×

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඇෆ්ගනිස්ථානයට අරමුදල් ලබාදීම අත්හිටුවයි – මේ මාසයේ ලැබෙන්නට තිබූ පවුම් මිලියන 268 කුත් නතර වෙයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF, ඇෆ්ගනිස්ථානය වෙත අරමුදල් සැපයීම තාවකාලික ලෙස අත්හිටුවා තිබේ.


ඒ සමගම මේ වන විට ඇෆ්ගනිස්ථානය වෙත අරමුදල් ලබාදීම අත්හිටවා ඇති අන්තර්ජාතික සංවිධාන ගණනාව අතරට ඔවුන් ද එක් වේ.

මෙම තීරණය ගෙන තිබෙන්නේ තලෙයිබාන් සංවිධානය මගින් සිය රටට ලබාදෙන ආධාර මුදල් නතර නොකරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබෙන අතරවාරයේ ය.

මේ අතර, මේ මාසයේ ලබාදෙන්නට නියමිත ව තිබූ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 268 ක අරමුදල ද මේ අනුව අත්හිටුවා ඇත.

ඇෆ්ගනිස්ථානයේ රාජ්‍යත්වය සහ ආණ්ඩුව අන්තර්ජාතික ප්‍රජාව විසින් පිළිගැනීමට ලක් කිරීමේ පවතින බරපතළ ගැටළුකාරී බව උත්සන්න වෙමින් තිබේ.

මෙහිදී වැදගත් කරුණක් වන්නේ මේ වන විට ඇෆ්ගනිස්ථානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 42.9%ක් ලැබෙනුයේ විදේශ අරමුදල් ප්‍රදානයන් මගින් වීමයි.

සංචිතත් අත්හිටුවයි

මේ අතර ඇමරිකානු ඩොලර් මිලියන 440 ක මුදල් සංචිතයක් ද IMF විසින් අත්හිටුවා ඇත්තේ, ඇමරිකානු මහා භාණ්ඩාගාරයෙන් එල්ල වූ පීඩනය මත ය. මෙම සංචිත අරමුදල පාලනය කරන්නේ ඇමරිකාව විසිනි.

SDR ලෙස හඳුන්වන මෙම සංචිතවලට මේ ආකාරයෙන්ම ප්‍රවේශය අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මියැන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව ද සිදුවිය.

2019 වසරේදී වෙනිසියුලාව සම්බන්ධයෙන් ද අනුගමනය කළේය. ඒ, වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මඩූරෝ ගේ ප්‍රධානත්වයෙන් යුක්ත ආණ්ඩුව පිළිගැනීමට මෙම අරමුදලේ බහුතර කොටස්හිමි සාමාජිකයන් (රටවල් 50කට වඩා වැඩි) තීරණය කිරීමත් සමග ය. වෙනිසියුලාවේ ඇති වූ උග්‍ර ආර්ථික අර්බුදයට මෙය ද ප්‍රබල හේතුවක් සේ සැලකේ.

රට තුළ මුදල් හිඟයක් සහ ආහාර හිඟයක් දැනටම

ද ගාඩියන් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා ගණනාවක සඳහන් වන අන්දමට, මේ වන විටත් ඇෆ්ගනිස්ථානය තුළ මුදල් හිඟයක් සහ ආහාර හිඟයක් ඇති වෙමින් පවතියි. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ද මුදල් රහිතව හිස් වෙමින් පවතියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි