×

ඊශ්‍රායලය සිරකරුවන් නිදහස් කරන තෙක් යළි සාම සාකච්ජා නෑ – හමාස් සංවිධානය

මේ වනවිට හමාස් සංවිධානය නිවේදනය කර ඇත්තේ, ඊශ්‍රායලය සිරකරුවන් නිදහස් කරන තෙක් යළි සාම සාකච්ජා සඳහා එක් නොවන බවයි.


රෂිකා හෙන්නායක පෙබරවාරි 25 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය දා ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එළඹි සටන් විරාම ගිවිසුමට අනුව (22) සෙනසුරාදා හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 5 දෙනෙකු නිදහස් කරනු ලැබූ බව එරට මාධ්‍ය සඳහන් කළේය.

නමුත්, මේ වනවිට හමාස් සංවිධානය නිවේදනය කර ඇත්තේ, ඊශ්‍රායලය සිරකරුවන් නිදහස් කරන තෙක් යළි සාම සාකච්ජා සඳහා එක් නොවන බවයි.

ඊශ්‍රායලය නිදහස් කිරීමට නියමිතව සිටි 600 කට අධික පලස්තින සිරකරුවන් නිදහස් කිරිම ප්‍රමාද කරන බව නිවේදනය කළේය.හමාස් සංවිධානය චෝදනා කරන්නේ, ඊශ්‍රායලය හිතාමතාම සටන් විරාම ගිවිසුම බිඳ දැමිමේ අරමුණින් මෙවැනි ක්‍රියාවන් වල නිරත වන බවටයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, සති 6 ක කාලයක් සඳහා එළඹි සටන් විරාමයේ පළමු අදියර ලබන සෙනසුරාදා දිනයෙන් අවසන් විමට නියමිත අතර, සටන් විරාමයේ දෙවන අදියරක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ජා පවත්වා නොමැති බවයි.

facebook sharing button



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි