×

කාශ්මීරය වෙනුවෙන් ඉන්දියාව හා පාකිස්ථාන න්‍යෂ්ටික බලවතුන් ගැටුණු ඉතිහාස කතාව.

යුද්ධය කිසිදා සාධාරණ හෝ මානුෂික නොවේ කුමන පදනමකින් යුද්ධ කළද එය අසාධාරණ ක්‍රියාවලියකි. ඉන් කිසිදා වීරයන් බිහි නොවේ.


ඉන්දියාව සහ පකිස්ථානය මීට වසර 75 කට පෙර උපත ලැබුවේ යටත් විජිත බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියානු උපමහාද්වීපය සිය පාලනයෙන් නිදහස් කිරීමත් සමඟය. මෙහිදී ප්‍රධාන වශයෙන් හින්දුන් බහුතරයක් ඇති කොටස ඉන්දියාව ලෙසත් සහ මුස්ලිම් බහුතරයක් සිටින කොටස පකිස්ථානය ලෙසත් නම්කර බෙදා වෙන් කළ බව සඳහන් වේ. දුර්වල ලෙස සකස් කරන ලද බෙදීම පසු කාලීනව අවුල් ජාලාවක් බවට පත් විය.

ඉතිහාසය පුරා අවස්ථා ගණනාවකදී දෙපාර්ශවය කාශ්මීරය වෙනුවෙන් යුධ වැදුණු ඉතිහාසයක් ඇති අතර මේ වනවිට න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා ප්‍රධාන වශයෙන් මතභේදයට තුඩු දී ඇති කාශ්මීර ප්‍රදේශය සම්බන්ධයෙන් පරස්පර විරෝධී ආකල්පයක සිටියි. මුලින්ම 1947 දී කාශ්මීරය වෙනුවෙන් දෙපාර්ශවය අතර යුධමය තත්වයක් ඇති විය. යුද්ධයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයසහිතව 770km (සැතපුම්-478) සටන් විරාම රේඛාවක් අඳින ලදි. එය මේ වන විට තථ්‍ය දේශසීමා බවට පත් වන අතර, දෙපස දැඩි ලෙස මිලිටරිකරණය වී ඇත.


1974 සිට දෙපාර්ශවය අතර න්‍යෂ්ටික අත්හදාබැලීම් ඇති වූ අතර ඉන්දියාව 1974 දී සිය පළමු පරමාණු බෝම්බය පුපුරවා හරිනු ලැබීය. ඉන්දියාව එම වසරේ අත්හදා බැලීම් පහක් සහ පාකිස්තානය හයක් සිදු කරයි. පිළිවෙලින් ලෝකයේ හයවන සහ හත්වන න්‍යෂ්ටික බලවතුන් බවට ඔවුන් පත් විය.

1989 දී නව දිල්ලියේ පාලනයට එරෙහිව ඉන්දීය පාලිත කාශ්මීරයේ කැරැල්ලක් හටගත් අතර, ආරක්ෂක හමුදා සහ කාශ්මීර කැරලිකරුවන් අතර සටන් කලාපය තුළ කැරලි ගැසීම නිසා ඊළඟ වසරවලදී සටන්කරුවන් සහ සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගියහ. කැරැල්ල අල්ලා ගැනීමත් සමඟ ගැටුමේ දෙපැත්තෙන්ම පුලුල්ව පැතිරුනු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලේඛනගත වේ. පළිගැනීමේ ප්‍රහාරවලට බියෙන් 1990 සිට කාශ්මීර හින්දු ජාතිකයන් දහස් ගණනක් ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවලට පලා ගියහ.
1999 දී, පකිස්ථානයේ පිටුබලය ලබන කැරලිකරුවන් විසින් දේශසීමා තරණය කරමින්, කාගිල් කඳුකරයේ අයිස් සහිත උසින් පිහිටි ඉන්දීය හමුදා මුරපොලවල් අල්ලා ගත්හ. මේත් සමඟ දෙපාර්ශ්වයේම සටන්කරුවන් සහ සොල්දාදුවන් 1,000කට ආසන්න ප්‍රමාණයක් මරා දැමූ සති 10ක ගැටුමක් ඇති විය.

2001 සහ 2002 ප්‍රහාර මාලාවක් හරහා දෙපාර්ශවයේම නව හමුදා බලමුලු ගැන්වීම කළ අතර 2003 දී දේශසීමාවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලද නමුත් ඊළඟ වසරේ දියත් කරන ලද සාම ක්‍රියාවලියක් අවිනිශ්චිත ලෙස අවසන් විය.

2008 නොවැම්බරයේදී දැඩි ආයුධ සන්නද්ධ ප්‍රහාරක කණ්ඩායමක් විසින් ඉන්දියාවේ මුම්බායි නගරයට පහර දී 166 දෙනෙකු මරා දැමූ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පකිස්තාන ඔත්තු සේවයට චෝදනා කරන අතර පැවැති සාම සාකච්ඡාව්න මේ හේතුවෙන් අත් හිටුවන ලදි. 2011 දී සම්බන්ධතා නැවත ආරම්භ වන නමුත්, වරින් වර ඇති වන සටන් වලින් තත්වය විනාශ විය.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2015 දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ හදිසි සංචාරයක නිරත විය. 2019 ස්වයං පාලනය අවලංගු කරන ලදී. පකිස්ථානය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් 2019 කාශ්මීරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පැරාමිලිටරි සාමාජිකයින් 41 දෙනෙකු මිය යාමෙන් පසු ඉන්දියාව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිඥා දෙනු ලැබීය.

යුද්ධය කිසිදා සාධාරණ හෝ මානුෂික නොවේ කුමන පදනමකින් යුද්ධ කළද එය අසාධාරණ ක්‍රියාවලියකි. ඉන් කිසිදා වීරයන් බිහි නොවේ. කාශ්මීරය වෙනුවෙන් ඉන්දියාව හා පාකිස්ථානය අතර ගැටීමෙන් දස දහස් ගණනක්, සිවිල් වැසියන් දෙපාර්ශවයෙන්ම මිය ගොස් ඇත. නැවත යුධ ගිණි ඇවිළීම අද හෝ හෙට සිදුවනු ඇත.

සශිකලා මධුෂාණි_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි