×

ද වෝන්ටඩ් තරු ටොම් පාකර් දැයෙන් සමුගනී!

ජනප්‍රිය බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් වන ද වෝන්ටඩ් හි සාමාජික ටොම් පාර්කර් මිය ගොස් තිබේ.


33 හැවිරිදි ටොම් කලක පටන් මස්තිශ්ක පිළිකා තත්ත්වයකින් පෙළුනු පුද්ගලයෙකි. ඔහුගේ අභාවය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ද වෝන්ටඩ් සංගීත කණ්ඩායම සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.

ටොම් විවාහක වන අතර දියණියක් හා පුතකු සිටී.

ටොම් ට පැවති මස්තිශ්ක පිළිකාව සුවකළ නොහැකි හා සැත්කමකට භාජනය කිරීමට ද නොහැකි තත්ත්වයක් බව පැවසේ.

තමා මොළයේ පිළිකා තත්ත්වයකින් පෙළෙන බව ටොම් පළමු වරට හෙළි කරන ලද්දේ 2020 වර්ෂයේදී ය.

මේ වන විට ලොව නන්දෙස ද වෝන්ටඩ් හා ටොම් ගේ රසියකයන් සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන අන්දම සමාජ මාධ්‍ය වල දැකිය හැකිය.

ඡායාරූප: ගෙටී ඉමේජස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි