×

පැපුවා නිව්ගිනියාවට ආ පාප් වහන්සේ!

පැපුවා නිව්ගිනියා රජයෙන් සහ එරට ජනතාවගෙන් පාප් වහන්සේට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක් හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ආසියානු කලාපයේ සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාවට ගොස් තිබෙන බව වාර්තා වේ. පැපුවා නිව්ගිනියා රජයෙන් සහ එරට ජනතාවගෙන් පාප් වහන්සේට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක් හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වානිමෝ වෙරළාශ්‍රිත නගරයේ දී පැපුවා නිව්ගිනියා බලධාරීන් පාප්තුමන් පිළිගත්තේ එරට ස්වදේශීය වැසියන්ගේ සම්ප්‍රදායට අනුව, පිහාටුවලින් හැඩ ගැන්වුණු හිස් වැස්මක් පලඳවමිනි.මිෂනාරීවරුන් කළ ආරාධනාවක් පිළිගනිමින්, පාප්තුමන් පැපුවා නිව් ගිනියාවට පැමිණියේය .

පෝර්ට් මෝර්ස්බි නගරයේ පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වුණු අතර 35,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි