රෂිකා හෙන්නායක ජූලි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
උතුරු කොරියාව ජනතාවගේ පරාදීසයක් බවට පත් කිරීම වත්මන් පරපුරේ පූජනීය මෙහෙවරක් බව උතුරු කොරියා නායකයා පවසයි. කොරියානු යුද්ධයේ සැමරුම් උළෙලකට එක්වෙමින් උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් මේ බව සදහන් කළේය.
පෙර පරම්පාරවන් තම ලෙයින් ආරක්ෂා කළ දෘෂ්ටිවාදය මත පදනම්ව ජනතාවගේ පරාදීසයක් ගොඩ නැගීමට කටයුතු කළ යුතු බව ද උතුරු කොරියා නායකයා පෙන්වා දෙයි. 1950 – 1953 වසරවල දී උතුරු කොරියාව සමග සටන් කළ චීන මහජන විමුක්ති හමුදාවේ සෙබළුන් සිහිපත් කිරීම මෙහිදි සිදුකෙරුණි.
1953 වසරේ ජූලි 27 වන දින උතුරු කොරියාව, ඇමෙරිකාව හා චීනය සමග සටන් විරාම ගිවිසුමකට එළඹියේ වසර තුනක යුද ගැටුම් අවසන් කරමින්. කෙසේ වුවද දකුණු කොරියාව ඊයේ දිනයේ දී කිසිදු යුද සැමරුමක් සිදුකළ නොමැති බව ද වාර්තා වේ.