×

ඇමරිකාවේ FBI නිලධාරීන්ටත් වැටුප් නැහැ – ට්‍රම්ප්ගෙන් ඉතිහාසගත වාර්තාවක්

ඇමරිකාවේ මෙක්සිකානු දේශසීමාවේ තාප්පයක්/බාධකයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන ඩොලර් බිලියන 5.7 ක මුදලක් ලබාදීම කොංග්‍රසය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇරඹුණු මධ්‍යම රජය අයවැය නොමැති කමින් අකර්මණ්‍ය වීම මේ වන විට 22 වැනි දිනය දක්වා දීර්ඝ වී තිබේ.


මෙය, ඇමරිකානු ඉතිහාසයේ වැඩිම කාලයක් තිස්සේ බලපවත්වන මධ්‍යම රජයේ අකර්මණ්‍ය වීමයි.

මෙය කිසිදු ආකාරයකින් විසඳෙන ගැටළුවක් බව ද පෙනෙන්නට නැත.

මීට පෙර ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ සමයේදී 1995-1996 අතර කාලයේ ඇමරිකානු මධ්‍යම රජය දින 21 ක් සඳහා අකර්මණ්‍ය වී තිබිණි.

ඒ අනුව වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බිඳ දමා තිබෙන්නේ බිල් ක්ලින්ටන්ගේ වාර්තාවයි.

EPA
EPA

කොංග්‍රසය සිය ඉල්ලීමට එකඟ වී තාප්පය ඉදිකිරීම සඳහා මුදල් ලබාදෙන තෙක්, තමන් කිසිදු අයවැය යෝජනාවකට අත්සන් නොකරන බව ට්‍රම්ප් එකහෙළා පවසයි. ඇමරිකානු ෆෙඩරල් අයවැය සම්මත වීමට නම් ජනාධිපතිවරයාගේ අත්සන අත්‍යාවශ්‍ය ය.

මේ වන විට ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවෙන් 1/4 ක් පමණක් ක්‍රියාත්මක වන්නේ, සේවකයන්ට පසුව දීමනා ලබාදෙන එකඟතාවය මත ය.

මෙම අකර්මණ්‍ය වීම ආරම්භ වූ දිනයේ පටන් සේවකයන් ලක්ෂ 8කට ඔවුන්ගේ වේතන ලැබී නැත. ඒ අතර බන්ධනාගාර ආරක්ෂකන්, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය සහ FBI නියෝජිතයෝ ද වෙති.

ඔවුන්ට සුපුරුදු පරිදි වැටුප් පත්‍රිකා ලැබී තිබූ අතර, ඒවායේ සඳහන් වී තිබෙන්නේ ඩොලර් 0 කි. බොහෝ අය මේවා සිය සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරමින් සිටිති.

මේ අතර, කොංග්‍රසයේ විරෝධය නොතකා, කොංග්‍රසය නොසලකා හරිමින් ජාතික මට්ටමේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර දේශසීමා තාප්පය ඉදිකිරීමට ද ට්‍රම්ප්ගේ අදහසක් තිබේ. මෙසේ හදිසි තත්වයක්/හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මෙම ගැටළුව විසඳා ගැනීමට තිබෙන ලෙහෙසිම මාර්ගය බව ද ඔහු පවසයි.

GETTY IMAGES Image caption President's Trump's promised wall - or barrier - on the Mexican border is a key issue in the shutdown
GETTY IMAGES | ට්‍රම්ප්ගේ සිහින තාප්පය

කෙසේ නමුත් මේ වන විට වැඩි ඩිමොක්‍රටික් බලයක් සහිත ඇමරිකානු කොංග්‍රසයේ නව කථානායිකාව බවට පත්ව තිබෙන නැන්සි පොලොසි මෙවැනි පියවරකට ඉඩ දීමට සූදානම් නැති බව ද වාර්තා වේ.

පෙර ලිපි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි