×

ත්‍රිපුරයේ හින්දුන් හා මුස්ලිම්වරු අතර නැවත ගැටුම්

දෙපාර්ෂව අතර ගැටුම් හේතුවෙන් මේ වනවිට 17 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇත.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ත්‍රිපුරයේ ප්‍රධාන හින්දු උත්සවයක් වන දුර්ගා පූජා සඳහා ප්‍රාදේශීය හින්දු සමාජයකට දායක මුදලක් ගෙවීමට මෝටර් රථයක මුස්ලිම් රියදුරෙකු ප්‍රතික්ෂේප කිරීමත් සමඟ හින්දු සහ මුස්ලිම්වරුන් අතර ගැටුම් ඇතිව තිබේ.

හින්දු බහුතරයක් වෙසෙන උතුරු ත්‍රිපුර ප්‍රදේශයේ කඩම්තල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මුස්ලිම් ජනතාව හින්දු සහ මුස්ලිම් අතර සහජීවනයේ සලකුණක් ලෙස දුර්ගා පූජා සැමරුම් සඳහා සාම්ප්‍රදායිකව දායක මුදල් ගෙවීම සිදුවන අතර මෙවර තත්වය වෙනස් වී ඇත.

දෙපාර්ෂව අතර ගැටුම් හේතුවෙන් මේ වනවිට 17 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇත.

ත්‍රිපුරයේ සමස්ත ජනගහනයෙන් හින්දු ජාතිකයින් සියයට 64 කට වඩා වැඩි වන අතර මුස්ලිම්වරුන් සියයට 35 කට ආසන්න වේ. ප්‍රාන්තයේ විශාලතම සුළුතර කණ්ඩායම වන මුස්ලිම්වරු ද ත්‍රිපුරයේ මිලියන 3.6 ජනගහනයෙන් සියයට 9ක් පමණ වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි