ගාසා මේ වන විට දැවැන්ත ආහාර හිඩැසකට සහ පුලුල් සාගින්නකට මුහුනපා සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) විධායක අධ්‍යක්ෂිකා සින්ඩි මැකේන් ඊයේ(16)දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ.
එහි වැඩිදුරටත් සඳහන් වුයේ, ගාසා තීරයේ ආහාර සහ ජල සැපයුම් ප්‍රායෝගිකව නොපවතින බවත්, ශීත ඍතුවේ ශීඝ්‍රයෙන් ළඟා වීම හේතුවෙන් අනාරක්ෂිත සහ ජනාකීර්ණ නිවාස සහ පිරිසිදු ජලය නොමැතිකම නිසා සිවිල් වැසියන් සාගින්නෙන් පෙළීමේ ක්ෂණික හැකියාවට මුහුණ දී සිටින හෙයින් ඔවුන් වෙත ආධාර රැගෙන යාමට මානුෂික හරස් මාර්ගයක් විවෘත කිරීම අත්‍යවශ්‍ය වන බවත්ය.
ඔක්තෝබර් 7 වැනිදා හමාස්ගේ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය යුද්ධයට ගිය දා සිට ගාසා තීරයේ 11,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර මියගිය අයගෙන් 4,707 ක් ළමුන් සහ බාලවයස්කරුවන් වන අතර 3,155 ක් කාන්තාවන් වන බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ගේ සංඛ්‍යාලේඛනවල සඳහන් කෙරේ. හමාස් තුවක්කුකරුවන් දේශසීමා හරහා කඩා වැදී ඊශ්‍රායල ප්‍රජාවන්ට සහ හමුදා කඳවුරුවලට පහර දුන් විට 1,200 ක් පමණ මිය ගිය අතර 240 ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත ආපසු ගෙන යන ලදී.
අතුරුදහන් වූවන්ගෙන් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇති අතර, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබුණේ, අවම සිවිල් ජීවිත හානි සහිතව ගාසා තීරයේ හමාස් විනාශ කිරීමේ වැඩ අවසන් කිරීමට ඊශ්‍රායලය උත්සාහ කරනමුත් එය සම්පුර්ණයෙන්ම සර්ථක නොවන බවයි.
සශිකලා මධුෂාණි