×

නැපෝලියන්ගේ තොප්පිය සහ මහරැජිනගේ පියානෝව

මේ තියෙන්නේ නැපෝලියන්ගේ තොප්පියේ හැඩයෙන් බ්‍රිතාන්‍යයේ මහරැජින තෑගි කළ පියානෝවයි.


1853 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ එවකට සිටි වික්ටෝරියා මහ රැජින නැපෝලියන් අධිරාජ්‍යයාගේ ඥාති පුතෙකුට මංගල තෑග්ග වශයෙන් යැව්වේ සුප්‍රසිද්ධ ‘නැපෝලියන් තොප්පියේ‘ හැඩයෙන් යුතු පියානෝවකි.

ලෝකයෙන් බාගයක් යටත් කර ගත් බව කියන රණකාමී නැපෝලියන් අධිරාජ්‍යයා තරමට ඔහු පැළඳි තොප්පිය ද ජනප්‍රිය ය.

Irish Times
Irish Times

2014 වසරේදී නැපෝලියන් අධිරාජ්‍යයා පැළඳි තොප්පිය දකුණු කොරියානුවෙකු විසින් පවුම් මිලියන 1.9කට වෙන්දේසියකින් මිලදී ගැනීම මගින් ඒ බව තහවුරු වේ.

මේ තිබෙන්නේ එසේ වෙන්දේසි වු නැපෝලියන් අධිරාජ්‍යයාගේ සැබෑ තොප්පියයි.

මේ තිබෙන්නේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ පුතෙකු වෙත එදා වික්ටෝරියා මහ රැජින යැවූ, තොප්පියේ හැඩයෙන් යුක්ත පියානෝවයි.

බොහෝ අයට අනුව මේ පියානෝව, පියානෝවක හැඩයක් ගන්නේ නැහැ. නමුත් නැපෝලියානු උරුමය සිහිගන්වන්නට සහ බ්‍රිතාන්‍යය ප්‍රංශයේ මිතුරෙකු බව පෙන්වන්නට දිය හැකි හොඳම තෑග්ග මෙය බව මහරැජින සිතන්නට ඇති.

Town & Country Magazine
Town & Country Magazine

මේ අතරේ, වික්ටෝරියා මහරැජින සංගීත රසඥතාවයෙන් අඩු අයෙක් ලෙසත් ප්‍රකටයි. වරක් ඇය තමන් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් ගැන කියා තිබුණේ,  “some pianist performed”- ‘‘කවුද පියානෝ වාදකයෙක් වාදනයක් ඉදිරිපත් කළා‘‘ යනුවෙන්. නමුත් ඒ පියානෝ වාදකයා අන්කිසිවෙක් නොව, ඒ වන විට ලෝකයේ සිටි කීර්තිමත්ම පියානෝ වාදකයෙකු වූ ෆ්‍රෙඩ්රික් චොපින් – Fryderyk Chopin බවත් වාර්තා වනවා.

Napoleon Hat
Napoleon Hat

කොහොම වුණත් විලාසිතා ලෝකයේ නැපෝලියන් හැට් එකට තිබෙන තැන නම් අද දක්වාම අඩු වී නැහැ. අද වන විට එය ලෝකයේ ප්‍රකට පෙළේ විලාසිතා වේදිකාවලදී සුරූපී ළඳුන්ගේ හිස සරසන අන්දමත් දැකගන්නට පුළුවන්.

Fanplusfriend
Fanplusfriend


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි