×

පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවර කරයි!

පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරනු ලැබීය, ඒ ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ විශේෂ ජුබිලි වර්ෂය ආරම්භ කිරීම වෙනුවෙනි.


රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරනු ලැබීය, ඒ ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ විශේෂ ජුබිලි වර්ෂය ආරම්භ කිරීම වෙනුවෙනි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නත්තල් සැන්දෑවේ වතිකානුවේ පැවති උත්සවයකදී රෝමානු කතෝලිකයන් සඳහා විශේෂ ජුබිලි වර්ෂය මෙසේ ආරම්භ කළ බව පැවසේ.

ජුබිලි වර්ෂය එළැඹෙන්නේ  සෑම වසර 25කට වරක් වන අතර, වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ ගඩොලින් තැනූ ශුද්ධ වූ ද්වාරය මෙලෙස විවෘත කෙරුණ බව වාර්තා වේ.

.

ලොව පුරා මිලියන 30කට වැඩි වන්දනාකරුවන් පිරිසක් රෝමයට පැමිණ මෙම ද්වාරය හරහා ගොස් ඔවුන්ගේ පව් සමාකර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි