×

කළු මිනිසෙක් සහ සුදු මිනිසෙක් ඇමරිකාව තරණය කළ කථාවක් ” Green Book”

google maps, face book නැති වර්ණ බේදවාදය තිබූ අවධියක සුදු ජාතික රියැදුරෙක් සහ කළු ජාතික ස්වාමියෙක් උතුරේ සිට දකුණට ගිය ඇමරිකානු සංචාරයක්.


පසුගියදා පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොදම සංගීතමය සහ ප්‍රහසන චිත්‍රපටය ලෙස ද ග්‍රීන් බුක් චිත්‍රපටයට සම්මාන හිමි වූ අතර එහි ප්‍රධාන චරිතය රගපෑ මහෙර්ෂලා අලීට එම අංශයේ හොදම නළුවා සම්මානයද හිමි විය. තිරගත කළ පළමු සතියේදී පමණක් එහි ආදායම ඇමරිකානු ඩොලර් 312,000 විය. සත්‍ය කථාවක් ඇසුරින් පීටර් ෆරේලී විසින් අධ්‍යක්ෂණය කළ  එම චිත්‍රපටය පිළිබදවයි මේ.

L to R: Viggo Mortensen and Mahershala Ali in GREEN BOOK

වර්ණය , ස්ත්‍රි පුරුෂ භාවය, දේශ පාලන පක්ෂ , ආගම , ඇති නැති පරතරය, මේ සියල්ලක් ම මත අදටත් එක් අයෙක් අතින් තවකෙක් පීඩාවට පත් වන්නේය. අද ඇතැම් රටවල් විසින් මෙම පසුබිම වෙනස් කිරීමට පියවර ගනිමින් සිටියද තවමත් මේ හේතූන් මත පීඩා විඳින්නන් අපමණය.

1956 යනු ලෝකයේ සුදු මිනිසුන් විසින් කළු මිනිසුන්ව පාගා සිටි කළු මිනිසුන් නැගිට ගන්නට බැරි අයුරින් පීඩනයට පත්ව සිටි දීර්ඝ කාල වකවානුවේ එක් අවුරුද්දකි. නැට් කින්ග් කෝල් එවකට සිටි අග්‍ර ගන්‍යම පියානෝ වාදකයා විය. තම උපන් නගරය ඇලබාමාහී දී සුදු ජාතිකයන් වෙනුවෙන් ගීත ගායනය සඳහා ඔවුන් එන තෙක් මඟ බලා සිටියේය. සුද ජාතිකයන් 4000කින් පමණ සමන්විත ප්‍රේක්ෂකාගාරයක සිය හඩ අවදි කර ඔවුන් පිනවීම ඔහුට නියම වී තිබිණි. නමුත් ඔහු ඇමරිකාවේ සුදු ජාතිකයන්ගේ විමුක්තිය සොයමින් සිටින්නන් පිරිසක් අතින් අමානුෂික ලෙස පහර දීමට ලක් විය. මෙම පිරිස අදටත් ඇමරිකාවේ සුදු ජාතීන්ගේ වෙනුවෙන් පෙනී සිටින කේ කේ කේ හෙවත් Ku Klux Klan සාමාජිකයන් විසින් සිදු කළ බවට කියැවේ. කැට් කින්ග් ගේ ගායනයන්ගෙන් සමන්විත වාදන තැටි මිලියන ගණණක් විකිණි ඇති අතර ඇමරිකානු වැඩ සටහන් බෙහෝමයක් සඳහා අනුග්‍රහය දැක්වී එකම කළු ජාතිකයාද ඔහු විය. නමුත් වර්ණ භේදය මත ඔහුට පහර දෙන විට ඒ ඔහු කළ කි දෑ කිසිවක් වැදගත් නොවීය.
පහර කෑ පසු ඔහු පැවසුවේ.. මම මෙහි පැමිණියේ ඔබව පිනවීමට පමණී.. මම ඔබට අවශ්‍යයි කියා සිතුවෙ එයයි…

ඔහුට පසුව හරියටම වසර 6කට පසු තවත් කළු ජාතිකයෙන් එවැනිම පසුබිමක එරට හොඳ පියානෝ වාදකයා ලෙස සු ජාතික ඇමරිකානු සවන් වශී කර ගන්නට සමත් වන්නේය . ඒ ආචාර්ය දොන් ෂර්ලිය.

ග්‍රීන් බුක් චිත්‍රපටයේ කථාව ඔහුගේ ජීවිත කථාවයි. ද ග්‍රීන් බුක් 2018 වර්ෂයේ නිෂ්පාදිත ආචාර්ය දොන් ෂර්ලි කිට් කින්ග් ජීවත් වූ දකුණු ඇමරිකාව එහි සුදු ජාතිකයන් වෙත බලා සිය පියානෝ වාදනය සඳහා සිදු කළ සංචාරය ගැන කියැවෙන දිත්‍රපටයයි. ඔහු එහි යන්නේ තනිවම නොවේ. කළු ජාතිකයන් සමාජය විසින් කොන් කරනු ලැබූ යුගයක් වුවද පියානෝ වාදනයෙහි තිබූ දක්ෂ බව නිසාම ඉතා පොහොසතකු වූ දොන් ෂර්ලි තමන් සමග දකුණු ඇමරිකාව වෙත සංචාරය කිරීමට රියැදුරු වශයෙක් බඳවා ගන්නේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ ආරක්ෂ නිළධාරියෙක් හෙවත් බවුන්සර් කෙනෙක් . රියැදුරු පමණක් නොව තම පෞද්ගලික ආරක්ෂකයා ලෙසද දොන් ෂර්ලිට සේවය කරන්නට සිදු වූ මෙම සුදු ජාතිකයා ඉතාලියානු ඇමරිකානුවෙකු වන ටොනී වැලෙලොන්ගා ය.

සමාජය විසින් දැඩි ලෙස කළු ජාතිකයන් ප්‍රතික්ෂේප කරමින් තිබූ යුගයක් කළු ජාතික පියානෝ වාදකයෙක් තවත් එවැනිම පියානෝ වාදකයෙක් මරා දැමූ දකුණු ඇමරිකාව වෙත සුදු ජාතික රියැදුරෙකු සහ යන ගමන ග්‍රීන් බුක් චිත්‍ර පටයෙහි කථා සාරාංශය වන්නේය.

ආචාර්ය දොන් ෂර්ලි පියානෝව ඉගෙන ගැනීම ආරම්භ කරන්නේ හරියටම ඔහුට වයස අවුරුදු 2ක් විටයි. වයස අවුරුදු 18දී සිය ප්‍රථම ප්‍රසංගය ප්‍රේක්ෂකයන් විශාල සංඛ්‍යවක් වෙනුවෙන් පැවැත්වූ ඔහුගේ වාදනයට පෙර ඔහුගේ කළමනාකරු විසින් ඔහුට පවසන්නේ ”ඇමරිකානු ප්‍රේක්ෂකයන් කළු ජාතික පියානෝ වාදකයන් අනුමත නොකරන බවයි. එසේ නමුත් ඔු සිය වාදනය අත් හලේ නැත ඒ නිසාම ඔහු ගෞරව උපාධි දෙකකින් පිදුම් ලැබූ අතර ඇමරිකාවේ පෙහෝසතුන් වෙසෙන නිවාස සංකීරණයක හිමිකරුවෙක්ද විය

දෙන් ෂර්ලිද කැටුව ඔහුගේ රියැදුරා සහ ආරක්ෂකයා ලෙස දකුණු ඇමරිකාව දක්වා යන ගමන ආරම්භයේදීම ඔහුට දොන් ෂර්ලිගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් විසින් Green Book නැමති පොතක් ලබා දෙන්නේය. එහි ඇත්තේ එවකට කළු ජාතිකයන් ප්‍රතික්ෂේප වූ ඇමරිකාවේ කළු ජාතිකයන්ටද නවාතැන් ගත හැකි හෝටල් වල නාම ලේඛනයකි. සංචාරය පුරාම මේ දෙදෙනාටම මේ පොත වැදගත් වන්නේ රියැදුරු වූ ෆ්‍රෑන්ක් වැලෙලොන්ගා හට ඇමරිකාවේ ඔුනෑම සුඛෝපභොගී නවෑතැනක නවෑථැන් ගැනීමට හැකි වූවද ස්වාමියා වූ දොන් ෂර්ලිට නවා තැන් ගත හැක්කේ තොරා ගත් අඩු පහසුකම් ඇති නවාතැන් වල පමණය.
චිත්‍රපටය පුරාම එවකට ඇමරිකාව තුළ ධනය බලය හැකියාව කුමක් පැවතුනදවර්ණ භේදය කළු මිනිසා කෙතරම් පීඩනයට පත් වූවාදැයි යන්න ඉස්මත් කරයි. ඔහුගේ පියානෝ වාදනයන්ට සවන් දෙන්නට ප්‍රධාන පෙළේ හෝටල් වලට එන සුදු ජාතිකයන් පිනවන දොන් ෂර්ලිට එහිදී ආහාර ගන්නට සිදු වන්නේ මෙන්ම ඔහුට නැවතී සිටින්නට සිදු වන්නේද පහත් මට්ටමේ කාමරයක නැත්නම් කොහේ හෝ අපිරිසිදු හිස් ඉඩකය.

කෙසේ වෙතත් ඔහුගේ රියැදුරු ෆ්‍රෑන්ක් වැලෙලන්ගාට මේ කිසිවක් අදාල නොවේ. ඔහු සිතන්නේ ඔහුගේ රාජකාරිය පිළිබදව මෙන්ම නිදහස් මිනිසෙකුය ජාතිය හෝ වෙනත් කිසිම භේදයක් අදාල නොවන බවයි වටෙක් ඔවුන් ගමන් ගන්නා වාහනය දෙස සුද් ජාතිකයන් බලා සිටින්නේ අරුම පුදුම දෙයක් දුටු විලසිනි මන්ද එදා සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුගේ රියැදුරු ලෙස සේවය කිරීම අදහා ගත නොහැකි දෙයක් වූ බැවිනි. එසේ පුදුමයෙන් බලා සිටින්නන් දුටු විට වැලලෙන්ගා කරන්නේ සිය මැද ඇගිල්ල උස්සමින් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම පමණි.

දිනෙක දොන් ෂර්ලි තවත් සුදු ජාතික සමරිසියෙක් හා ලිංගිකව හැසිරීම නිසා පොලීසිය විසින් ඔහුට පහර දෙන්නේය ඔහුව අත්අඩංගුවට ගන්නට යන විට ඔහුගේ රියදුරු ෆ්‍රෑන්ක් වැලෙලන්ගා පොලිස් නිළධාරීන් දෙදෙනාට අල්ලසක්ද දී ඔහුව බේරා ගන්නා අතර ඉන් පසුවද කිසිදු ලෙසකින් සිදු වූ දෙය පිළිබදව සිය ස්වාමියාගෙන් කිසිවක් නොඅසන්නේය. ඒ පිළිබදව ඔහුට කිසිදු අයුරක දෝෂාරේපණයක් නොනගන්නේය.

ගමන ආරම්භයේදීම ෆ්‍රෑන්ක් සිය බිරිදට පෙරෝන්දු වන්නේ නත්තල් දිනය වන විට තමන් ඔවුන් බැලීමට පෙරළා නිවසට එන බවයි. ඒ අතර තුර කාලයේදී සිය ස්වාමියාගේද සහයෝගය ඇතුව ෆ්‍රෑන්ක් සිය බිරිදට සුන්දර ලිපි ලියා යවන්නේය. ඒවා බොහෝ ඇදරණීය ලිපි වීම ඇයටද අදහා ගත නොහැකි වන්නේය.

සංචාරය අවසන් කිරීම සදහා අවසන් ප්‍රසංගය ඇලබාමා හී බර්මින්හෑම් හී ප්‍රධාන පෙලේ හෝටලයක පවත්වන්නට නියමිතව තිබිණිත දොන් ෂර්ලි සිය වාදනය සිදු කිරීම සදහා ෆ්‍රෑන්ක්ද සමග එහි යන විට එහි ඔහුගේ වාදනයන් ඇසීමට අමරිකානු සුපිරි පැළැන්තියේ සාමාජිකයින් පැමිණ සිටින්නේය. ප්‍රසංගයට පෙර ආහාර ගැනීමට යන විට සුදු ජාතිකයින් සිටින තැනට ආහාර ගැනීමට නොඑන ලෙස හෝටල් කාර්ය මණ්ඩලය විසින් දොන් ෂර්ලිට පවසයි. නමුත් දොන් ෂර්ලි පවසන්නේ තමන්ට වෙනම තැනක ආරා ගත නොහැති බවත් එසේ වුවහෝත් තමන් ප්‍රසංගය නොකරන බවත්ය. ඒ කෙසේ වෙතත් ඔහුට ප්‍රධාන භොජනාගාරයේ දී අන් අය හා ආහාර ගැනීමට නොහැකි වෙයි. ඒ නිසිවෙන්ම ෆ්‍රෑන්ක් ගේද මැදිහත් වීම ඇතිව දොන් ෂර්ලි ප්‍රසංගය නොපවත්වා ඉන් පිටතට පැමිණ නිවස දක්වා ගමණ ආරම්භ කරයි. ඒ එන අතර මග දොන් ෂර්ලිගේ ජීවිතයේ කිසිදාක නොවූ දෙයක් සිදු වෙයි. ඒ තමන් නියෝජනය කරන කළු ජාතිකයින් වෙනුවෙන් පියානෝව වාදනය කරන්නට දොන් ෂර්ලිට හැකිවීමයි. මින් පෙර හුදෙකලා ජීවිතයක් ගත කළ දොන් ෂර්ලි ගත වාදනය කර තිබුණේ මුදල් ඇති සුදු ජාතික ඉහළ පැළැන්තියට පමණි. අතර මග කළු ජාතිකයින් පැමිණේන අවන්හලකදී දොන් ෂර්ලි කළු ජාතිකයින් වෙනුවෙන් පියානෝව වාදනය කර සතුට බෙදා ගනීත එහිදී ඔහුට බොහෝ දේ වැටහෙන්නට මෙන්ම ඉතා විවෘතව හා නිදහසේ වාදනය කරන්නට අවස්ථාව හිමිවේ.

ඔවුන් සිය නිවෙස් බලා ගමන ආරම්භ කරන්නේ ඉන් පසුවයි. වෙහෙස නිසා අතරමගදී ෆ්‍රෑන්ක් ට කාරය පදවන්නට අපහසු වීමත් සමග ස්වාමියා වූ දොන් ෂර්ලි කාරය පදවයි. ඔහු ෆ්‍රෑන්ක් බිරිදට පොරොන්දු වූ පරිදි ඔහුව නත්තල් දින රාත්‍රියේදී නිවසට ඇරලවයි. එපමණක්ද නොව සිය නිවෙසට පැමිණ නැවතත් ඔහු ෆ්‍රෑන්ක් වැලෙලන්ගාගේ නිවසට යයි. ඔහු සිය පවුලේ සුදු ජාතිකයන්ට මේ මගේ ස්වාමියා යැයි කළු ජාතික දොන් ෂර්ලිව හදුන්වා දෙයි. නමුත් ෆ්‍රෑන්ක්ගේ බිරිදත් පවුලේ අයත් ඔහුව ඉතා සෙනෙහසින් පිළිගනී.

අදටද ශ්‍රි ලංකාවේ මෙන්ම තුන්වන ලෝකයේ රටවල් නඩත්තු කරමින් සිටි ඇතැම් ගෝත්‍රික සමාජ සාධකයන් එදා ඇමරිකාවේ වර්ණ භේද වාදය තුළද පැවතී ඇති බව මෙම චිත්‍ර පටයෙන් මොනවට පැහැදිලි වේ. එමෙන්ම අදටද දොන් ෂර්ලිලා මෙන්ම ෆ්‍රෑන්ක් වැලෙලන්ගලා වැනි මිනිසුන් එදා මෙන්ම අපගේ තුන්වන ලෝකයේ මනස තුල දිගෑදෙමින් පවතී. නමුත් ගැටළුව වන්නේ ඉන් මිදීමේ පසුබිම අපගේ දේශපාලන තන්ත්‍රයන් විසින් දියුණු රටවල් මෙන් අපගේ සමාජය තුළට අනුගත වන්නට ඉඩ නොදීමය. විශේෂයෙන්ම ඇති නැති පරතරය නඩත්තු කිරීමේ ප්‍රධාන බලවේගය බවට දේශපාලකය් පත්ව සිටීමය.

සත්‍ය කථාවක් රැගත් මෙම චිත්‍රපටයේ දොන් ෂර්ලි කළු ජාතික පියානෝ වාදකයා ලෙස රගපාන්නේ මාර්ෂේලා අලීය. වෙලෙලොන්ගා ලෙස රගපාන්නේ විගෝ මොටෙන්සන් විසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි