×

තෙවැනි වරටත් අගමැති මෝදිමද?

පසුගිය අප්‍රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වුණු අතර එය ඊයේ අවසන් විය.


සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය අප්‍රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වුණු අතර එය ඊයේ අවසන් විය.

ඒ අනුව විශ්ලේෂකයින් මත පළකරන්නේ, ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තුන්වන වතාවටත් ධුරයට පත්විය හැකි බවටයි. එහි ප්‍රතිඵල ලබන අඟහවරුවාදා නිකුත් කිරීමට නියමිත අතර, ඉන්දීය මාධ්‍ය හා දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරන්නේ නරේන්ද්‍ර මෝදිට තුන්වන වතාවටත් එරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවීම සඳහා මෙරට මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් හිමිවනු ඇති බවයි.

රජයක් පිහිටුවීම සඳහා එරට පාර්ලිමේන්තුවේ ආසන 272ක් ජයග්‍රහණය කළ යුතු අතර භාරතීය ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එම ඉලක්කය පහසුවෙන් සපුරාගනු ඇති බවට මත පළවන අතර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ රජයක් පිහිටුවීම සඳහා ඉන්දීය ජනතාව මෙවරත් තම ඡන්දය ප්‍රකාශ කර ඇති බව ඊයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් අනතුරුව එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි