×

සපත්තු සෙරෙප්පු සපුරා තහනම් වූ ඉන්දියාවේ පුංචි ගමක්

මෙය අන්දමන් දූපත නොවේ.


අන්දමන් .. දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයට කිලෝමීටර් 450ක් දුරින් පිහිටි ලංකාවටද ආසන්න පුංචි ගමකි. පවුල් 130ක් පමණ වෙසෙන මේ ගමෙහි වැසියන්ට සපත්තු හෝ සෙරෙප්පු පලදීම සපුරා තහනම් වෙයි. ගමට ඇතුළුවන ඕනෑඹ අයෙක් ගමට ඇතුල් විය යුත්තේ සිය පාවහන් ගලවා අතෙහි හෝ බෑගයක දමා ගැනීමෙන් අනතුරුවය.

අන්දමන් ගමෙහි වැසියන්ටනම් මෙය අලුත් දෙයක් නොව අතර සිය මූලු ජීවිත කාලයම සෙරෙප්පු සපත්තු නොදා ඔවුන් මේ ගමෙහි වාසය කරති. නව පරපුරේ දරු දැරියන්ටද එය එහෙමටම කණගාටු වන්නට කරුණක් නොවන්නේ ගමෙන් පිටට යන අවස්ථාවේදී ඔවුන්ට පාවහන් පැළදගෙන යා හැකි වීම හේතුවෙනි.
ගම පුරා ඇති කොහොඹ ගස් සියල්ලටම පාහේ පුද සත්කාර කරන මේ ගම් වැසියන් අතරේ ඉතා වයස් ගත අයෙක් මේ ගමට ඇතුළු වන තැනම සිටින්නේ ආරක්ෂක නිළධාරියෙකු මෙනි කවුරුන්හෝ ගමට පාවහන් සමග ඇතුලු වනවාදැයි ඔහුට දැක ගත හැකිය.
ගමේ සිට පාසැල් යන දරු දැරියන් මෙන්ම රාජකාරී සදහා ගමෙන් ඉවතට යන පිරිස අතෙහිද අනිවාර්යෙන්ම දැක ගත හැකි අංගය වන්නේ සිය පාවහන් යුවලයි. ගමෙන් පිටතට යාන සෑම දෙනෙක් අතම බෑගයක් වතුරබෝතලයක් මෙන් මෙවැනි පාවහන් දැක ගත හැකිවීම අන්දමන් යන කාටත් දැකිය හැකි සුළබ දසුනකි.
කිසිවකුට පාවහන් නොපළදින්නැයි නීතියක් නැතත් ගමේ සියල්ලන්ම එය කරන්නේ ප රාණ ආගමික චාරිතුයක් ලෙසිනි. මට හිතෙනවා මම පාවහන් පැලදුවොත් එය මගේ ගම් වැසියන්ට කරන නින්දාවක් කියා. එසේ පවසන්නේ එක් තරුණයෙකි.


ඔවුන්ට අනුව ඔවුන් මෙවැනි චාරිත්‍රයකට හුරු වී ඇත්තේ සාම්ප්‍රදායික විශ්වාසයකට අනුවයි. ඔවුන් විශ්වාස කරන්නේ මුත්‍යමාලම්මා නැමති දෙවු දුව විසින් සිය නගරය ආරක්ෂා කරන බවත් ඇයට උපහාරයක් ලෙස තමන් මෙසේ කළ යුත් බවත්ය.

අන්දමන්හී සිට පිටව ගොස් වසර ගණණාවක් තිස්සේ පිට රටවල වාසය කරන පිරිස් මෙන්ම ව්‍යාපාරිකයන්ද කිහිපදෙනෙක්ම සිටී. නමුත් ඔවුන් පෙරළා ගමට එන විට කිසි දිනක සිය පාවහන් ගලවන්නට අමතක කරන්නේ නැත.


තමන් අදහන දෙවගන වෙනුවෙන් ඔවුන් ගමෙහි සෑම වසරකම අති විශාල උත්සවයක්ද පවත්වන්නේය එහිදී කරන්නේ මුත්‍යාලම්මා ගේ දේවරූපයක් කොහෝඹ ගසක් යට තබා පුද සත්කාර කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි