×

“The Rings Of Power” බල මුදුව වටා ගෙතුණු අතීතාවර්ජනය!

ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් (Lord Of The Rings), ද හොබිට් (The Hobbit) යන කතා මාලාවන් සහ එහි උප ග්‍රන්ථ වටා ගෙතුනු ෆැන්ටසි රූපවාහිනී කතා මාලාවකි


වර්තමාන සිනමාකරණයට නව මුහුණුවරක් එකතු කරමින් අතීතයේ විවිධ ජන කොට්ඨාශයන් අතර තිබූ මතභේදයන්, හැල හැප්පීම්, බල තණ්හාව, එකිනෙකාගේ සමඟිය මෙන්ම ආදරය මුසු වූ නිර්මාණයන් ලෙස බල මුදුව වටා ගෙතුණු මෙම කතා මාලාවන් හැඳින්වීමට හැක. මනුෂ්‍යයන්, සුරයන් මෙන්ම කුරු මිනිසුන්ගේ සංකලනයක් වටා ගෙතුණු මෙම කතා මාලාව අප දශක බර ගානක අතීතයකට ගෙන යයි.

ඡායාරූප: Collider

The Rings Of Powers යනු;
ජේ.ආර්.ආර්.ටොල්කියන් (J.J.R. Tolkein) විසින් රචිත ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් (Lord Of The Rings), ද හොබිට් (The Hobbit) යන කතා මාලාවන් සහ එහි උප ග්‍රන්ථ වටා ගෙතුනු ෆැන්ටසි රූපවාහිනී කතා මාලාවකි. මෙය ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් කතාමාලාවට පෙර යුගයෙහි පැවති සෞරෝන්ගේ (Sauron) නැගිටීම පිළිබඳව සඳහන් වන නිර්මාණයකි.

ඡායාරූප: Esquire
ඡායාරූප: the indian express
ඡායාරූප: IGN

මධ්‍යම පෘථිවියේ (Middle Earth) දෙවන යුගයෙහි සිදුවූ ප්‍රධාන සිදුවීම් වනුයේ මනුෂ්‍යයන්ගේ රාජධානියක් වූ නියුමනෝර් හි බිඳ වැටීම සහ සෞරෝන් ගේ නැගිටීම හෙවත් සියලුම මුදු පාලනය කළ හැකි තනි මුද්ද (One Ring) නිර්මාණය කිරීම ආදිය යි. මෙම කතාව තුළ ඔබ අපට ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් කතාවෙහි සිටි අයගේ තරුණ කාලය මැනවින් නිරූපණය කර පෙන්වයි.

ඡායාරූප ; Vulture

මෙහි ෆ්‍රෝඩෝ, සෑම් වැනි හොබිට්ස්ලා (Hobbits) දැක ගැනීමට නැති වුනත් ඊට සමාන හාර්ෆූට් (Harfoot) නම් කොට්ඨාශයක් දැක ගැනීමට හැක. ඉන් නිරූපණය වන්නේ හොබිට්ස් හාර්ෆූට් ලා ගේ ලෙයින් උපන් පරම්පරාවක් ලෙසයි.

ඡායාරූප: Forbes
ඡායාරූප: Times Of India

ගැලැඩ්‍රියල් (Galadriel) එහෙමත් නැතිනම් වනයට අධිපති දෙවඟන Lord Of The Rings කතා මාලාවෙහි ඉතාම සන්සුන් බලැති දෙවඟනක් සේ සිටිය ද The Rings Of Power හි ඇය තරුණ සටන්කාමී එල්ෆ් (Elf) කතකි.

ඡායාරූප: Vox
ඡායාරූප : screen rant

මෙහි තවත් සුවිශේෂී චරිත කිරිපයකි.

හැල්බ්‍රෑන්ඩ් (Halbrand) යනු එවැනි මෙම කතා මාලාවටම ආවේණික වූ චරිතයකි.

ත්‍රාසය, භීතිය, කුතුහලය සමඟින් පිරුණු මෙම සිනමාංගය ආදරයෙන් මුසපත් කිරීමට හෙවත් රෝමාන්තික කොටසක් එකතු කිරීමට නිර්මාණකරුවන් කවදත් අමතක නොකළ බවට ඔබට මතක ඇති. Lord Of The Rings හි ඇරගොන් සහ අරෙවන් අතර වූ පෙම් සබඳතාව මෙන් The Rings Of power හි ඊට අවුරුදු 3000කට පමණ පෙර ඇරන්ඩියර් සහ බ්‍රොන්වින් (Arondir and Bronwyn) අතර පැවතිණි.

ඡායාරූප ; trekking with dennis
ඡායාරූප : CBR

මධ්‍යම දේශය වෙනුවෙන් තම බලය ස්ථාපිත කිරීමට සෞරෝන් ගේ ක්‍රියාකලාපය ද කතාවෙහි ගැබ්ව ඇත.

Lord Of The Rings හි සෞරෝන්ගේ බිඳවැටීම සහ The Rings Of Power හි සෞරොන්ගේ නැඟී සිටීම මූලික ව නිමවූ මෙම කතාංගය ප්‍රේක්ශක ආකර්ෂණය අතිශය ලැබෙන ටෙලි සිත්තමකි.

ඡායාරූප : screen rant

රොන් ආමේස් (Ron Ames) සහ ක්‍රිස් නිව්මන්(Chris Newman) ගේ නිෂ්පාදනයක් වන මෙය පළමු දිගහැරුම ලෙස 2022 සැප්තැම්බර් 01 වන දින සිට මේ වන විට කොටස් කිහිපයක් ටෙලිවිෂනයේ විකාශය කෙරිණි. මෙහි විකාශන අයිතිය ඇමසෝන් ස්ටුඩියෝවට ලබා දී ඇත.

කතාව තවත් දිගට පැහැදිලි කිරීමෙන් කතාවෙහි රස උද්දීපනයක් ඔබ තළ ඇති කරනවාට වඩා, මෙය නරඹා රස විදින ලෙස මම ඇරයුම් කර සිටිමි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි