×

BBC – සතියේ හොඳම ඡායාරූප

BBC පුවත් සේවය විසින් තේරූ ගෙවී ගිය සතියේ හොඳම ප්‍රවෘත්ති ඡායාරූප - ලොව පුරා අන්තර්ජාතික පුවත් සේවාවන් හි පළ වූ...


‘අපිට ඇහුම්කන් නොදුන්නාට..“

ප්‍රංශයේ පැරිස් නුවර ජාතික සභාවේදී යොවුන් පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් ඇතුළු යෙහෙළියන් ආණ්ඩුකරණ සැසියේදී බලා සිටි ආකාරය. මේ සැසියේදී 16 හැවිරිදි පරිසර වීරවරිය පරිසර වෙනස්කම් ජය ගැනීමට නම් විද්‍යාව පෙරටුකරගෙන සමගි වන්නැයි ඉල්ලා සිටියාය. ‘‘ඔබ අපට ඇහුම්කන් දෙන්න ඕනෙ නෑ. නමුත් විද්‍යාවට ඇහුම්කන්න දෙන්න‘‘ යැයි එහිදී ඇය නීති සම්පාදකයන් හමුවේ කියා සිටියාය.

Swedish environmental activist Greta Thunberg, Ivy-Fleur Boileau, Virgile Mouquet, Adelaide Charlier and Alicia Arquetoux, French activists from the Youth for Climate movement at the National Assembly in Paris, France
PHILIPPE WOJAZER / REUTERS

‘ලිබ් ඩිම්‘ ජෝ

දේශපාලන විචාරකයන් විසින් අවිචාර විකටයෙකු සේ හැඳින්වෙන බොරිස් ජොන්සන් දැන් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ය. මේ හා සමගාමීව එක්සත් රාජධානියේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ද නව නායකත්වයන් නම් කළේය. මේ ‘ලිම් ඩිම්‘ ලෙස කෙටියෙන් හඳුන්වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නව නායිකාව ලෙස ජෝ ස්වින්ටන් තෝරාගත් අවස්ථාවයි. එම පක්ෂයේ 31 අවුරුදු ඉතිහාසය තුළ කාන්තාවක් පක්ෂ නායකත්වයට පත් වූ පළමු අවස්ථාව ද මෙයයි.

Jo Swinson is named as the new leader of the Liberal Democrats at Proud Embankment
JEFF J MITCHELL / GETTY IMAGES)

බොරිස් පුතා – සිරස නමා

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය කැබිනට් මණ්ඩලය නම් කිරීමට පෙර බ්‍රිතාන්‍ය මහ රැජින මුණ ගැසුණු අවස්ථාව. බොරිස් ජොන්සන් එක්සත් රාජධානියේ 55 වැනි අගමැතිවරයා ය.

Queen Elizabeth II welcomes Boris Johnson during an audience in Buckingham Palace
VICTORIA JONES / POOL VIA REUTERS

රන් ආකරයෙන් මතුවන මිනිසා

ඝානාවේ න්යුයාම් රත්රන් ආකරයෙන් මතු වන මිනිසෙක්

A man emerges from a gold mining pit in Nsuaem-Top, Ghana
ZOHRA BENSEMRA / REUTERS

ගෑවී නොගෑවී පණ එපා වීම

ඇමරිකාවේ උටාහ් ජනපදයේ අගනුවර වශයෙන් සැලකෙන සෝල්ට් ලේක් සිටි හිදී Tigres UANL සහ Real Salt Lake පාපන්දු පිල් අතර පැවති තරගයේ දෙවැනි භාගයේදී තරගයට මෙසේ බාධා කළේ අනාරාධිතයෙකි.

A cat runs in front of a footballer
JEFF SWINGER-USA TODAY / REUTERS

බටහිර ඉවුරේ ආඩම්බරය

බටහිර ඉවුරේ හීබ්‍රොන් සරසවියේදී උපාධිධාරීන් බවට පත්වූ පලස්තීන ශිෂ්‍යාවන් 1117 දෙනෙකු මෙසේ කැමරා කාචයට හසු ව තිබිණි. මෙහි අතරින් පතර ශිෂ්‍යයන් සිටින බව බැලූ බැල්මට ඔබට නොපෙනෙනවා ඇත.

Students graduate from Hebron University
ABED AL HASHLAMOUN / EPA

කඩවුණු බලාපොරොත්තුව

හිටපු ජෙට් ස්කී ශූරයෙකු වන ෆ්‍රැන්කි සැපාටා උතුරු දිග ප්‍රංශයේ සිට දකුණු දිග ප්‍රංශයට විනාඩි 20 කින් යාමට බලාපොරොත්තු විය. ඒ, ජෙට් ප්‍රචාලන බලය සහිත ඔහුගේ ෆ්ලයිබෝඩය මත නැගී ය. නමුත් ගමනේ අඩක් ගෙවුණු තැන ඔහුගේ බලාපොරොත්තුව සුන් වී ඔහු වතුරට වැටුණේය. කෙසේ නමුත් ලබන සතියේදී නැවත උත්සාහ කිරීමට සැපාටා බලාපොරොත්තු වෙයි.

Franky Zapata stands on his jet-powered flyboard as he takes off from Sangatte, northern France
DENIS CHARLET / AFP

හෝමෝෆෝබික් ආණ්ඩුකාර ගෙදර ගිය සතුට

පුවටෝ රිකෝ හි ආණ්ඩුකාර රිකාඩෝ රොසෙලෝ මෙයට දින කිහිපයකට පෙර ස්ත්‍රීන් සහ සමරිසි ජනතාව හෙළා දකින ආකාරයේ ටෙක්ස්ට් මැසේජ කිහිපයක් යවා තිබූ අතර, ඒවා සමාජ ජාලවල සංසරණය විය. මේ පුවත අති විශාල වීදි උද්ඝෝෂණවලට ද හේතු වූ අතර අවසානයේ හෝමෝෆෝබික් ආණ්ඩුකාරවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. මේ එහි සතුට සමරන සමකාමී යුවළකි.

Two women embrace in Old San Juan, Puerto Rico
JOE RAEDLE / GETTY IMAGES

ළය ආර ශූරයාගේ තුන් ඈඳුතු රන් පදක්කම

මහා බ්‍රිතාන්‍යයේ පිහිනුම් ශූර ඇඩම් පීටි සිය සත්වන ලෝක ශූරතා පදක්කම ද පසුගියදා දිනා ගත්තේය. ඒ අනුව 2015 සිට වසර 3 ක් එනම් 2015, 2017 සහ 2019 වසරවලදී මීටර 50 සහ මීටර 100 ළය ආර පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ඉතිහාසගත වීරයෙක් බවට ඔහු පත් වේ.

Adam Peaty of Great Britain competes in the Men's 100m Breaststroke Final
MADDIE MEYER / GETTY IMAGES

කූල් වෙන්න විදියක්

මේ දිනවල ප්‍රංශය, බෙල්ජියම සහ ජර්මනිය වැනි රටවල් ඇතුළත්ව බටහිර යුරෝපය පුරා තාප ධාරාවන් පැතිර යමින් තිබෙන්නේ පරිසර උෂ්ණත්වය හිටිහැටියේ ඉහළ දමමිනි. ඒ සමගම සත්වෝද්‍යානවල ජීවත්වන සතුන් අධික උණුසුමෙන් බේරාගැනීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීමට සිදු වේ. මේ ස්විට්සර්ලන්තයේ සර්වියන් සත්වෝද්‍යානයේ අධික උණුසුමෙන් සහනයක් පතමින් අයිස්වල ඔබ්බවා තිබෙන පලතුරු, සිය මව සමග රස විදින දුඹුරු වලස් පැටවෙකි.

Two bears eat frozen fruit at a zoo in Switzerland
EAN-CHRISTOPHE BOTT / EPA

-BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි