×

ඇමරිකානු සමාගම් කිහිපයකට චීනයේ නව ආයෝජන සහ ආනයන හා අපනයන කටයුතු තහනම් වෙයි!

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කළ බව පැවසේ


facebook sharing button 

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇතැම් ඇමරිකානු සමාගම් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කළ බව පවසන චීන වාණිජ අමාත්‍යාංශය, එම සමාඟම් විශ්වසනීයත්වයක් නොමැති ආයතන ලැයිස්තුවට ඇතුළත් කළ බව චීන වාණිජ අමාත්‍යාංශය අද (20) නිවේදනය කරන ලද බව Business Standard පුවත් සේවය වාර්තා කරයි. .

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කළ බැවින් එම සමාගම් චීනයට අදාළ ආනයන හා අපනයන කටයුතුවල නිරත වීම මෙන්ම චීනයේ නව ආයෝජන සිදු කිරීම තහනම් කර තිබෙන බව වාර්තා වේ.

තවද එම සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්ට චීනයට පිවිසීමට ද අවසර නොලැබෙන බව ද සඳහන් වන අතර, චීනයේදී ඔවුන්ගේ රාජකාරී බලපත්‍ර, කෙටි හෝ දිගුකාලීන ව රැඳී සිටීමේ සුදුසුකම් ද අහෝසි කර තිබෙන බව වැඩි දුරටත් වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි