×

කංසා අවදානම් රහිත මත්ද්‍රව්‍යයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

කංසාවල ඖෂධීය ගුණය පිළිගනිමින් එය අනතුරුදායක බවෙන් අඩු මත්ද්‍රව්‍යයක් බවට නැවත වර්ගීකරණය කරන්නට එක්සත් ජාතින් ගේ සංවිධානය සැරසෙයි.


මෙමගින් එම මත් ද්‍රව්‍යයේ සුව කිරීමේ හැකියාව එනම් ඖෂධීය ගුණය ජාත්‍යන්තර වශයෙන් වැඩි දියුණු කරන්නට මග සලසනු ඇත.

27ට 25ක් ලෙස වූ වියානාවේ පිහිටි මත්ද්‍රව්‍ය සදහා වන එක්සත් ජාතීන් ගේ කොමිසම මේ තීරණයට පදනම් වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ දෙනු ලැබූ අනුමැතීන් ය.

මේ තීරණයට අනුව කංසා සහ කංසා රෙසින් 1961 මත්ද්‍රව්‍ය සදහා වන තනි සම්මුතියේ සිව්වැනි උපලේඛනයෙන් ඉවත් කරනු ඇත. මේ උපලේඛනයේ හෙරොයින් වැනි දැඩි අනතුරුදායක මත්ද්‍රව්‍ය සදහන් වන බව කියැවේ.

කෙසේවෙතත්, මේ ඡන්ද ප්‍රකාශ කිරීම නිසා කංසා හෝ ඒ සම්බන්ධ නිෂ්පාදන දැඩි ජාත්‍යන්තර පාලක අවශ්‍ය මත්ද්‍රව්‍ය අන්තර්ගත ලැයිස්තුවෙන් ඉවත් නො කරයි.

මේ පියවර ගැනීමට ඡන්දය ප්‍රකාශ කළ රටවල් අතර එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් රාජධානිය වන අතර රුසියාව, චීනය, බ්‍රසීලය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මේ නැවත වර්ගීකරණයට සහය පළ කළ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු ප්‍රදේශයේ එක ම රට මොරොක්කෝව වේ.

1961 සම්මුතිය පිහිටවනු ලැබුවේ මත්ද්‍රව්‍ය අයථා ලෙස භාවිතය දෙයාකාරයක මැදිහත්වීම්වලින් නවතාලන්නට ජාත්‍යන්තරය ඒකරාශී කරන්නට ය. ප්‍රථම මැදිහත්වීම මත්ද්‍රව්‍ය භාවිතය, ළඟ තබා ගැනීම, විකිණීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් සීමා ඇති කරන අතර දෙවැන්න මත්ද්‍රව්‍ය වෙළෙන්දන් අල්ලා ගැනීමට සහ අධෛර්‍යයට පත් කිරීමට කටයුතු කරයි.

එක්සත් ජාතීන් ගේ පද්ධතියට අනුව ද්‍රව්‍ය වර්ග 250ක් ඒවා යේ සෞඛ්‍ය අවදානම්, අනතුරු, ඇබ්බැහිවීමේ ප්‍රවණතාව, සහ ඖෂධීය වටිනාකමට අනුව උපලේඛන හතරකට අනුව වර්ග කර තිබේ. කංසා වර්ගීකරණය කර තිබූ සිව්වැනි උපලේඛනය වඩාත් ම දරුණු මත්ද්‍රව්‍ය සදහා වූවකි.

මේ අනුව කංසා අනතුරුදායක බවෙන් අඩු මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කිරීම එහි ඖෂධීය ගුණය හඳුනා ගන්නට දොරටු විවර කරනු ඇති බවට එක්සත් ජාතීන් ගේ සංවිධානය කියා සිටියි.

main photo: AARP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි