් සෑම වසරකම දෙවතාවක් රැස්වේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුචල දම ලෝක බැංකු හමුවීම් පැවැත්වීමට සමගාමීවයි.

මෙතෙක් පැවති G 20 සමුළු.

2008 නොවැම්බර් 16-17 වොෂිංටන් ඩීසී -පළමු සම්ළුව

2009 සැප්තැම්බර් 24-25 ඇමරිකා එක්සත් ජනපදයේ පීටර්ස්බර්ග් හීදී 

2009 අප්‍රේල් 1-2 ලන්ඩනය.

2010 ජූනි 26-27 කැනඩාවේ ටොරොන්ටෝ නගරය

2010 නොවැම්බර් 11-12 දකුණු කොරියාවේ සෝල් නගරය

2011 නොවැම්බර් 2-4 කෑන්ස් ප්‍රංශය

2012 18-19 මෙක්සිකෝව ලොස්කාබෝස් නගරය

2013 සැප්තැම්බර් 5-6 සෙන්ට් පීටර්ස්බර්ග් , රුසියාව

2014 නොවැම්බර් 15-16 ක්වීන්ස්ලන්ඩ් හා බ්‍රිස්බෙන් ඔස්ට්‍රේලියාව

2015 නොවැම්බර් 15-16 තුර්කිය අන්ටල්‍යා නගරය

2016 සැප්තැම්බර් 4-5 චීනයේ හන්ග්ෂු නගරය

2017 ජූලි 7-8 හැම්බර්ග් ජර්මනිය

2019 වන විට G-20 ප්‍රථානතම ප්‍රවණතාව වී ඇත්තේ G-7 රාජ්‍යයන් අභිබවා බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය යන BRIC සාමාජික රටවල් ලෝක ආර්ථිකය තීරණය කිරීමේ වැඩි දායකත්වයක් සපයමින් සිටීමය. ඒ අනුව ගෝලීය ආර්ථික වර්ධනය උදෙසා මෙකී රාජ්‍යයන්ගේ හැසිරීම තදින්ම බලපානු ලබයි. මුල් අවධියේදී G-7 රාජ්‍යයන් ගෝලීය ආර්ථික ප්‍රවණතාවන් තීරණය කිරීමේ මූලිකත්වය ගත්තද අද වන විට BRIC සාමාජිකයින්ගෙන් ගෙන් තොරව තීරණගැනීමට නොහැකි වී ඇත. එනමුත් මෙහිදී අවධානය යොමුවන තවත් කරුණක් වන්නේ BRIC රටවල් සියල්ල G-7 රාජ්‍යයන්ගේ අවශ්‍යතා සපුරාලමින් සිටීමය. උදාහරණ ලෙස රුසියාව විසින් යුරෝපයට ස්වභාවික ගෑස් අපනයනය කිරීම, චීනය තම නිෂ්පාදන රැසක් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීම, ඉන්දියාව අධි කාන්ෂණික සේවා සැපයීම.

G-20 සමුළුවට එරෙහි පොදු විවේචන

G-20 සමුළුව යනු විවිධ කණ්ඩායම් මෙන්ම සාමාජික රටවල විරෝධතාවන්ට වේදිකාවකි. ඉතිහාසය පුරා එවැනි විරුද්ධවීම් රැසක් සිදුව තිබේ. අනෙකුත් බෙහෝ රටවල් චෝදනා කර සිටින්නේ G-20 සමුළුව යනු සල්ලිකාරයන් කණ්ඩායමක් ලෝකයේ අර්ථිකය ගැන තීරණ ගැනීමට නිර්මාණය කළ පසුබිමක් බවයි.

දිළිදුකම, දේශගුණික විපර්යාස, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සංක්‍රමණික අර්බුධ G-20 සමුළුව තුළ සාකච්ඡා කළ යුතු නමුත් ඒ පිළිබදව අවධානය යොමු නොකිරීම සම්බන්ධව
G-20 ට විවේචන රැසක් එල්ල වී ඇත.

මෙවර සමුළුවේදී හෝ ත්‍රස්තවාදය ද ඇතුළුව මෙම මාතෘකා පිළිබදව සාමාජික රටවල අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි