×

නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂප කරන ලෙස ක්‍රෙමිලනය තමාට බල කළ බව රුසියානු නොබෙල් ත්‍යාගලාභියා පවසයි.

ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කරමින් නොබෙල් කමිටුව පැවසුවේ අලුත් අපරාධ වැළැක්වීම සඳහා අතීත අපරාධවලට මුහුණ දීම අත්‍යවශ්‍ය වේ යන අදහස මත ස්මාරකය ආරම්භ කරන ලද බවයි.


BBC හි HARDtalk වැඩසටහන සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුසියානු නොබෙල්ත්‍යාගලාභී මෙමෝරියල් මානව හිමිකම් ආයතනයේ ප්‍රධානී යාන් රචින්ස්කි පවසා තිබුනේ, යුක්‍රේන මානව හිමිකම් සංවිධානයක් සහ සිරගත කරන ලද බෙලාරුසියානු අයිතිවාසිකම් ආරක්ෂකයා යන අනෙක් සම්මාන ලාභීන් දෙදෙනා නුසුදුසු ලෙස සලකමින් ක්‍රෙම්ලින්හි බලධාරීන් විසින් නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂප කිරීමට තමාට බල කළ බවයි.


මෙහිදී සිවිල් සමාජය ජාතික මායිම්වලින් බෙදී නැති හෙයින් විවිධ රටවල් තුනක ප්‍රතිලාභීන්ට ත්‍යාගය පිරිනැමීමට කමිටුව ගත් තීරණය “විශිෂ්ට” ලෙස රචින්ස්කි මහතා හඳුන්වා තිබිණි.

රුසියාවේ පැරණිතම මානව හිමිකම් කණ්ඩායමක් වන මෙමෝරියල් ආයතනය පසුගිය වසරේ අධිකරණය විසින් තහනම් කරන ලදි. ජීවිත තර්ජන පිළිබඳව අවධානම තිබියදී පවා මේ වන විට රුසියාව වෙනුවෙන් මානව අයිතිවාසිකම් කණ්ඩායම් අවශ්‍ය බවත්, මේ වන විටත් ‌බොහෝ දෙනෙක් මරා දමා ඇති බවත්, අද රුසියාවේ කිසිවෙකුගේ පුද්ගලික ආරක්ෂාව සහතික කළ නොහැකි බවත්, යාන් රචින්ස්කි සිය සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබිණි.

ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කරමින් නොබෙල් කමිටුව පැවසුවේ අලුත් අපරාධ වැළැක්වීම සඳහා අතීත අපරාධවලට මුහුණ දීම අත්‍යවශ්‍ය වේ යන අදහස මත ස්මාරකය ආරම්භ කරන ලද බවයි.

කෙසේ නමුත් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සහ රට තුළ සිදුවී ඇතැයි කියන රුසියානු යුද අපරාධ විමර්ශනය කිරීම සඳහා සිවිල් නිදහස සඳහා වූ මධ්‍යස්ථානය වෙනුවෙන් නොබෙල් සම්මාන ලබාගනු ලැබූ මැට්විචුක් මහත්මිය රුසියානු නොබෙල් ත්‍යාගලාභියා සමඟ සම්මඛ සාකච්ඡා පැවැත්වීම පවා ප්‍රතික්ෂප කර තිබිණි. ඇය ඒ වෙනුවෙන් පවසා තිබුණේ අප වෙන වෙනම සාකච්ඡා කරනමුත් එකම පණිවුඩය බෙදා හරින බවයි.

සිය සම්මුඛ සාකච්ඡාව තුළ මැට්විචුක් මහත්මිය ප්‍රකාශ කර තිබුණේ රුසියානු අපරාධ සම්බන්ධයෙන් නිසි ගණන් බැලීමකින් තොරව නැගෙනහිර යුරෝපයට සාමය උදා නොවන බවයි.

රුසියාව විසින් සිය භූ දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙවලමක් ලෙස යුද්ධය භාවිතා කරන බවටත්, ගැටුම ජය ගැනීම සඳහා යුද අපරාධ සිදු කරන බවටත් ඇය චෝදනා කළාය. යුධ අපරාධවලට ගොදුරු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට යුක්තිය ඉටු කිරීමට පවතින ක්‍රමය ප්‍රමාණවත් නොවන හෙයින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ අනෙකුත් රුසියානුවන් වගවීම සඳහා නව ජාත්‍යන්තර විනිශ්චය සභාවක අවශ්‍යතාවය ඇය දැඩිව මෙහිදී අවධාරණය කරනු ලැබීය.

තුන්වන නොබෙල් ජයග්‍රාහකයා වන බෙලාරුසියානු මානව හිමිකම් ආරක්ෂකයෙකු වන Ales Bialiatski පසුගිය වසරේ ජූලි මාසයේ සිට නඩු විභාගයකින් තොරව ඔහුගේ මව් රටේ සිරගතව සිටියි.

ඔහු බෙලරුසියාවේ ඒකාධිපති නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් වීදි විරෝධතා ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමට ප්‍රතිචාර වශයෙන් පිහිටුවන ලද රටේ වියාස්නා (වසන්ත) නමින් වන මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා වේ. ඔහු වෙනුවෙන් සම්මානය ලබාගත් ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර තිබුණේ සිය ස්වාමියා අතිශයින් නිර්භීත පුද්ගලයෙකු බවත්, ඔහු සිරගෙදරදී පවා මෙම සටන දිගටම කරගෙන යන බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි