කෝවිඩ්-19 පැහැදිලිවම ගෝලීය වසංගතයක් හෙවත් ‘pandemic‘ එකකි. නමුත් මේ එවැනි ගෝලීය වසංගතවල ආරම්භය හෝ අවසානය නෙවේ.
එසේ මරා දමා ඇති මිනිසුන් සංඛ්‍යාව මිලියන සිය ගණනක් වන්නට ඇත.
නමුත් ඒ අතරින් අප දන්නේ ඉතාම සුළු ප්‍රමාණයකි.
මේ ඒ ගැන සම්පිණ්ඩනයකි.
පරම්පරා 60කට පමණ පෙර, අඳුරු යුගයක අප ගේ මුතුන්මිත්තන්ට ජීවත්වන්නට සිදු වූයේ මහාමාරිය විටින් විට පැතිරී ගිය යුගයක ය.
මේ වසංගතය, මීයන් මත සිටින මැක්කන් ගෙන් බෝවන බැක්ටිරියාවකින් සහ ආසාදිත පුද්ගලයන් ගේ ශ්වසන බිදිතිවලින් බෝ විණ.
වසර දෙදහසක කාලයක් පුරා මෙම වසංගතය මිලියන සිය ගණනක් පුද්ගලයන් ගොදුරු කර ගත්තේ ය. 1346-1353 කාල වකවානුවේ පැවැත්විණැයි කියවෙන ‘කාල මරණය‘ (The Black Death) යනුවෙන් හඳුන්වන්නේ මහාමාරිය වසංගතයේ දරුණුම අවධියයි.
මේ රෝගය ආසාදනය වූ විට වසා ගැටිති ඉදිමීම සහ ආසාදනය වීම සිදුවන අතර, එය අවසානයේ පාලනය කෙරුණේ දැඩි නිරෝධායනයෙන් සහ වැඩි දියුණු කරන ලද සනීපාරක්ෂණය හරහා ය.
මේ කිසිවක් රෝගය බෝවන ආකාරය පිළිබද අවබෝධයකින් තොරව කළ නොහැකි බව, ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි බෝවන රෝග පිළිබද මහාචාර්‍යවරයකු වන ස්ටීවන් රයිලි පවසයි. මෙය අදටත් වලංගුවන අදහසකි.
“ඔබට මේ පිළිබද දැනුම ඇති නම්, සහ ඒ දැනුම බෙදා ගත හැකි නම්, රෝගය බෝවීම අවම කර ගැනීමට ඔබට හැකියාව ඇති” යැයි ඔහු කියා සිටියි.
තවමත් මේ වසංගතය කලින් කලිට මතුවෙතත්, එයට ප්‍රතිජීවක හරහා සාර්ථකව ප්‍රතිකාර කිරීමට පිළිවන.
මෙහි ප්‍රධාන පැතිරීම් කීපයක් වාර්තා වූ අතර, මුලින් ම වාර්තා වූයේ 1520 දී ය.
විරියෝලා මයිනර් වයිරසය මගින් ආසාදනය වූ මේ රෝගය, පුද්ගලයන් අතර පැතිර ගිය මරණීය ම රෝගවලින් එකකි.
ද්‍රව පිරුණු බිබිලි සිරුර පුරා ඇති කරවන මේ රෝගය එහි උච්ච ම අවධියේ එය ආසාදනය වූ පුද්ගලයන් දස දෙනෙකු ගෙන් තුන් දෙනෙක් මරා දැමුවේ ය.
ආසාදිත පුද්ගලයකු ගේ නාසයෙන් හෝ මුඛයෙන් වැටෙන බිදිති මගින් හෝ ඔවුන් ගේ තුවාල හරහා රෝගය බෝ විය.
මේ වෛරසයට සත්ත්ව ධාරකයෙකු සිටියේ නැත.
මහාමාරිය මෙන් වසුරිය ද මිලියන සිය ගණනක් පුද්ගලයන් සිය ග්‍රහණයට ගත්තේ ය. විසි වැනි සියවසේ පමණක් වසුරිය හේතුවෙන් මිලියන තුන්සියයක් පුද්ගලයන් මිය ගියහ. එහෙත් වර්තමානයේ වසුරිය නිසා කිසිවකු මිය යන්නේ නැත.
1796 දී බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකු වන එඩ්වර්ඩ් ජෙනර් වසූරිය එන්නතක් සොයා ගත් අතර එ වැනි විද්‍යාත්මක සොයා ගැනීම්වලට ස්තූති වන්නට මේ වසංගතය මිනිස් සමාජයෙන් සම්පූර්ණයෙන් ම තුරන් කර ඇත. එහෙත් එයට ද සියවස් දෙකක් පමණ ගත විය.
මෙයාකාරයට තුරන් කරන ලද එක ම රෝගය වසුරිය යි. සද මත පා තැබීම හා සමව මානව වර්ගයා විසින් අත් කරගත් තවත් ජයග්‍රහණයක් ලෙස මහාචාර්‍ය රයිලි මෙය හඳුන්වයි.
අද වන තෙක් විවිධ පැතිරීම් කිහිපයක් සිදු ව ඇති අතර මෙහි උච්ච්තම අවස්ථාව වාර්තා වන්නේ 1817 දී ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වසංගත අටකින් පුද්ගලයන් මිලියන ගණනක් මේ රෝගය නිසා මිය ගොස් ඇත. මෙය බෝවන්නේ ආසාදනය වී ඇති ජලයෙන් සහ ආහාරවලිනි.
බටහිර රටවල වැඩි දියුණු කරන ලද පිරිසිදුකම සහ සනීපාරක්ෂාව හේතුවෙන් කොලරාව ඒ රටවල මේ වන විට නො තිබුණ ද, අඩු ආදායම් සහිත රටවල අදටත් කොලරාව හේතුවෙන් 100,000ත් 140,000ත් අතර පිරිසක් මිය යති.
වත්මන් තරුණ පරපුරට, පරම්පරා දෙකකට පමණ පෙර විසිවැනි සියවසේ මුල් භාගයේ ලොව පුරා බෝ වී ගිය උණ තත්ත්වය මෙය යි. ස්පාඤ්ඤ උණ යැයි ද 1918 කාලවකවානුවේ කියැවුණු මේ රෝග තත්ත්වය මෑත ඉතිහාසයේ භයානක ම රෝග පැතිරීම ලෙස සැලැකෙන්නේ මිලියන 50ත් 100ත් අතර ප්‍රමාණයක සිය මරණීය ග්‍රහනයට නතු කර ගනිමිනි.
වර්තමාන කොරෝනා වෛරස තත්ත්වයට සමානව ම, නිරෝධායනය සහ සමාජ දූරස්ථභාවය මෙහි පැතිරීම අවම කළේ ය.
එහෙත් වෙනත් ඉන්ෆ්ලුවෙන්සා වර්ග ලොව පුරා ඇති විය.
1968 වර්ෂයේ දී, හොංකොං උණ ආසාදනය වීමෙන් මිලියනයකට ආසන්න පිරිසක් මිය ගිය අතර තවමත් එය මෝසම් උණක් ලෙස වාර්ෂිකව හට ගනී. ලෝක ජනගහණයෙන් 21%කට පමණ ආසාදනය වූ සූකර උණ ද එවැන්නකි.
ඉන්ෆ්ලුවෙන්සාව හරහා “වසංගත තර්ජනයක්” (a pandemic threat) ඇතිවන්නට තවමත් ඉඩකඩ ඇති බව මහාචාර්‍ය රයිලි පවසයි.
වසර හතළිහකට පමණ පෙර, ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළ HIV/ඒඩ්ස් රෝගය හේතුවෙන් මිලියන 32ක් පමණ පිරිසක් මරණයට පත් වූහ.
HIV “විය හැකි නරක ම ආකාරයේ” වෛරසයක් ලෙස හැදින්විය හැකි බව මහාචාර්‍ය රයිලි පෙන්වා දෙයි. ඒ එහි රෝග ලක්ෂන පෙන්වීමට යන කාලයත්, මරණ සිදුවන වේගයත් හේතු කොට ගෙන ය. තමන්ට රෝගය තිබේ යැයි දැනගන්නටත් ප්‍රථම රෝගය වෙනකකුට බෝ වී තිබෙන්නට පිළිවන.
කෙසේවෙතත්, රෝග හදුනා ගැනීමේ උපක්‍රම සහ ලෝක මහජන සෞඛ්‍ය ව්‍යාපාර – ලිංගික චර්‍යා වඩාත් ආරක්ෂාකාරීව කරන්නට පුද්ගලයන් හුරු කරවීමත් සමග මෙය ආසාදනය වීමේ වේගය අඩු වී ඇත.
එය එසේ වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2019 වසරේ පමණක් ඒඩ්ස් රෝගයෙන් 690,000 පමණ සංඛ්‍යාවක් මරු වැළදගෙන ඇත.
HIV රෝගයට නිශ්චිත ප්‍රතිකර්මයක් නැතත්, ඖෂධ භාවිතයෙන් සහ යහපත් සෞඛ්‍ය පුරුදු ඇසුරෙන් මෙය ආසාදනය වූ අයෙකුට දිගු, සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇත.
සාර්ස් රෝගය (Severe Acute Respiratory Syndrome) – ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ හේතුවෙන් 2002 සහ 2003 කාලය අතර 800කට අධික පිරිසක් මිය ගියහ.
2003 ජූලි මස අවසානය වන විට නව ආසාදිතයන් වාර්තා නොවූයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහි පැතිරීම අවසාන බවට නිවේදනය කළේ ය.
ඉන් ටික කලකට පසුව තවත් කොරෝනාවෛරසයක් වන මර්ස් රෝගය (Middle East Respiratory Syndrome) පැතිරුණු අතර ඉන් 912 දෙනකු මිය ගියහ. මෙය වඩාත් පැතිර ගිය අරාබියානු අර්ධද්වීපයෙහි ය.
මර්ස් වෛරසය ආසාදයන විය හැකි ප්‍රතිශතය එක්සත් රාජධානිය වැනි රටක ඉතා අවම වුවත් මැද පෙරදිග දී ඔටුවන් ගෙන මෙය බෝවිය හැකි නිසා එහි දී මර්ස් රෝගය ආසාදනය විය හැකි ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.
දැන්, අප ගේ ජීවිත කාලය තුළ සාර්ස්-cov වෛරසයේ ම දිගුවක් වන සාර්ස්-cov 2 වෛරසය මගින් ශ්වසන රෝගයක් වන කොවිඩ් 19 ආසාදනය වේ.
කොවිඩ් 19 රෝගයේ විශේෂිත බව එහි රෝග ලක්ෂන කිසිවක් නොමැති වීමේ සිට මරණීය විය හැකි වීමෙහි ද, රෝග ලක්ෂන පෙන්වීමටත් පෙර රෝගය බෝව යාමට ඇති හැකියාව ද මත රදා පවතියි.
“මේ හේතූන් නිසා මෙය පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයක පවතිනවා” යැයි මහාචාර්‍ය රයිලි පවසයි.
මිලියනයකට අධික පිරිසක් කොව්ඩ් 19 රෝගයෙන් මිය ගොස් ඇති අතර, ඊට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් අපේක්ෂිත ය.
ඒ නිසා අප මුලින් ඇසූ ප්‍රශ්නය – වසංගතයක් අවසාන වන්නේ කොහොමද? යන්නට උත්තරය ‘මිනිසුන් මිලියන ගණනක් මරා දැමීමෙන් පසුව ය‘‘ යැයි ද විය හැකිය.